කොවිඩ්19 : වැඩිම ආසාදිතයින් ඇමරිකාවේ !

කොවිඩ්19 : වැඩිම ආසාදිතයින් ඇමරිකාවේ !

ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් අද(27) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව ඇමෙරිකාව විසින්  වාර්තා කරමින් සිටියි. 

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ඇමරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයින් 83 500ක් තහවුරු වී ඇති අතර චීනය රෝගීන් 81 782ක් සහ ඉතාලිය රෝගීන් 80,589ක් වාර්තා කළේය.

ඒ අනුව ඇමරිකාව චීනය සහ ඉතාලිය ද අභිබවා ගොස් තිබේ.කෙසේ වුවද ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනයට හා ඉතාලියට වඩා අඩු අගයක් ගන්නා අතර එය මරණ 1 200ක් ලෙස සඳහන් වෙයි.

ඉතාලිය මරණ 8 215ක් සහ චීනයෙන් මරණ 3 291ක් වාර්තා විය.

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරාම මේවනවිට කොරෝනා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පහසුකම් ලබාදී ඇති බවද, 552,000ක පමණ පිරිසක් වෛද්‍ය පරීක්ෂණ වලට යොමුකර ඇති බවද ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මාධ්‍ය වෙත පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න