කොරෝනා : පළමු ශ්‍රී ලාංකික මරණය - ස්විට්සර්ලන්තයෙන් වාර්තා වෙයි !

කොරෝනා : පළමු ශ්‍රී ලාංකික මරණය - ස්විට්සර්ලන්තයෙන් වාර්තා වෙයි !

ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාද‍නයෙන් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි.

යාපනයේ උපත ලද 59 නව හැවිරිදි ලෝගනාදන් සදාසිවම් නමැති මෙම පුද්ගලයා 25 අඟහරුවාදා මිය ගොස් ඇත්තේ රපෙස්වීල්-යෝනා නගරයේ ඔහු දිවි ගෙවු නිවසේදී බවත් වාර්තා වෙයි.

සදාසිවම් හට කොරෝනා රෝගය වැළඳී ඇති බවට 22 ඉරිදා තහවුරු කරගෙන ඇති අතර වෛද්‍ය උපදෙස් ලබා නිවසේ සිට නිරෝධායනය වන ලෙසට එරට සෞඛ්‍ය අංශ විසින් ඔහුට උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි.

සෙන්ගාලන් ප්‍රාන්ත රෝහලින් ඔහු ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු කරනු ලබන ආකාරය ගැන එම රෝහල මෙතෙක් උපදෙස් ලබා දී නැති බවත් මාධ්‍ය වාර්තා පවසයි.මේ අතර ඉතාලියේ විසු ලාංකිකයකු මියගිය බවට ලංකාවේ මාධ්‍ය පළ කරන ලද වාර්තා තහවුරුව නොමැති බවත් විදෙස් අමාත්‍යංශය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න