මිරුසුවිල් ඝාතකයා නිදහස් කිරීමට : එක්සත් ජාතීන්ගේ විරෝධය !

මිරුසුවිල් ඝාතකයා නිදහස් කිරීමට : එක්සත් ජාතීන්ගේ විරෝධය !

යුද සමයේ සිදුකරන ලද කෘරකම් සම්බන්ධයෙන් දඬුවම් ලද එකම අපරාධකරුටත් ජනාධිපතිවරයා විසින් සමාව දෙනු ලැබීමෙන් මානව  හිමිකම් කෙලෙසීම පිළිබඳව ශ්‍රී ලංකාව පවත්වාගෙන යන දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන “සීමිත ප්‍රගතිය” ට හානි පැමිණවීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය  කියා සිටියි.

පස් හැවිරිදි දරුවකු ඇතුළු දෙමළ අට දෙනකු මරා දැමීමේ මිරුසුවිල් ඝාතනය සාම්බන්ධයෙන් නඩු පවරන ලද හමුදා නිලධාරීන් පස් දෙනකු අතරින් දඬුවම් ලද එකම නිලධාරියා වූ ගජබා රෙජිමේන්තුවේ සුනිල් රත්නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිදහස් කර යැවීම “වින්දිතයන්ට කරන ලද නිග්‍රහයක්” ලෙස මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ආයතනය විසින් හෙලා දැක තිබේ.

“ජනාධිපති වරයා විසින් දෙන ලද සමාව වින්දිතයන්ට කරන ලද නිග්‍රහයක් මෙන්ම යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ වෙනත් බරපතල මානව හිමිකම් උල්ලංඝන වලට අර්ථ පූර්ණ වගඋත්තරකාරීත්වයක් සලසා දීම සඳහා වන ජාත්‍යන්තර මානව හිමිකම් වලට අදාළ වගකීම් සපුරා ලීමට ශ්‍රී ලංකාව දක්වන නොහැකියාව පිලිබඳ තවත් උදාහරණයකි,” යි මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක රූපට් කොල්විල් ජිනීවා නුවර සිට නිකුත් කළ දැඩි ස්වරයෙන් යුත් නිවේදනයක සඳහන් වේ.

“එවැනි කෙලෙසීම් හා අපරාධ සම්බන්ධයෙන් ප්‍රතිකර්මයක් ලබා ගැනීමේ අයිතියක් වින්දිතයන් සතුය. යුක්තිය සහ හානිපුරණය සමාන සහ පලදායී ලෙස සලසා ගැනීමේ අයිතිය මෙන්ම අපරාධකරුවන්ට ස්වකීය චර්යාවේ බරපතල කමට ගැලපෙන දඬුවමක් ලැබීමත් මීට ඇතුලත් වෙයි.”

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් නිවේදනයක්

Amnesty International отреагировала на приговор правозащитникам ...ජනපතිගේ තීරණය සමාජයට ලබා දෙන්නේ ඉතා කණගාටුදායක පණිවුඩයක්

මේ අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ, යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට, ජනාධිපති සමාව ලබාදීමට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය සමාජයට ලබා දෙන්නේ ඉතා කණගාටුදායක පණිවුඩයක් බවයි.

එම සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නේක් විසින් නිකුත්කළ නිවේදනයක් එබව සඳහන් වේ.

ඔහු පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් පිළිබඳව වගවීම ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව ය.

එබැවින්, මෙවැනි බැරෑරුම් අපරාධයකට නීතිය හමුවේ වරදකරු වූවෙකුට සමාව දීමෙන් කියවෙන්නේ, ඒ හා සමාන ඕනෑම වරදක් කළ අයෙකු නීතිය හමුවේ වරදකරු වුව ද ඔහුට සමාව ලැබෙන බවක් යැයි ක්ෂමා සංවිධානය පවසයි.

එම සංවිධානය සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින් ජනපතිවරණ සමයේ පැවසු ආකාරයට, මෙවැනි තීරණ ඉදිරියටත් ගැනීමේ හැකියාව පිළිබඳව, දැඩි අවධානය යොමුව ඇති බවය.

කොරොනා වෛරසය වැනි තත්ත්වයක් උපයෝගි කරගෙන මෙවැනි වරදකරුවෙකුට සමාව දීම, පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කර තිබේ.

වසර 2000දී සිදුවූ සමූහ ඝාතනයකට 2015 වසරේදී යුක්තිය ඉටු වුවත් අත්තනෝමතික විධායක තීරණයක් තුළින් යුක්තිය ආපසු හැරවීම නින්දාසහගත බව ද ක්ෂමා සංවිධාන නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න