Language Switcher

V2025

'කොරෝනා අස්සේ සමූහ ඝාතකයකු නිදහස් කිරීම හමුදාවට කළ අපහාසයක්' -මංගල

රටවල් එහි හමුදාවන්ගේ කීර්තිනාමය ආරක්ෂා කරන්නේ හමුදාව අපකීර්තියට පත් කරන්නන් හට දඬුවම් කිරීමෙන් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ අට දෙනකුගේ සමූහ ඝාතනයට එල්ලුම් ගසට නියම වී සිටී ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ නිදහස් කර යැවීමට ජනාධිපතිවරයා ඊයේ (26) දිනයේ ගනු ලැබූ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මංගල සමරවීර විසින් නිකුත්කළ 'ට්විටර්' පණිවිඩයක එබව සඳහන් වේ.

එම ටිවිටර් පණිවිඩයේ මෙසේ දැක්වේ.

''රටවල් එහි හමුදාවන්ගේ කීර්තිනාමය ආරක්ෂා කරන්නේ හමුදාව අපකීර්තියට පත් කරන්නන් හට දඬුවම් කිරීමෙනි. 70 දශකයේදී රූ රැජිනක් ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි. අද, ළදරුවෙකු ඇතුලු තවත් හත් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ  මිනී මරුවෙකුට ජනාධිපති සමාව ලබා දෙන ලදී.

අහෝ ශ්‍රී ලංකාව!  

Mangala TW

මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති සමාජ ක්‍රියාකාරිනියක වන නීතිඥ ජීවනි කාරියවසම් මෙසේ සඳහන් කර තිබේ.

''රණවිරුවා සහ යුධ අපරාධකරුවා වෙන් කරලා ශ්‍රී ලංකාවේ රාජ්‍ය හමුදාව යුධ අපරාධ වලින් ගලවන්න ජිනීවා ගිහින් හොදම ගැටේ ගැහුවේ #මංගල. රාජපක්ෂලා කරන්නේ ලංකාවේ රාජ්‍ය හමුදාව ලොකු උගුලකට හසු කිරීමක් සහ මේ යුධ අපරාධ කරණාව වවාගෙන කෑමක්.ඒක තුළින් ම මෝඩ ගොං වහල් ජාතිවාදී ජනතාවක් නඩත්තු කිරීමක්.

 ඔඩොක්කුවේ ඉන්න දරුවා වගේම දරුවෙක් ....

මිරුසුවිල් සමූහ ඝාතනය සිදු කිරීමේ වරදට අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කොට සිටි මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව ලැබ නිවසට ගිය අවස්ථාවේදී ඔහුගේ දියණිය වහා සිය පියාගේ ඔඩොක්කුවට පැන සිනා සෙමින් සුරතල් වන ආකාරය දැක්වෙන සංවේදී ජායරුපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණ.

ඛේදවාචකය වන්නේ ඔහු විසින් කපා කොටා ඝාතනය කරන ලැබුවන් අතර එවැනිම වයසේ දරුවකුද සිටීමය.

90705073 2733373520094866 1281817866911350784 n

මිනිස්සු හාමතින් බයේ ඉන්න අස්සෙ තව කොච්චර වැඩ වෙයිද ? -කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

මේ අතර සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරිය පවසන්නේ, මිනිස්සු හාමතින් බයේ ඉන්න අස්සෙ තව කොච්චර වැඩ කරන්න පුලුවන්ද? කියාය.

Uvindu Kurukulasuriya ගේ සටහනේ මෙසේද සඳහන් වේ.

මල්ලිව දානව ආධාර බෙදන බලකායෙ ලොක්ක කරල.
තමන්ට උදවුකරපු යාලුවන්ගෙ පාඩු ලබන හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන දාන්න කියල අරන් රජයේ වියදමින් නඩත්තු කරන්න හදනව.
සුලු වැරදි/දඩ ගෙවා ගන්න බැරි අයව නිදහස් කරල හිරගෙදර ඉන්න ප්‍රමාණය අඩුකරන්න
රෝගය පැතිරීම වලක්වන්න කියල ඉල්ලීම් කරන කොට, ඒ අයට වෙඩි තියල,
තනිකරල ඉන්න මරණ දඬුවම නියම වෙච්ච, පොඩි දරුවෙක් පවා කපල මරපු
මිනීමරුවෙක්ව නිදහස් කරනව
කොරෝනා පරදවන්න රටම එකට වැඩකරමු කියල,
තවතව ඒව ඉස්සරහට එයි......''

සබැඳි පුවත් :

සුළු වැරදිකරුවන් නිදහස් කිරීම වෙනුවට : ජනාධිපති සමූහ ඝාතකයකු නිදහස් කරලා !

 සුනිල් රත්නායක නිදහස්වීම ගැන - කන්නගේ අදහස !