කොරෝනා: කොළඹ අවධානමේ : සියළු උත්සාහයන් වතුරේ ගියා - ඉහළ සෞඛ්‍ය බලධාරින් !

කොරෝනා: කොළඹ අවධානමේ : සියළු උත්සාහයන් වතුරේ ගියා - ඉහළ සෞඛ්‍ය බලධාරින් !

කොරෝනා ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් 106 දෙනාගෙන් හතරදෙනෙකුට එය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ පවසයි.

ආසාදිතයන් 102කට එය ආසාදනය වී ඇත්තේ විදේශයන්ගෙන් මෙරටට පැමිණි ආසාදිතයන් සමීපව ඇසුරු කිරීමෙන් බව හෙළි වී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මෙම වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වන්නේ නම් එය ඉදිරි දින 05-08 අතර කාලයක දී සිදුවුණු ඇති බව ද මහාචාර්යවරයා කියා සිටියි.

''සියළු ක්‍රියාමාර්ග වතුරේ ගියා'' - වෛද්‍ය අනිල් ජාසිංහ

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ, කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දින ගණනාවක් කළ කැප කිරීම් සියල්ල අවුල් වූ බවයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී මෙතෙක් ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පරිදි මාර්ගවල වාහන විශාල ලෙස ඊයේ දිනයේ ධාවනය වූ බවත් ජනතාව ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකර සුපුරුදු පරිදි මාර්ගවලට පැමිණි සිටි බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය 19 දා සිට කලාප වශයෙන් ඇඳ රටපුරා ඇදිරි නීතිය පනවා මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට බලධාරීන් ගත් ක්‍රියාමාර්ග ඊයේ පෙරවරුවේ අවුල් වූ තත්ත්වයක් දක්නට ලැබුණු බවද ඔහු පැවසුවේය.

පොලිස් ඇඳිරි නීතිය එකේ පණවා ඇති මොහොතක ජනතාව සාමාන්‍ය නිවාඩු දිනයක මෙන් නිදහසේ මහ මග සැරිසරමින් කටයුතු කළේ කෙසේ දැයි යන්න පිළිබඳව සිතාගැනීමටත් නොහැකි බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

''කොරෝනා ආසාදිතයෙක් කොළඹ පුරා ඇවිදලා''

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු කොළඹ නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇති බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි.

අසූ පස් හැවිරිදි එම පුද්ගලයා කොළඹ නගරයේ රෝහල් ඇතුළු විවිධ ස්ථානවලට ගොස් ඇතැයි ද ඇය කියා සිටියාය.

කොරෝනා ආසාදිත යයි හෙලිවීමෙන් පසු ඔහු රෝහල් ගත කල බවද ඇය පැවසුවාය.

ආසාදිතයින් 08 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල:

Two COVID-19 infected patients in ICU at IDH

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් රෝගීන් 07 දෙනෙකු ජාතික බෝ වන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හදුනාගෙන ඇති නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 106 කි. ඒ අතරින් පුද්ගලයින් 07 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

වෛරසය ආසාදිත බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 238 කි.

නිරෝධායනය වු තවත් 300ක් නිවෙස් වෙත:

මේ අතර විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාසිටි තවත් පුද්ගලයින් 300 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.

දින 14ක නිරෝධායන කාලයකින් පසු ඔවුන් මෙලෙස නිවෙස් වෙතපිටත් කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න