දිළිඳු ජනතාව වෙනුවෙන් සජිත්ගෙන් මානුෂවාදී ඉල්ලීමක් !

දිළිඳු ජනතාව වෙනුවෙන් සජිත්ගෙන් මානුෂවාදී  ඉල්ලීමක් !

දින ගණනාවක් තිස්සේ ඇඳිරි නීතියට කොටුවී සිටින මෙරට අති බහුතරයක් ජනතාව අත මේවනවිට මුදල් හදල් නොමැති බැවින්,  එවැනි පවුල්වලට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් නොමිලේ ලබාදීමට කටයුතු කරන්නැයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි.

නැතහොත් අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා එවැනි පවුල් වලට කිසියම් මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු තවදුරටත් රජයට පවසයි.

ඔහු රජයෙන් මෙම ඉල්ලිමක සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමිනි.

එදිනෙදා වැඩක් පලක් කර දෛනිකව කියක් හරි සොයාගත් දහස් සංඛ්‍යත ජනතාවට මෙන්ම දස දහසකට වැඩි ත්‍රීවිල් සේවකයින් වැනි විවිධ ක්ෂේත්‍ර වල ජනතාවට සහන සැලසීමේදී පවතින නීති රෙගුලාසි බාධාවක් කර නොගෙන ඔවුනට සහන සලසන්නැයි ද ඔහු රජයේ බලධාරීන් ගෙන් ඉල්ලා සිටියි.

සමෘද්ධි ලාභීන්ට ණය මුදලක් ලබා ගැනීමට පවතින කොන්දේසි ලිහිල් කිරීමේ වැදගත්කම පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස, එවැනි දුගී දුප්පත් ජනතාවට වහාම සැලසීමේ අවශ්‍යතාවය අවධාරණය කර සිටියි.

''කොරොනා මර්ධනයට කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහය දෙනවා"

කොරෝනා මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අංශයත්, ආරක්ෂක අංශයත්, අනෙකුත් රාජ්‍ය නිලධාරීන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සිදුකරන කැපවීම ඉහලින්ම ඇගයීමට ලක්කරන හිටපු විපක්ෂනයකවරයා, ඔවුන් සියලු දෙනාට සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතු බවද කියා සිටියි.

කොරෝනා හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ තවදුරටත් කඩිනම් කිරීම සඳහා ඇමරිකානු තාක්ෂනය යොදාගැනීමට එරට බලධාරීන් සමග නොපමාව සාකච්ජා පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස, කොරෝන පරීක්ෂණවලට අදාල වෛද්‍ය උපකරණ හා සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාවට අදාළ උපකරණ සපයාදීමට මැදිහත්වන බවද කියා සිටියි.

කොරෝනා මර්ධනය කිරීමට රජය ගන්නා සියලුම ක්‍රියාමාර්ගවලට කොන්දේසි විරහිතව පුර්ණ සහය ලබාදෙන බව හිටපු විපක්ෂ නායකවරයා එම වීඩියෝව හරහා තවදුරටත් අවධාරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න