Language Switcher

V2025

කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 120ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ  කොවිඩ් - 19  ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඊයේ (29) සවස වන විට ආසාදිතයින්මේ ගණන 117ක් ලෙස වාර්තා වී තිබිණි.

මේ වන විට තවත් ආසාදිතයින් තිදෙනකු වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් ඇත.

 කොවිඩ් - 19  වයිරසය අසාදිත වීමෙන් එක් පුද්ගලයකු මිය ගියේය. එමෙන්ම පුද්ගලයින් 11 දෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.