දේශපාලනය පැත්තකින් තියා ජනතාව වෙනුවෙන් කැපවෙමු : එජාපය ආණ්ඩුවෙන් ඉල්ලයි !

දේශපාලනය පැත්තකින් තියා ජනතාව වෙනුවෙන් කැපවෙමු : එජාපය ආණ්ඩුවෙන් ඉල්ලයි !

කොරෝනා වෛරසයෙන් මුළු ලෝකයම ආර්ථික හා සමාජීය වශයෙන් බරපතල කඩා වැටීමකට ලක්ව ඇති මේ මොහොතේ

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ජයග්‍රහණය කරවීම සඳහා රජයට කොන්දේසි විරහිත සහයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ උප නායක රවී කරුණානායක පවසයි.

ඒ අනුව අද දිනයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ නායකයින් කිහිප දෙනෙකු ජනාධිපති හා අගමැති හමුවී සාකච්ජා කරන බවත් මේ වෙනවිට ඒ සඳහා වෙලාවක් ලබාදී ඇති බවත් ඔහු කියා සිටියි.

හිටපු අමාත්‍යවරයකු වන රවී කරුණානායක මේබව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමිනි.

''මුළු ලෝකයක කඩා වැටිලා තියන මොහොතක අපි එකට වැඩ කරලා මේ උවදුර පරාජය කරලා අපි රටක් වශයෙන් ජයග්‍රහණය කරන්න ඕන කියන අදහස තමයි එක්සත් ජාතික පක්ෂය ඉන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමා, අගමැතිතුමා හමුවෙලා අපේ අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෙලාවක් ලැබිලා තියනවා'' රවී කරුණානායක කියා සිටියි.

ආධාර ලබාදීමේ වැඩසටහන් දේශපාලණීකරණය නොකරන්න - අඛිල

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ අඛිල විරාජ් කාරියවසම් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් පවසන්නේ, කොරෝනා අර්බුදය හරහා ජනජීවිතය මුළුමනින්ම අසරණ වී ඇති බවයි.

ආධාර ලබාදීමේ වැඩසටහන් දේශපාලණීකරණය නොකරන්න ලෙසත්, රටට ආදායම් සැපයූ හා වෙනත් කටයුතු සදහා විදෙස්ගතව ඇති සියලු ශ්‍රී ලාංකීයන් ආරක්ෂා කරන්න ලෙසත් එජාප මහ ලේකම්වරයා රජයෙන් ඉල්ලා සිටියි.

අනාවරනය කරන කරුණු වෙනුවෙන් රජයේ හා පාලකයින්ගේ අවදානය වහා යොමුකරන්නැයි ද ඔහු එම විශේෂ ප්‍රකාශය මගින් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න