නුවන් නිරෝධ රිමාන්ඩ් : තොරතුරු දුන්න වෛද්‍යවරයා අත්අඩංගුවට අරගෙන !

නුවන් නිරෝධ රිමාන්ඩ් : තොරතුරු දුන්න වෛද්‍යවරයා අත්අඩංගුවට අරගෙන !

සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් සිදුකළේ යයි චෝදනා කරමින්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (29) අධිකරණය හමුවට ඉදිරිපත් කල මාධ්‍යවේදී නුවන් නිරෝධ අධිකරණ නියෝගයක් මත රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක කොරෝනා ආසාදිත බිළිඳියක් සිටින බවට නුවන් නිරෝධ විසින් සිය FB පිටුවේ කල සටහනක් සම්බන්ධයෙන් එම රෝහලේ බලධාරීන් විසින් කළ පැමිණිල්ලක් මත පෙරේදා (28) රාත්‍රී ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණ.

එහෙත් ඔහුව එකවර බන්ධනාගාර ගත නොකොට අධිකරණ නියමය මත දෙසතියක නිරෝධයනයකට යොමුකර ඇති බවත් ඒ අනුව මිගමුව ප්‍රදේශයේ නිරෝධායතන මධ්‍යස්ථානයක ඔහුව රඳවා සිටින බවත් ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ආචාර්ය ඕෂල හේරත් පැවසිය.

ඒ අතර නුවන් නිරෝධ විසින් පලකළ පුවත ලබාදුන් බවට සැකපිට වෛද්‍යවරයකු අද (30) අත්අඩංගුවට ගෙන ඇති බව ද ඕෂල හේරත් වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න