ලංකාවේ දෙවැනි කොවිඩ් මරණයත් වාර්තා වෙයි : ආසාදිතයින් 122 යි !

ලංකාවේ දෙවැනි කොවිඩ් මරණයත් වාර්තා වෙයි : ආසාදිතයින් 122 යි !

කොවිඩ්19 වෛරසය ආසාදනයවූවන් අතුරින්  අද (30) දෙවැනි මරණයද වාර්තා විය.

ඒ මීගමුව රෝහලටඇතුළත් කර සිටි 64 හැවිරිදි පුද්ගලයකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔහු මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුය.

වාර්තා වන ආකාරයට එම පුද්ගලයා හෘද රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් මීගමුව රෝහලට ඇතුළත් ව තිබේ. පසුව ඔහු සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් සිදුකළ විමර්ශනවල දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

මෙය මෙරටින් වාර්තා වු දෙවන කොරෝනා මරණයයි.

අද මේ වන විට  කොවිඩ් 19 ආසාදිතයින් 122ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එසේම මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා මියගිය සංඛ්‍යාව 01ක් වන අතර සුවපත් වූ ගණගණන 14ක් බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් වයස මාස 4ක බිළිඳකු කොවිඩ් 19 ආසාදිතයින් අතර ළාබාලම ආසාදිතයා ලෙස මෙරටින් වාර්තා වෙයි.

හලාවත පදිංචි පවුලක කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පස් දෙනෙකු සිට ඇති අතර  මාස 4 බිළිඳාද ඒ අතර වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න