කරන්න පුළුවන් නම් මරු වැඩක් : ශිරාල්ගෙන් බැසිල්ට යෝජනාවක් !

කරන්න පුළුවන් නම් මරු වැඩක් : ශිරාල්ගෙන් බැසිල්ට යෝජනාවක් !

දැනට ක්‍රියාත්මක ඔන් ලයින් ෂොපිං හරහා රටේ දැන් පවතින ප්‍රශ්නය ට විසඳුමක් නොවන බවත් ඒ හරහා කිසිසේත් සාර්ව පිළිතුරක් අඅපේක්ෂා නොනොකරන ලෙස නීතිඥ ශිරාල් ලක්තිලක විසින් බැසිල් රාජපක්ෂ වෙත අවධාරණය කර ඇත.

ඒ "බැසිල් රාජපක්ෂ මහතා ගේ අවධානය පිනිසයි!" මැයෙන් සිසිය ෆේස්බුක් ගිනුමේ අද (30) සටහනක් තබමින්‍ ය.

එම සටහන පහත දැක්වෙයි.

ඔබ පොහොට්ටුවේ ජාතික සංවිධායක ලෙස දැනට ඔබගේ උරමතට ලබාදී ඇති ජාතික වගකීම දේශපාලනීකරනයට ලක්නොකරනු ඇතයි උපකල්පනය කරමින් මෙම කරුනු ඔබගේ අවධානයට ලක්කරමි.

අප දැනට මුහුන දෙමින් පවතින ජෛව පැවැත්මේ සහ එ මත හටගන්නා සමාජ-ආර්ථික අරබුදය මනාව වටහා ගන්නේ නම් එවැනි ජාතික වගකීමක් දේශපාලනීකරනය නොකිරීමම ඥානාන්විත  ක්‍රියාවක් වනු ඇති බවට ඔබම විශ්වාස කරනවාට නොඅනුමානය. මැකියාවේලියානු පරපුරේ දේශපාලනඥයකු  වන ඔබට එම අනතුර නොවැටහෙන්නට හේතුවක් නැත.

කෙසේ නමුත් මා ඔබගේ අවධානයට ලක් කරන්නේ දැනට ඉහලින් කතා කරන පාරිභෝගික භාන්ඩ බෙදාහැරීමේ ක්‍රමවේදය ගැන පමනකි. ජනතාවගේ ක්‍රය ශක්තියේ පැවැත්ම හා එය සපයා දීම පිලිබඳව නොවේ. ( එය දේශපාලනිකය)

දැනට ක්‍රියාත්මක වන online shoppingවලින් රටේ ප්‍රශ්නයට උත්තර හොයන්න බැහැ. එ නිසා එම ක්‍රම වේදයන් ගැන කතාකරමින් කාලය නාස්ති කරන්න එපා.

වැඩේ ලස්සනයි සහ දියුනුයි. නමුත ලංකාවේ digitalization process  හරියට කරලා නැහැ. එකට හොඳ අත්තිවාරමක් නැත. එනිසයි ඉල්ලුම වැඩිඋනාම දරන්න බැරිවෙන්නෙ. එනිසා එය දැනට සුලු විකල්පයක් විතරමයි.

සද්දෙ ලොකුවට තිබුනට ගෙදරටම බඩු එන එකේ හෝඩුවාවක් වත් නැතිබව කිවයුතුව තිබේ. කරත් එය ලේනා මුහුද ගොඩ දානවා වගේ වැඩක් බව කිව යුතුය.

එහි යම් සාර්තකත්වයක් දැකීමට නම් රට තුල හදිසි නීතිය පැනවිය යුතුය. එසේ නැතිව forward linkages හා backward linkages ගෙදරටම බඩු එවීමේ value chain එක හදා ගත නොහැක. ( හදිසි නීතියක් නැතිව ඇඳිරි නීතිය දැමීමෙ පදනම හ ප්‍රතිපල වෙනම කතා කල යුතුව තිබේ.)

දැන් බලනවිට online කතාවද යතාර්තයක් නොවේ. හොයලා බලන්නේ නම් මේවනවිට Softlogic -glomark එක out ය. keels online එක out ය. snapcart එකට හා කප්රුකට අද order දුන්නම බඩු ලැබෙන්නෙ අප්‍රේල් 01 දාට පස්සෙ. Digital platform එක හැදුවට forward linkages සහ backward linkages ගැන එ අය ගැන හිතල නැහැ. ඉතින් මේවා ගැන දැන් කරදර වෙන්න ඕනා නැත. එවා හදාගෙන පස්සෙ යතා තත්වයට පත් කරන්න පුලුවන්. සිහිපත් කලයුකු එකම දකරුන වන්නේ online ක්‍රම තුලින් රටේ දැවෙන ප්‍රශ්නයට දැනට සාර්ව පිලිතුරක් සොයා ගත නොහැකි බවයි.

ඒ නිසා මම බැසිල් මහත්තයට යෝජනා කරනනේ ගමේ කඩේ ට ( නගර ඇතුලුව සෑම ග්‍රා. නි කොට්ඨාසයකම සිල්ලර කඩයක් තිබේ) සතොස  franchise එක දීල බඩු ටික විකුනවන්න කියලයි. එසඳහා  groceries ටික සතොස ලවා කඩේට supply  කරවන්න කටයුතු කරන්න. දැන් markfed එක තාම තියෙනවාද දන්න්නෙ නැත .

තියෙනවනම් එකෙන් හෝ එළවලු නිෂ්පාදකයන් ගේ සමුපකාර සමිතියකට ආන්ඩුවෙන් Ceed-capital එක දීල එළවලු ටික ගමේ කඩේට supply කරන්න.

එක විශාල හාල් මෝලක් stock එක සමග රජයට පවරා ගෙන හාල් ටික ගමේ කඩේට දැනට පවතින සහල් මිලට වඩා රු20 අඩුවෙන් supply කරන්න. තව උවමනා නම් ධීවර සංස්ථාව ලවා මාලු ටිකත් supply කරන්න.ගමේ කඩේ දැන් අයිස් පෙට්ටිත් තිබෙනවා.

එතකොට කාටත් ඇඳිරි නීතිය ඉවත් කරාම නගරයට දුවන්න අවශ්‍ය නැහැ. ගමේ කඩේව පුලුවන් පවුල් 200-300 ක පාරිභෝගික අවශ්‍යතා පහසුවෙන්ම සපුරන්න. 

83 කලබල කාලයේ දී විවෟත ආර්තිකයේ පියා වන ලලිත් වෙලඳ ඇමති කලේ එකයි. එදා ගමේ සමුකාර ප්‍රාදේශිකයත් තම වැඩපිලිවලට සම්බන්ද කරගත්තා. දැන් එවා නැති නිසා එවා හදන්න කියලා කාලය නාස්ති කරන්න එපා. එ අතරේ ගමේ කඩේ මුදලාලිට බඩු ටික ගන්නට අඩු පොලියට නයක් එයාගෙම බැංකුවෙන් සුදානම් කරදෙන්න.

හැබැයි මේ වැඩේ ගමේ සිටින ඔබගේ දේශපාලන සහචරයන්ට ලබාදුන්නොත් වැඩේ එතනින්ම හමාර වනු නියත බවද සිහිපත් කරමි.

පුලුවන් නම් මේ අදහස අත්හදා බලන්න.

FB එකෙන් මේ ගැන කියන්නෙ අරබුද කාලයකදි තනි තනි පුද්ගලයන්ගෙ හැකියාවට වඩා සාමුහික අදහස් වැදගත්වන හා පලදරන නිසාය.

ස්තුතියි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න