Language Switcher

V2025

මිහිමත අපායක අදහස් නිසා ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ : මංගලගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් !

"C19 ට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව ඉතා කූට ලෙස යටපත් කර ඇති බවත්  අගමැතිට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ට එරෙහිව පහර දෙමින් ගෙන යන වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂගේ සමීපතයෙකු විසින් සම්බන්ධීකරණය කර ඇත්තේ ඔහුගේ ‘අපායෙන්’ එන අදහස් මගින් යනුවෙන් ආන්දෝලනාත්මක ට්වීටර් සටහනක් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් තබා ඇත.

"අවදිවන්න! පාර්ලිමේන්තුව නැවත කැඳවීමට එකතු වෙන්න! එහි අඩුපාඩු තිබුනත් තවමත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විශිෂ්ටතම ක්‍රමවේදයයි!" යනුවෙන්ද එහි දැඩි අවධාරණයක් සිදුකිරීමට පවා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර කටයුතු කර තිබේ.

අනතුර පෙන්වා මංගල තැබූ ට්වීටර් සටහන මෙන්න !
IMG 20200331 WA0007
අවධානම ගැන අවධානය වැදගත් - දේශපාලන විචාරකයන් "

සාමාන්‍යයෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සැලකෙන්නේ දේශපාලනය සම්බන්ධව පෙර සංඥා නිකුත්කරන්නකු ලෙසය. ඒ හමුවේ ඔහු තබා ඇති ආන්දෝලනාත්මක  ට්වීටර් සටහන සම්බන්ධව විමසීමේදී දේශපාලන විචාරකයන් ඊට ප්‍රතිචාර දක්වා සිටියේ අමාත්‍යවරයා පෙන්වා දෙන අන්තරාව අනුමත කරමින් ය.

එහිදී ඔවුන් ද පෙන්වා දුන් ආකාරයට කොරෝනා වෛරසයට මුහුණ දීමේ වැඩපිළිවෙළට මුවාවී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය බලවත් අනතුරකට මුහුණ පා ඇත.

පාර්ලිමේන්තු ව විසුරුවා  හැරීමෙන් පසුව  භාරකාර ආන්ඩුවේ අමාත්‍ය මණ්ඩලය රටේ වගකීම් ඉටු කළ යුතුව ඇති නමුත් අද  සිදු වන්නේ ආණ්ඩුව හෝ අමාත්‍ය මණ්ඩලය නොසලකා හරිමින් කටයුතු කිරීමක් වැන්නකි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වී මෙන් පීඩාවට පත් වන ජනතාව ට සහන සැලසීමේ දී සෘජුව දායක විය යුතු අමාත්‍යංශ හෝ අමාත්‍යවරුන් එම කටයුතු වලට දායක නොකිරීම තුළින් එය පැහැදිලි වේ. ඒ අතර සමාජ මාධ්‍ය හරහා පාර්ලිමේන්තු ව අගමැතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය රටේ පාලනය ට වැදගත් නො වන බව සඳහන් කරමින් ප්‍රචාරක ව්‍යාපෘතියක් සංවිධානාත්මක ව ක් ක්‍රියාවට නංවා ඇත .

ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සමුපකාර හා ආහාර විෂය බාර අමාත්‍ය වරයා නොසලකා හරිමින් එම කටයුතු වෙනත් අය වෙත පවරා දී මෙන් පැහැදිලි වේ .අමාත්‍ය මණ්ඩලය යනු මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනතා නියෝජිතයන් වේ .ඔවුන් නොසලකා කටයුතු කරන්නේ නම් එය රටේ ප්‍රජාතන්ත්‍ර වාදයට එල්ල කරනු ලබන මරු පහරකි .

පාර්ලිමේන්තු ව කැඳවන ලෙස විපක්ෂය කරනු ලබන ඉල්ලීම දිගින් දිගට ම නොසලකා හැරීම තුළ ද දක්නට ලැබෙන්නේ මහජන නියෝජිතයින්ට සවන් දීම ට සූදානමක් නොමැති බවය .කොරෝනා වෛරසය ට මුහුණ දීමේ අභියෝගය තුළ සැඟව ඇති මෙම අනතුර ප්‍රජාතන්ත්‍රවාදය අගයන  සියල්ලන් ගේ අවධානය යොමු විය යුත්තක් බවත් ඔවුන්ගේ අදහස විය.

එසේම විධායකය යනු අමාත්‍ය මණ්ඩලය ද ඇතුලත්  ක්‍රමවේදයක් බව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ව දන්නා ඕනෑම අයෙක් පිළිගන්නා වූ සත්‍යයක් බවත් එබැවින් මේ අවධානම  පිළිබඳව දැඩි අවධානය යොයොමුකිරීම වැදගත් බවත් ඔවුන්ගේ ස්ථාවරය වෙයි.