Language Switcher

V2025

කෝට්ටේ නගරාධිපතිගේ නිරෝධායන කුටිය නාවික හමුදාව කොපි කළාද ?

"කෝට්ටේ නගරාධිපතිගේ නිරෝධායන කුටි නාටකය හා නාවික හමුදාව" මැයෙන් සටහනක් newstube.lk පාඨකයකු විසින් අප වෙත යොමුකර ඇත.

ආරක්ෂක අංශයක යැයි සිතිය හැකි පාඨකයකු එවූ ඒ සටහනේ ප්‍රතිචාරය කෝට්ටේ නගරාධිපති පසුගියදා තැබූ ෆේස්බුක් සටහනක් ගැන ප්‍රතිචාරයකි.

ඒ ෆේස් බුක් සටහන පහත දැදැක්වෙන අතර ඊට පසුව ඇත්තේ අදාළ ප්‍රතිචාරයයි.
IMG 20200331 WA0001
කෝට්ටේ නගරාධිපතිගේ නිරෝධායන කුටි නාටකය හා නාවික හමුදාව !

පසුගිය මාර්තු 29 වන දා කෝට්ටේ නගරාධිති මධුර විතානගේ ඔහුගේ පුද්ගලික ෆේස් බුක් පිටුවේ නාවික හමුදාව අප්‍රසන්න ලෙස හෙලා දකිමින් පෝස්ටුවක් පලකර තිබුනි. "නාවික හමුදාව කෝට්ටේ නගරසභාව හදපු නිරෝදායන කුටිය ඇවිල්ලා කොපි කරලා තමන් හොයාගත්තා වගේ ලොරි ටෝක් මාධ්‍යවල" යනුවෙන් ඔහු එය පලකර තිබුනි.

අප විසින් සොයා බැලූ පරිදි කතාව සැකෙවින් මෙසේය. 

රට තුල පැතිරෙන කොවිඩ්19 මාරාන්තික වයිරසය මැඩ පැවැත්වීමට රජය, සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක හමුදා සහ බොහෝ රටට හිතැති මනුෂ්‍යවාදී සිවිල් වැසියන් (අර කැලේ පැනපු බූරු හැත්තයි ඇඳිරිනීතිය අස්සේ  පොර ටෝක් දිදී පාරවල් ගානේ ලගින බූරු හැත්තයි ඇරෙන්න) එකා මෙන් පෙල ගැසෙන සැටි අප දුටුවෙමු. හෙද වෙද මඩුල්ල දිවා රෑ නොබලා තමාගේ ජීවිත පවා උකස් කරමින් ජීවිත ගලවා ගැනීමේ සටනට උර දෙද්දී ආරක්ෂක අංශද හරි හරියට ඒ සියලු දේ සඳහා ඔවුන්ගේ ශක්තිය ලබා දුන්නා. මේ අතරතුර නාවික හමුදාව නිර්මාණය කරපු නිරෝධායන කුටිය ගැන බොහෝ දෙනා ප්‍රශංසාත්මකව කතා කලේ මේ මොහොතේ ඔවුන් කරන කැප කිරීම සැබැවින්ම අගය කල යුතු නිසාය.

නාවික හමුදාවේ නැගෙනහිර ප්‍රදේශයේ නව නිපැයුම් අංශය විසින් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මේ නිරෝධායන කුටි නිර්මාණය කරන්නේ නාවික කඳවුරු වල භාවිතයට මෙන්ම රෝහල් සඳහාද ලබා දීමටය. සැබැවින්ම තාක්ෂණයෙන් අනූන නැව් සමඟ හැප්පෙන මොවුන්ට මෙවැනි නිර්මාණ ඉතා සුලු දෙයකි. 

කෙසේ නමුත් මේ අතරවාරයේ කෝඩ්ජෙන් වැනි  දේශීය ආයතන ද මේ නිරෝධායන කුටි නිර්මාණයට උනන්දුවූයේ ලාභයක් බලාපොරොත්තුවෙන් නොවේ. මේ හා සමගාමීව කෝට්ටේ නගර සභාව විසින්ද නිරෝධායන කුටියක් නිර්මාණය කර තිබුනි. එවැනි ක්‍රියා සැබැවින්ම අගය කල යුතුය. එය මේ මොහොතේ රටට අවශ්‍යම දෙයකි. නාවික හමුදාවද නගරසභාවේ නිර්මාණය පිලිබඳ සොයා බලන්නේ එහි යම්කිසි හොඳ අංගයන් ඇත්නම් ඒවා එකතුකර වඩාත් හොඳ නිර්මාණයක් රටට ලබා දීමටය. කෙසේ නමුත් නගරසභාව නිර්මාණය කල නිරෝධායන කුටිය ඔවුන් අතහැර දමන්නේ එහි තිබූ අනාරක්ෂිත සැලසුම මතය. කුටිය තුලට යන විදුලි රැහැන් වල පුංචිම හෝ කාන්දුවක් තිබුනෝත්  ඒ තුලට විදින අධි සාන්ද්‍ර ඇල්කොහොල් ස්ප්‍රීතු ඕනෑම විටෙක ගිනිගෙන ඇතුලේ සිටින කෙනාට අනතුරක් විය හැකිව තිබුනි. ඒ නිසා වඩා හොඳ ආරක්ෂිත ක්‍රියාමාර්ග පිලිබඳ අධ්‍යනය කොට නාවික හමුදාව සිය නිර්මාණය නිම කරන ලද අතර රෝහල් හා පෞද්ගලික ආයතන ගනනාවකින් ද ඒ සඳහා හොඳ ඉල්ලුමක් ලැබනේ නිර්මාණයේ සාර්ථකබව කියා පාමිනි. ඒ සියලු දෙනා වෙත කුටි ලබාදීමටත් සමහර ආයතන වෙත තාක්ෂණයද ලබා දීමට නාවික හමුදාව කටයුතු කරන්නේ රුපියලකවත් ලාභයක් බලාපොරොත්තුව නොවන බව පැහැදිලිය. නගරාධිපතිගේ බලලා මල්ලෙන් එලියට අත දාන්නේ මේ අවස්ථාවේදීය. 

අපට ආරංචි වූ හැටියට ඔහු විසින් ලෝකෙට අණ බෙර ගසා නිර්මාණය කල අනාරක්‍ෂිත ගිනි උඳුනක් බඳු වූ නිරෝධායන කුටිය කොවිඩ් බියෙන් සලිත වූ ආයතන වෙත ව්‍යාපාරික මට්ටමෙන් ලබා දී කොමිස් මුදල් හෝ යම් ලාභයක් ලැබීමේ සැලැස්මක් තිබී ඇත. නාවික හමුදාව නොමිලයේ නිරෝධායන කුටි රටේ ජනතාව වෙනුවෙන් ලබාදීමත් ඒ සඳහා ඉහල ඉල්ලුමක් ලැබීමත් තුල නගරාධිපතිවරයා විරුවට පත්වී ජනතා සේවය නම් වූ බැටලූහමට යටින් සිටි සැබෑ බඩගෝස්තරවාදී මෙන්ම අවස්ථාවාදී වෘකයා මතුවී ප්‍රසිද්ධියේම නාවික හමුදාව සමාජමාධ්‍ය තුල පතුරු ගැසීය. 

මීට දින කිහිපයකට පෙර හිටපු බස්නාහිර පලාත් පලාත් ආණ්ඩුකාරතුමිය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අපූරු කතාවක් පැවසුවාය. මේ මොහොතේ කොවිඩ් වයිරසයෙන් රටවැසියා බේරා ගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන හෙද වෙද මඩුල්ල මෙන්ම ආරක්ෂක අංශ සිදුකරන අපරිමිත සේවයේ කොතෙක් අඩුපාඩු කිසිවෙකුට පෙනුනත් පෑන් ඉරකින් හෝ වචනයකිත් හෝ සිතුවිල්ලකින්වත් සෘණාත්මක විවේචන නොකර ඔවුනට ශක්තියක් වන ලෙස එතුමිය හැඟීම්බර ආයාචනයක් කලේ රට වැසියාගේ අනුකම්පාව දිනාගැනීමට නොව හදවතේ ඇතිවූ සැබෑ ආවේගයට බව එය අසා සිටි ඕනම අයෙකුට පසක් කරමිනි. එසේම මේ මොහොතේ ඔවුන්ගේ චිත්ත දෙර්‍ය්ය දශමයකින් හෝ බිඳ දමන අයෙක් වේ නම් ඔහු දේශද්‍රෝහියෙකි. 

නගරාධිපතිතුමනි. නාවික හමුදාව ඔබේ නිරෝධායන කුටික කොපි නොකල බව පැහැදිලිය. නමුත් සැබැවින්ම නාවික හමුදාව එක කොපි කර තිබුනත් ඔවුන් එය සිදුකලේ ලකුණු දමාගෙන පාර්ලිමේන්තු ඒමට නොව රටේ ජනතාවගේ ජීවිත ගලවා ගැනීමට බව සිතා ඔබට සතුටු වන්නට තිබුනේය. ඔබ වැනි ජනතා නියෝජිතයෙක් ඉන් රටවැසියන් දහස් ගනනාවකට ජීවිතදානය ලැබෙන සැටි සිතා සැබෑ මනුෂ්‍යත්වයෙන් සතුටු වන්නට තිබුනි. නමුත් අවාසනාවකට මෙන් එය එසේ නෙවීය. අහිංසක මිනිසුන්ගේ මලමිනී මතින් හෝ ඡන්දය සොයන ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය පවා උකසට තබමින් මඩියේ පුරවාගැනීමට මුදල් සොයන අවස්ථාවාදී බලලා ඔබේ මල්ලෙන් එලියට පැන්නේ රටටඔබේ සැබෑ ප්‍රතිරූපය පෙන්නමිනි. 

ආපසු බලද්දී නගරාධිපති මධුර විසින් නාවික හමුදාව පතුරු ගසූ පෝස්ටුව ඉවත්කර තිබුනේ වැඩේ වැරදුන බව දැනුන නිසාවෙන් විය හැක. රට රකින හමුදා රණවිරුවන්ගේ බූට් එකට පෑගෙන අසූචි පිඩක් තරම්වත් ඔබ වැනි කුහකයින් අපට වටින්නේ නැත. අතිගරු ජනාධිපති තුමනි. ඔබ තුමා සැබෑ විරුවෙක් වනවා සේම පාට පක්ෂ භේදයකින් තොරව රටවැසියා ඔබ තුමාට ආශිර්වාද කරන්නේ ඔබතුමා තුල ඇති අප්‍රතිහත නායකත්වයත් සැබෑ දර්ශණයත් නිසාය. නමුත් ඔබ තුමාගේ සෙවනැල්ලට යට තපින මෙවැනි ආත්මාර්ථකාමී අවස්ථාවාදීන් ජනතාසේවයට මුවා වී කුලහීන පාලකයන් සේ යලිත්මේ  රට අගාධයට ගෙන යා හැකි බව සිතෙහි තබා ගන්න. 

පුරවැසියකු විසිනි.