කොරෝනා ආසාදිතයන් 132 දක්වා ඉහළට !

කොරෝනා ආසාදිතයන් 132 දක්වා ඉහළට !

කොවිඩ්19 වෛරසය ආසාදනය වූ මෙරට සංඛ්‍යාව අද (31) වන විට 132ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනූව අද දිනයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 10ක් වාර්තා වී තිබේ.

මේ වන විට කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 2ක් වන අතර ලෝකයේ මේ වන විට මියගිය සංඛ්‍යාව 38770ක් වෙයි.

එසේම ලෝකයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 8 ඉක්මවා ඇති අතර අද පස්වරු 5.30 වන විට එය 801117 ක් විය.

තවද මේ වන විට දිස්ත්‍රික්ක 6ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තුරු බලාත්මක කර ඇති බවත් රජය පවසයි.

ඒ අනූව යාපනය , ගම්පහ , කොළඹ , කළුතර , පුත්තලම , මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා යළි දැනුම්දීමක් කරන තුරු ඇඳිරි නීතිය පනවා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න