අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියෙන් කොරෝනා පරීක්ෂණ යන්ත්‍ර 2ක් !

 අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියෙන් කොරෝනා පරීක්ෂණ යන්ත්‍ර 2ක් !

COVID-19 හෙවත් නව කොරෝනා වෛසරය ආසාදිත රෝගීන් හදුනා ගැනීම සදහා කෙරෙන PCR (Polymerase chain reaction)  පරීක්ෂණය සදහා යොදා ගන්නා යන්ත්‍ර දෙකක් අද (01) විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙනු ලැබීය.

විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදුන් අතර, මෙම උපකරණ පද්ධතියට අදාල සියලුම උපාංග ද ලබාදෙනු ලැබ ඇත. 

රුපියල් මිලියන 23 ක් වටිනා නව PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක පරීක්ෂණ සේවා අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන අදාල රෝහල් වෙත ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කොට ඇත.කොරෝනා ආසාදිත රෝගීන් හදුනාගැනීමේ කටයුතු කඩිනම් කිරිම මෙම පරිත්‍යාගයේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය කියා සිටියේ COVID-19 වෛරසයට අදාලව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අදිටනින් අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒ්ජන්සිය කළ මෙම පරිත්‍යාගයට සිය ස්තූතිය පුද කරන බවයි.  

මෙම උපකරණ කඩිනමින් ස්ථාපිත කොට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න