මූලික පහසුකම් පවා නෑ : ජීවිත අනතුරේ - PHI සංගමය

මූලික පහසුකම් පවා නෑ : ජීවිත අනතුරේ - PHI සංගමය

කොරෝනා මර්දනයට එක්ව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය බලධාරීන් නොතකා ඇති බවත් එබැවින් අදාළ රාජකාරී වලින් ඉවත්වීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත දැනුම්දී ඇත.
 
එහිදී සංගමයේ සභාපති පෙන්වා දී ඇත්තේ කොරෝනා නිවාරණය වෙනුවෙන් දිවා රාත්‍රි නොබලා සේවය කරන සහ තම ජීවිතය පමණක් නොව පවුලේ සාමාජිකයන්ගේ ජීවිත පවා අවධානමේ තබාගෙන සේවය සපයන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලික අවශ්‍යතා හෝ බලධාරීන් සපුරා නොමැති බවය.
 
මූලික අවශ්‍යතා පවා නොමැති වීම, ප්‍රවාහන පහසුකම් නොමැති වීම, ආහාර ප්‍රශ්න, අවශ්‍ය නෛතික ප්‍රතිපාදන නොමැති බව ඇතුළු කරුණු කිහිපයක් ද එහි අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.
 
මේ තත්ත්වය වෙනස් නොවුවහොත් එලැඹෙන 4 වනදා සිට සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයෙන් ඉවත්වීම සිදුවනු ඇති බවත් සඳහන් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න