එවරස්ට් ගවේෂණය සාර්ථකව සිදුකළ Java Institute PCJT Software Engineering Everest කණ්ඩායම හෙට (10) මෙරටට පැමිණීමට නියමිතව ඇත.
Java Institute PCJT Software Engineering Everest කණ්ඩායම භාතිය තිසේරා ( කළමණාකාර අධ්‍යක්‍ෂක - Java Institute), එෂාන් ඕෂධ, දිල්ෂාන් නවින්ද, මනීෂ චන්දුල යන සාමාජිකයන් සමන්විතවී තිබේ.
අදාළ ගවේෂණයේදී ඔවුන් Chhukung Ri - උස මීටර් 5550, Island Peak Base Camp - උස මීටර් 5600, Island Peak - උස මීටර් 6189, Gorak Shep - උස මීටර් 5140, Everest Base Camp - උස මීටර් 5364, Kalaphathar - උස මීටර් 5550, Cholar Pass - උස මීටර් 5368 යන කඳු මුදුන් 7 සාර්ථකව තරණය කර ඇත.
වාර්තා වන ආකාරයට දරුණු කාලගුණ තත්වයක් යටතේ එම දුෂ්කරතා ජයගනිමින් මෙම Everest ගවේෂණය සිදුකර ඇති අතර මේ දක්වා කිසිදු විශ්ව විද්‍යාලයක් දෙසැම්බර් මාසය තුළ අදාළ කඩයිම පසුකර නොමැති බව ද වාර්තා වේ.
පැවති දුෂ්කර තත්ත්වය නිසාම ගවේෂණය සැලසුම් කලාට වඩා දින 10ක් මේ සදහා වැයවී ඇති අතර ඔවුන්ට ඇති දරුණුතම අභියෝගය වී ඇත්තේ "Altitude Sickness" තත්ත්වයට මුහුණදීමට සිදුවීමය. Altitude Sickness තත්ත්වය හටගන්නේ උන්නතාංශ වෙනස නිසා සහ ඔක්සිජන් අඩුවීම නිසාය.
අප වෙත තොරතුරු ලබාදෙන අවස්ථාවේ ඔවුන් සිටින ප්‍රදේශය තුළ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්ෂියස් අංශක -16 සහ - 20 ත් අතර අගයක පැවත ඇති අතර ඔක්සිජන් මට්ටම මුහුදු මට්ටමේ ඔක්සිජන් ප්‍රමාණයෙන් 35% - 40% ප්‍රමාණය දක්වා අඩු බවද දැනගන්නට ලැබිණ.
එසේම Isalnd Peak තරණයේදී රාත්‍රී කාලයේදී හිම කුණාටුවකට මුහුණදීමට ඔවුන්ට සිදුවී ඇති බවද දැනගන්නට ඇත.
2018 අප්‍රේල් මස භාතිය තිසේරා මහතා එවරස්ට් කඳු මුදුන (උස අඩි 29029) තරණය කිරීමට නියමිත අතර ඒ සදහා සහභාගී වන (B) සහාය කණ්ඩායම ඉරංග ශ්‍රීමාල්, උපුලිත කුමාරසිංහ, මොහොමඩ් කලාෆ්, ආකාෂ් සඳකැලුම්, පසිඳු ඊගල්ල යන සාමාජිකයන්ගෙන් යුක්තය.