අනුරාධපුර, නාච්චදූව ඉදිවූ එළවළු සහ පළතුරු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීම ඊයේ (24) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර, වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය නිරීක්ෂණ කිරීම සදහා ද සහභාගි විය.
මෙම අවස්ථාවන් සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන්, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් අශෝකා අලවත්ත, මෙන්ම ප්‍රාදේශීය දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන්, ආරාධිත අමුත්තන් ඇතුලු විශාල ජනකායක් සහභාගි වී සිටියහ.
http://newstube.lk/news/photo-story/7676-2019-07-25-18-45-01#sigProIdab3481d0c9
Leave your comments
Login to post a comment
Post comment as a guest