Language Switcher

V2025

හුස්ම ගන්න ඉඩ දියව්! 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී විරෝධයට සිදු කරන ලද පොලිස් ප්‍රහාරය නින්දිතය. ඒ ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ඊයේ (09) මුළු ලොවම ඇස් පනාපිට දුටු ලාංකීය යථාර්ථය කුමක්ද? ජෝජ් ෆ්ලොයිඩ් ලංකාවේ විසූවද ඔහුගේ ඉරණම එතරම් වෙනස් නොවනු ඇති බව නොවේද?  
 
ඒ සමගම කිව යුත්තක් නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාව කොරෝනා අර්බුදය සමයේ සිදු වූ ඉතාම වැදගත් දේශපාලන ක්‍රියාවක් බවයි. මන්ද යත්, එය කොරෝනා යුගයේ ගොඩ නැගෙමින් පැවති නව සමාජ පිළිවෙල බිඳ හෙලීමට දායක වූ බැවිනි. එම සමාජ පිළිවෙල අපට "ඇඳිරි නීතිය (හෝ අර්ධ ඇඳිරි නීතිය) සමග පවතින සාමාන්‍ය තත්ත්වය" යනුවෙන් නම් කළ හැකිය.  
 
එය කවරාකාර සාමාන්‍ය තත්ත්වයක්ද? රාජ්‍ය බලය දරන නැතිනම් රාජ්‍ය බලයට සමීප අයවළුන් හට පමණක් "නිදහස" තිබෙන සාමාන්‍ය තත්ත්වයකි; "නිදහස" නමැති වරප්‍රසාදය තිබෙන පිරිසට තමන් කැමති තැනක යන්නට එන්නට හැකි තත්ත්වයකි; ඔවුනට පමණක් දේශපාලන කටයුතුවල යෙදිය හැකි තත්ත්වයකි; ඔවුන්ගේ චර්යාවන් පමණක් වසංගත නීති මගින් පාලනය නොවන ආකාරයේ තත්ත්වයකි. අන් සියළු දෙනාගේ දෛනික ජීවිතය පවා ඉතාම සංකීර්ණ ලෙස සුපරීක්ෂාවට සහ පාලනයට ලක් කෙරෙන ආකාරයේ තත්ත්වයකි. කොටින්ම ජෝජ් ඕවල්ගේ "1984" කෘතියේ එන ඩිස්ටෝපියානු ලෝකය සිහි ගන්වන ආකාරයේ තත්ත්වයකි. 
 
අප යමින් සිටියේ ඒ දිශාවටය. පෙරටුගාමීන්ගේ ක්‍රියාවෙන් බිඳුණේ එම ඊනියා නව සාමාන්‍ය තත්ත්වයයි. (සරදම්ජනක ලෙස, එම නව සාමාන්‍ය තත්ත්වයේ බියජනක නිහඬතාව බිඳ හෙලන්නට පොලීසියද සක්‍රීයව දායක විය!) 
 
සැබවින්ම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල නිර්මාණය වෙමින් තිබුණේ එවන් සීතල, බියකරු, නිහඬ පරිසරයකි. රාජ්‍යයේ අධිකාරීවාදී මැදිහත්වීම් මගින් පුද්ගල ජීවිතය සූක්ෂම ලෙස හැසිරවීමට ලක් කෙරෙන පරිසරයකි. (ශ්‍රී ලංකාව තුළ එවන් පරිසරයක් නිර්මාණය වීම දක්වා වූ ගමන ආරම්භ වූයේ කොරෝනා වසංගතයට පෙරය; එනම් පසුගිය ජනාධිපතිවරණය නිමා වීමත් සමගය).
 
නමුත්,දැන් ලෝකය වෙනස් වෙමින් පවතී. ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි විරෝධතාව ලොව පුරා පැතිර යාමෙන් පෙන්නුම් කෙරෙන්නේ එයයි. ශ්‍රී ලංකාවට ඒ වෙනස සමග එක්වීමට දැන් අවස්ථාව සැලසී  තිබේ.
 
ඒ සඳහා අවශ්‍ය වන්නේ සාමූහික ක්‍රියාකාරීත්වයකි. සියළු ප්‍රජාතාන්ත්‍රික බලවේග අතර ඉතාම පුළුල් සහයෝගීතාවකි. ඒ සඳහා වන පළමු සංඥාව ජාතික ජන බලවේගය වෙතින් ලැබී තිබේ. එම සහයෝගීතාවයේ හස්තය වැළඳගැනීමට අවශ්‍ය දේශපාලන විවෘතභාවය සහ පරිණතභාවය පෙරටුගාමී පක්ෂය සතුව තිබෙන බව මට විශ්වාසය. ඒ සමගම සෙසු පක්ෂ, සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පුද්ගලයන්ගේ සහයෝගීතාව වෙත දැන් ඇරයුම් කළ යුතුව ඇත. මන්ද යත්, මෙවන් පොලිස් (සහ ඇතැම්විට හමුදා) මර්දනයන්ට ඉදිරියේදී කවර පක්ෂයකට වුවත් මුහුණ දීමට සිදු විය හැකිය. මා මිත්‍ර Vishaka Suriyabandara ඉතාම නිවැරදිව පවසා තිබූ පරිදි දේශපාලන පක්ෂ යනු සංවිධානය කළ මහජන මතයන්ය. පක්ෂවලට නිදහසේ දේශපාලනයේ යෙදීමට අවශ්‍ය වාතාවරණය සකසාගත යුත්තේ එම නිසාය. 
 
පළමුව අවශ්‍ය වන්නේ පෙරටුගාමී පක්ෂයේ සාමකාමී විරෝධය මර්දනය කිරීම හෙළා දකින සියලු දෙනා වෙත කරන පොදු ආමන්ත්‍රණයකි. එම සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කෙරෙන සාමකාමී නිහඬ විරෝධයක් පැවැත්වීම වඩා උචිත යැයි සිතමි. විපක්ෂය නියෝජනය කරන සියළු පක්ෂවලට ඒ සඳහා ආරාධනා කළ යුතුය. ආණ්ඩුව තුළම නියෝජනය වන වාමාංශික කොටස්වලට පවා ඇරයුම් කළ හැකිය. 
 
ඒකාධිපතීත්වයක් කරා දිශානත වූ වත්මන් බලාධිකාරයේ ගමන ආරම්භයේදීම නවත්වා ගත යුතුය. ප්‍රජාතාන්ත්‍රික විපක්ෂ බලවේග එක්ව හඬ නැගුව හොත් එය කළ හැකිය. තවමත් හැකිය...
 
-සුමිත් චාමින්ද 
 
10/06/2020