Language Switcher

V2025

අතුරුදන්වූවන් සඳහා බාධා නොමැති ගමනක් : ඇමති මංගලගෙන් නිවේදනයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දෙන මෙම රජය මෙරට ජනතාවට දුන් වැදගත් පොරොන්දුවකට ප‍්‍රාණය දුන් මේ මොහොත දැකබලා ගැනීමට අපි වාසනාවන්ත වෙමු. අතුරුදන්වූවන් සඳහා වූ කාර්යාල පනත වසර 2016 අගෝස්තු මාසයේ දී සම්මත වූ අතර එහි රාජකාරී කටයුතු කරගෙන යාමට හා පරීක්ෂණ ඉක්මනින් ආරම්භ කිරීම සඳහා පෙබරවාරි 27 වැනි දින සත් පුද්ගල කොමිෂන් සභාවක් ප‍්‍රකාශයට පත්කරන ලදී.

80 බියකරු දශකය

අතුරුදන්වූවන් සඳහා අරගලයට මාගේ කැපවීම මගේ දේශපාලන ගමන තරම් ඈතට ගමන් කරයි. විශාල වශයෙන් පුද්ගලයින් අතුරුදන් වන බියකරු කාල පරිච්ජේදයක් වූ 80 දශකය මගේ සිහියට නැගේ. මගේ නගරාශ‍්‍රිතව ද සිදුවූ එකී ක‍්‍රෑර ක‍්‍රියාකාරකම් මා උද්වේගයට පත්කළ අතර එය මගේ ජීවිතය දේශපාලනයට කැප කිරීම සඳහා තීරකයක් වූ අතර එම ක‍්‍රෑරත්වයෙන් අගතියට පත් පවුල්වලට සාධාරණය ඉටුකිරීමේ ප‍්‍රබල ආශාව මා තුළ ඇතිවිය. ඒ කාලය තුළ එම ක‍්‍රෑරත්වයට එරෙහි ව සටන්කළ නායකයින්ගේ වදන් මා මෙම අරගලය සඳහා පෙළඹවීමට ප‍්‍රධාන කරුණක් වූ අතර එකී නායකයින් අතර හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා ද එක් අයෙකු වීම දෛවයේ විශාලතම සරදමක් විය හැකිය. එකී අතුරුදන්වූ පුද්ගලයන් සෙවීම හා ඊට සමාන සැහැසි ක‍්‍රියා අනාගතයේ සිදුවීම වැළැක්වීම සම්බන්ධව ඔහු මහත් උනන්දුවෙන් ඒ කාලයේ දී කථා කළේ ය. ඔහුගේ හද සසල කරවන වචන හා එදා අවශ්‍යව තිබූ අරගලය සඳහා ඔහුගේ කැපවීම මා සිත්තුළ තදින් ධාරණය වූ අතර ඒ කාරණයම නිසා අපි සාධාරණය සොයා ගමනක් ආරම්භ කළෙමු.

දෛවයේ සරදමක් වූ මහින්ද

Mangala Mahinda Poster වසර 1990 දී දියත් කළ මව්වරුන්ගේ පෙරමුණේ සම කැඳවුම්කරුවන් වුයේ රාජපක්ෂ මහතා සහ මම ය. මෙය දකුණේ අතුරුදන් වූ ළමුන් සෙවීම උදෙසා ආරම්භ කළ ව්‍යාපාරයක් වූ අතර මෙකී සංවේදී මාතෘකාව වටා දේශනාවක් සිදුකිරීමට එම ව්‍යාපාරය මහත් බලපෑමක් ඇතිකළේ ය. අද මෙරට අහිංසක මව්වරුන්ගේ වේදනාව දුරලීම උදෙසා රැගෙන ඇති පියවර කඩාබිඳ දැමීමට හඬනගන සංවේදී හා ඝෝෂාකාරී උත්සාහයන් සම්බන්ධව මම කණගාටුවට පත්වෙමි.

මේ අන්දමට මෙතෙක් ආ මෙම ගමන ඉතා දිගු මෙන්ම පහසු එකක් නොවේ. අතුරුදන්වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීමට අද දවසේ සැබවින්ම අවශ්‍යතාවක් ඇති කළේ වසර 30කට ආසන්න ඉතිහාසයක් ඇති ප‍්‍රචණ්ඩත්වය යි. එය පෙරටත් වඩා දැඩි ලෙස දැන් අවශ්‍ය වී ඇත. පශ්චාත් යුධ ප‍්‍රචණ්ඩත්වයට වසර කීපයකට පෙර 70 සහ 80 දශකවල JVP කැරලි සමයේ සිට අපි බොහෝ ගැටුම්වලින් පීඩාවිඳ ඇත්තෙමු. මෙකී පීඩාකාරී කාල වකවානුවල දී අතුරුදන්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබූ අවධියක මෙම ගමන සම්පූර්ණයෙන් නිමා කිරීමට කිහිප දෙනෙකු අප සමඟ එකට එක මඟ ගමන් කළහ. මෙම සාහසික අපරාධවලට එරෙහිව දුක්ඛප‍්‍රාප්තියෙන් කථාකළ හඬවල් හදිසියේම ඔවුන්ගේ එකී හෙඬේ ස්වරය වෙනස් කිරීමට පටන් ගත්හ. එලෙස හඬනැගූ පුද්ගලයෝම බලාපොරොත්තු රහිත ලෙස තම කඳවුරු වෙනස් කරමින් අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ප‍්‍රහාර එල්ල කළ අතර ඒවා මෙහෙයවන ලැබුවේ රාජපක්ෂ මහතා ගේ පාර්ශවය විසිනි.

ආත්මාර්ථකාමී දේශපාලනය පැත්තකින් තියමුද ?

වාර්තාවන ආකාරයට අතුරුදන්වන පුද්ගලයන්ගේ ප‍්‍රමාණය දිනපතා ඉහළ යමින් අතුරුදන්වූවන්ගේ ප‍්‍රශ්නය තවමත් න්‍යාය පත‍්‍රයේ ඉහළින් ම තිබේනම් ඒ වෙනුවෙන් සටන් නොකරන්නේ මන්දැයි යන ප‍්‍රශ්නය තවමත් ඉතිරිව තිබේ. උත්තරය සරල හා කණගාටුදායක යි. පසුගිය වසර 30 ක් පුරාවට අතුරුදන්වූවන්ගේ පවුල්වල දුක්ගැහැට පරයමින් ආත්මාර්ථකාමී ප‍්‍රතිපත්ති හා පක්ෂ දේශපාලනය ප‍්‍රමුඛස්ථානය ගෙන ඇති බවයි.

1989 දී මේ කාරණය රාජපක්ෂ මහතා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඔවුන් සම්බන්ධ ලේඛන සහ තොරතුරු රැගෙන යන අවස්ථාවේ ඔහුව ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැනීමට හේතුවූ අතර එතුමා සටන් වැදි එම කාරණයම ඔහුගේ කඳවුර විසින් අද දින රණවිරුවනට පහර ගසන ව්‍යාපාරයක් ලෙස ආලේඛනය කර තිබේ. දේශපාලන ලාභ තකා සත්‍ය කාරණය විකෘතිකර බලලෝභී කිහිප දෙනෙකුගේ අතට පත් උපකරණයක් වී එය සටකපට ලෙස මෙහෙයවා ඇත. පොදු ජනතාව ව්‍යාකූලත්වයට පත්කිරීම සඳහා දුර්මත ඉදිරිපත් කර ඇති අතර ඒවායින් අගතියට පත්වී ඇත්තේ අන් කවුරුන් හෝ නොව තම සමීපතමයන් අහිමිවීමෙන් දුකට පත් පවුල්වල සාමාජිකයින් පමණි. නමුත් වැරැද්දක් නොකර සිටිනු! මෙකී ආත්මාර්ථකාමී කිහිප දෙනෙකුගේ අගතිගාමී ක‍්‍රියාකාරකම් හේතුවෙන් අපේ ගමන නිමාවකට පත් නොවේ.

අතුරුදහන්වූවන් සෙවීම යනු සත්‍ය සෙවීමයි !

අතුරුදන්වූවන්ගේ කාර්යාලය එක් ප‍්‍රජාවකට පමණක් ප‍්‍රතිලාභ ගෙනදී තවත් ප‍්‍රජාවකට තර්ජන කිරීමට අරමුණුකර නොමැත. එය හුදෙක් සත්‍ය සෙවීමේ ක‍්‍රියාදාමය කි. එහි අරමුණ අතුරුදන්වූ ලෙස හඳුනාගත් පිරිස් හෝ ගැටුම් පැවැති කාලය තුළ අතුරුදන්වූ පිරිස් පිළිබඳ පරීක්ෂණ කර සත්‍ය කුමක්දැයි සෙවීම යි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන ආකාරයට සිවිල් යුද්ධය පැවැති කාලසීමාව තුළ පුද්ගලයින් 16,000 පමණ අතුරුදන්වී තිබේ. ඉන් 5100 පමණ හමුදා අංශවලට අයත් සෙබලූන් වේ. මෙසේ අතුරුදන් වී ඇත්තේ එල්ටීටීඊය විසින් නිර්මාණය කරන ලද ත‍්‍රස්තවාදයට විරුද්ධව සටන් කළ හමුදා සෙබලූන්ම ය. මෙසේ අතුරුදන්වූවන් කොහේ සිටින්නේදැයි යන සත්‍ය සොයා ඔවුන්ගේ පවුල් සාමාජිකයින් හා අනෙකුත් ආදරණියයන්ගේ සන්තාපයන් නිමා කිරීමට කටයුතු කිරීම ජාතියක් ලෙස අපට වගකීම තිබේ.

අතුරුදහන්වූවන් සඳහා වන කාර්යාලයට ලැබී ඇති වරය

අතුරුදන්වූවන් සඳහා පිහිටුවා ඇති කාර්යාලයට ලැබී ඇති වරය නම් සියලූ වර්ග හා ආගම් සීමා මායිම් නොතකා කටයුතු කිරීම යි. උතුරු නැගෙනහිර පැවති ගැටුම් කාලය තුළ හා ඉන් පසුව අතුරුදන්වූවන් පිළිබඳ විමර්ෂණය කිරීමට මෙම කාර්යාලය බලාපොරොත්තු වේ. හමුදා හා පොලිස් සාමාජිකයින් ඇතුළුව සියලූ ජන වර්ගවලට අයත් අතුරුදන්වූවන් ”ක‍්‍රියාන්විතයේ දී අතුරුදන්වූ” ලෙස මෙහිදී හඳුන්වන ලැබේ. නොසන්සුන් දේශපාලන වාතාවරණය තුළ හෝ දකුණේ පැවති සිවිල් කලබල අවස්ථාවල මෙන්ම දිවයින පුරා බලහත්කාරයෙන් සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ද මෙම කාර්යාලය විසින් විමර්ෂණය කරනු ඇත. අතුරුදන්වූවන් සෙවීමේ කාර්යය කරගෙන යාම, එබඳු පුද්ගලයින් සෙවීම, එබඳු පුද්ගලයින් අතුරුදන්වීමට බලපෑ කරුණු කාරණා හා එසේ අතුරුදන්වූවන්ගේ ඉරණම පැහැදිලි කර ගැනීම, අදාළ බළධාරීන්ට එවැනි සිදුවීම් අඩුකර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීම හා අතුරුදන්වූවන්ගේ පවුල්වලට කළහැකි නිසියාකාර සහන සැපයිය හැකි මාර්ග නිර්දේශ කිරීම හා එම ක‍්‍රියාමාර්ග අගතියට පත් පවුල් වෙත දැනුම් දීම යනාදිය අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලබාදී ඇති මෙම වරය මගින් සහතික කරදී තිබේ.

විමර්ෂණ ආයතනයක භූමිකාව හැර අතුරුදන්වූවන්ගේ කාර්යාලය උසාවියක් බඳු නීතිය පසිඳලීමේ හෝ අධිකරණ ආයතනයක් නොවේ. මීට අදාළ නීතිය පැහැදිලිවම සඳහන් කරන්නේ ”අතුරුදන්වූවන්ගේ කාර්යාලය සොයාගන්නා කරුණු කිසිදු අපරාධ හෝ සිවිල් අධිකරණ ක‍්‍රියාවකට” ඉඩකඩ ලබා නොදෙන බවයි.

රණවිරු දඩයමක් ගැන මිත්‍යා අදහසක් !

අපගේ රණවිරුවන් දඩයම් කර ඔවුනට නීතීය මඟින් කටයුතු කිරීමේ අරමුණින් මෙය පිහිටුවා ඇතැයි පතුරුවා ඇති මිත්‍යා මතය සම්පූර්ණ අසත්‍යයකි. ප‍්‍රචණ්ඩත්වය ඇතිකළ වරදකරුවන්ට එරෙහි අභිචෝදනා ගොනු කිරීමට අතුරුදන්වූවන් ගේ කාර්යාලයට හැකියාවක් නොමැත. සාමය හා සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් මෙම රජය ගෙන ඇති අවංක හා සාධාරණ ක‍්‍රියාමාර්ග නැවැත්වීමට එසේ කටකථා පතුරුවන ලද්දේ යම් යම් දේශපාලන මෙහෙයවීම් විසිනි. අතුරුදන්වූවන්ගේ කාර්යාලය යනු ගැටුම් කාලසීමාවේ දී අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල් සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ මිතුරන්ගේ දුක් ගැනවිලි ආමන්ත‍්‍රණය කිරීම සඳහා හා අනාගතයේ දී ඔවුන්ගේ එකී දුක්ගැනවිලි යහපත් ලෙස පිරියම් කිරීම උදෙසා පිහිටුවන ලද කාර්යාලයක් පමණි. තම සමීපතයන් හා මිතුරන් අහිමිවූ පුද්ගලයනට විශ්වාසය හා බලාපොරොත්තු අලූත්කර ගැනීමට අතුරුදන්වූවන්ගේ කාර්යාලය ඉඩප‍්‍රස්ථාව ලබාදේ. එය එක් ප‍්‍රදේශයකට හෝ ජන වර්ගයකට සීමා නොවන අතර සියලූ ජන කොටස්වලට ආත්මාභිමානය හා සමෘද්ධිය පොරොන්දු ළඟාකරදීමට වේ. මෙකී පියවර අගතියට පත් ප‍්‍රජාව හුදෙකලාවීමෙන් හා අන්තගාමීත්වයට යටවීමෙන් වලක්වන අතර එය අප රටේ හා ජාතියේ සාමය හා ස්ථාවරත්වයට යම් දිනෙක බලපෑම් එල්ලවිය හැකි නව ප‍්‍රවණතාවේ ත‍්‍රස්තවාදය මෙරට බිහිවීමේ ඉඩකඩ ද වලක්වනු ඇත.

2015 පොරොන්දුව

OMP 2වසර 2015 දී සම්මුතිවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීමට පොරොන්දු දෙන ලදී. සාමාන්‍ය වැසියා හා සිවිල් සමාජ සංවිධාන විසින් ලබාදෙන ලද නිර්දේශ මත අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ගැන ප‍්‍රබල සැලකිල්ලක් දක්වන ලදී. අගතියට පත් පවුල් මේ පිළිබඳ ප‍්‍රබල අදහස් දැක්වූ අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිවුවීමේ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීමේ දී ඔවුහු ඔවුන්ගේ හැකි උපරිම සැලකිල්ලක් ඒ සඳහා දැක්වීය. අද ඔවුන්ගේ හඬට ඇහුම්කන් දී තිබේ. ඒ අනුව ජනවර්ගය, ආගම හෝ භූගෝලීය පිහිටීම නොතකා සියලූ දෙනාගේ වටිනා අදහස් හා තොරතුරු ලබා ගැනීම සඳහා සියලූ කණ්ඩායම් සමඟ එක්කාසු වී කටයුතු කිරීමට අතුරුදන්වූවන් පිළිබඳ පිහිටුවා ඇති කාර්යාලය සූදානමින් සිටී. ජනතාව විසින් ඉල්ලා සිටි පරිදි එසේ කිරීමට මේ තීරණය ගන්නා ලදී.

අපගේ දේශපාලන වෙනස දුර නොදක්නා දේශපාලන ප‍්‍රතිපත්තීන් සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධව හොරණෑ ගසන ක‍්‍රමවේදයට අවසානයක් ගෙන එමින් තිබූ බව 2015 වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී මම ප‍්‍රකාශ කර සිටියෙමි. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම මම එදා දුන් එකී පෙරොන්දු ඉටුකිරීමේ පළමු උදාහරණය යි. රජයේ වුවමනාවන්හි වෙනස්වීම නොතකා මෙම ස්වාධීන ආයතනයට තම විමර්ෂණ කටයුතු දිගටම කරගෙන යාමට හැකි පරිදි එය සංස්ථාපනය කර ඇත. මෙය ඕනෑම දේශපාලන නැමියාවන් හෝ බැඳීම්වලට ස්වාධීනව ක‍්‍රියා කරන ස්වතන්ත‍්‍ර පාරදෘෂ්‍ය කොමිසමකි.

මෙම බහුවාර්ගික දිවයිනට තිර සාමය හා සමෘද්ධිය කරා තැබීමට ඇත්තේ තව එක් පියවරක් පමණි. මෙම ශ්‍රේෂ්ඨ දිවයිනේ පුරවැසියන් ලෙස අපි මෙම පියවර එකාමෙන්ව ගත යුතුය. බැරෑරුම් කාලපරිච්ජේයක් පසුකරමින් අපි එය කර ඇත්තෙමු. විවිධාකාර කෙණහිලිකම් අපි විඳදරා ගත්තෙමු. අද අපි මෙහි සිටින්නේ වඩා යහපත් අනාගතයක් අපේක්ෂාවෙනි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර