Language Switcher

V2025

“වියත් මග” ඔස්සේ ගෝඨාට කෙතරම් දුරක් හා හැකිද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මේ දිනවල කොළඹ ඉහළ මැද පන්තිය අලුත් නායකයකු සොයති. ඒ නායකයා ඔවුන් සිතා සිටින අයුරු සොඳුරු ආඥාදායකයකු විය යුතුය. ඔවුන් කතා කරන එවැනි ආඥාදායකයන් කිසිවකු සොඳුරු වූ බවක් අප අසා නැත. මේ සොඳුරු යැයි සිතන ආඥාදායකයන් ඔවුන් නිවැරදි යැයි වාගේම ඔවුනට අවශ්‍ය යැයි වාගේම ඔවුන්ට සිතන ඕනෑම වැඩක් රටේ ජනතාව දඬුකඳේ ගසා හෝ කර ගත්තේය. මේ දිනවල අසන්නට ලැබෙන එවැනි සොඳුරු ආඥාදායකයකු ගැන කතා සමග මට මතක් වූයේ මා පෞද්ගලිකව විඳි අත්දැකීමකි. කලකට ඉහත මගේත් මගේ සමීප මිතුරියක වූ ලීනා අයිරින් හපුතන්ත්‍රිගේත් පොදු මිතුරෙකුට වූ අකර තැබ්බයකින් පසු ඔවු අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලෙබුවේය. දිනක් ඔහු බැලීමට අප දෙදෙනා එහි ගිය විට හදිසියේ එතැනට පැමිණි මැදි වයසේ පුද්ගලයෙකු ඉතා දැඩි ස්වරයකින් අප එතන කුමක් කරන්නේදැයි විමසුවේය. අප බැලීමට පැමිණි රෝගියා කිසියම් සායනයකට ගෙන ගොස් ඇති බැවින් ඔහුව නැවත වාට්ටුවට රැගෙන එන තෙක් සිටින වග අපි කීවෙමු.

“ඕවා හරියන්නේ නැහැ මම ඩොක්ටටත් කිවුවා. මෝඩයෝ ඔක්කොම අල්ලලා දම්වැල් දාලා මේ ඇඳන්වල බඳින්න ඕනේ” එකදිගට එසේ කීවිට ඔහුද මානසික රෝගියෙකු බැව් අපි තේරුම් ගතිමු.

“මේ රට ගොඩගන්න නීතිය අකුරට තියෙන්න ඕනේ. මුන් ඔක්කොටම අකුරට වැඩ කරන්න ඕඩර් දෙන්න ඕනේ. වෘත්තිය සමිතිකාරයින්ට කියන්න ඕනේ අකුරට වැඩ කරන්න බැරි නම් තියලා පලයල්ලා කියලා” ඔහු කියන්නට විය. ඒ අසලින් ගිය රෝහල් සේවකයෙකු “මෙයාට මාර ප්ලෑන් තියෙන්නේ හැබැයි ඒවට සල්ලි නැහැ” යැයි කියමින් ගියේය. “සල්ලි” හරියට අකුරට වැඩ කරන්න මම ඕඩරේ දුන්නම, සක්වල සල්ලි ඔක්කොම මෙහේට ගලනවා. ඩොක්ටර් දන්නවා වැඩේ.... මගේ ඕඩරේට තමයි එහෙම වැඩ වෙන්නේ” යැයි කියා ඔහු යන්නට ගියේය.

මානසික රෝගියෙකු වූවත් ඔහුගේ කතාව වූයේද කොළඹ මැද පංතිය කතාකරන සොඳුරු ආඥදායකයකුගේ දේශපාලන ප්‍රවිශ්ටයමය. එහි වෙනසකට තිබූයේ මානසික රෝගියෙකු හෙයින් ඔහුට සිංහල බෞද්ධ යැයි තේරීමක් නොවීමය. එනිසා ඔහු කොළඹ ඉහළ මැද පන්තියට වඩා ප්‍රගතශීලී වූවෙකි.

කොළඹ මැද පංතියට අවශ්‍ය සොඳුරු ආඥාදායකයා සිංහල බෞද්ධයෙකුද විය යුතුය. ඒ සිංහල බෞද්ධකම බණ්ඩාරනායකගේ සිංහල බෞද්ධකමට වඩා සිරිල් මැතිව්ගේ සිංහල බෞද්ධකමට ඥාතිකම් කිව යුතුය. සිරිල් මැතිව්ගේ සිංහල බෞද්ධ දේශපාලනය විවෘත ආර්ථිකයෙන් අතහැර දැමෙන බහුතර සිංහල බෞද්ධ සමාජයේ ඡන්ද සඳහා ඉදිරිපත් කෙරුණකි. අසීමිතව ලිහා දැමුණු විවෘත ආර්ථිකයෙන් ජීවිතයට කිසිදු හව්හරණක් නොමැති බහුතර සිංහල බෞද්ධ ජනතාවට රටේ අයිතිය රැකීමේ හිස් “දේශප්‍රේමී” වගකීමක් ඔහු විසින් පවරනු ලැබිණ. එය දෙමළ ජනතාවට එදිරිව සිංහල සමාජයේ පැල කරනු ලැබිණ. 83 කළු ජූලියෙන් සනිටුහන් කෙරුණේ ඒ මෘග දේශ‍ප්‍රේමී සිංහල බෞද්ධ දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය විය.

එතැන් සිට විවෘත වෙළෙඳපොළ ආර්ථිකය හා සමගාමීව දකුණේ නාගරික මැද පන්තිය සොයන්නේ සිංහල බෞද්ධ ආඥාදායකයෙකි. එය  මහින්ද රාජපක්ෂගෙන් වඩාත් ඔප මට්ටම් වූවකි. ඔහු රජෙකු සොයන මේ පසුගාමී සිංහල බෞද්ධ සමාජයට කදිමට ගැළපුනෙකි.“නිසි කලට වැසි ලැබෙන්නෙ රජු දැහැමි නම්” යැයි සිතන සිංහල බෞද්ධ මානසිකත්වයට ගැළපෙන අයුරු කපා මැසූ ප්‍රතිරූපය මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය විය. නූතන රාජ්‍ය පාලකයෙකුගේ පෙනුමෙන් එහාට අතීතයට ගෙන යනු ලැබූ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් “අපේ මහ රාජාණෝ” යැයි ස්තෝත්‍ර ගැයුණේ ඒ නිසාවෙනි. අද මේ නාගරික සිංහල බෞද්ධ වියතුනට ඇති අර්බුදය මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නට 19 වන ව්‍යාවස්ථා සංශෝධනයෙන් තබා ඇති තහංචියය. එබැවින් ඔවුහු විකල්පයක් සොයා ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගෙනි. ඔවුන් සොයාගිය සිංහල බෞද්ධ සොඳුරු ආඥාදායකයාට ඔහු ගැලපෙන්නේ යැයි සිතන හෙයිනි.

මීට වසරකට පමණ ඉහතින්ද ගෝඨාභය ජනාධිපතිවරණයට සුදුස්සකු සේ ඉදිරිපත් කිරීමට “වියත් මග” යැයි උත්සවයක් බොරලැස්ගමුවේ උත්සව ශාලාවක පැවැත්විණ. එය අසාර්ථක වූයෙන් “එළිය” යැයි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සම්පාදනය ගැන සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කෙරිණ. එයද එක සම්මන්ත්‍රණයකින් අහවර විය. මෙවර ගෝඨාභය වේදිකාවට ගෙනෙන්නට මේ කොළඹ ඉහළ මැද පංතික වෘත්තික හා ව්‍යාපාරික කණ්ඩායම විශාල මහන්සියක් ගෙන තිබේ. මෙවර ගෝඨාභයද එවැනිම දායකත්වයක් ඊට ලබාදි තිබිණ. එබැවින් මෙවර ඔහුගේ යළි දොරට වැඩුම නැවත. “වියත් මග” ලෙසින් පවත්වනු ලැබූයේ කොළඹ ෂැංග්‍රී-ලා හෝටලයේදීය. එයට 2500 කට අධික පිරිසක් ආරාධනා ලැබ තිබිණ. ඉන් දෙදහසක් සහභාගි වී යැයි ප්‍රධාන මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

මෙම ෂැංග්‍රී-ලා හෝටලය සිංගප්පූරු හිමිකම් ඇති ජාත්‍යන්තර අධි සුඛෝපභෝගී හෝටල් ජාලයක ශ්‍රී ලංකාවේ නවතම හෝටලය වේ. එය ස්ථානගත කෙරෙන්නේ කොළඹ අනෙක් සියලු හෝටල්වලට ඉහළින්ය. මෙවැනි හෝටලයක උත්සවයක් සඳහා මිල කිරීමේදී එක් පුද්ගලයෙකුට අවම රුපියල් 10,000 ක් වැය වන්නේය. එසේ වුවහොත් ඝෝඨාභය දොරට වැඩමවීමේ “ෂැංග්‍රී-ලා උත්සවයට” අනෙක් වියදම් අතහැර අවම වශයෙන් රුපියල් මිලියන 20 ක් හෝ එවැනි මුදලක් වැය කළ පුද්ගලයා හෝ පුද්ගලයන් කිහිප දෙනා කවුරුන්ද යන්නයි. ගෝඨාභය ඔසවා ගෙන එන්නට ඔවුන් එලෙසින් වැය කරන්නේ කාගේ උවමනාවටද යන්නය.

මේ ප්‍රශ්නය මා මතුකළ කිහිප තැනක තිබුණු පිළිතුර වූයේ ෂැංග්‍රී-ලා හෝටලයට කිසිදු වියදමක් නොවූ බවය. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එහි කළමණාකාරීත්වය ඒ සියලු පහසුකම් නොමිලේ ලබා දුන්නේ යැයි පිළිතුර විය. ඒ පිළිතුර තවත් ප්‍රශ්නයකට හේතු වන්නකි. ෂැංග්‍රී-ලා හෝටල් කළමණාකාරීත්වය එවැනි මිලියන ගණනක සේවාවක් ගෝඨාභය වැනි රැකියාවක් හෝ නොකරන, හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දෙන්නට ඔහුගේ ඇති විශේෂත්වය කුමක්ද යන්නය. එයට උත්තරය ඇත්තේ ගෝඨාභයම මීට පෙර ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතකට කර තිබූ ප්‍රකාශයකය.
එහි ඔහු කියා තිබූ කතාවට අනුව කොළඹ හමුදා මූලස්ථානය පිහිටි රාජ්‍ය ඉඩම තමන්ගේ ෂැංග්‍රී-ලා හෝටලය සඳහා සුදුසුම භුමිය යැයි තෝරාගෙන ඇත්තේ හෝටල් හිමිකරුවන්ය. එය දෙසතියක් ඇතුලත හෝටල් හිමිකරුවන්ට ලබා දෙන්නට තමන් පියවර ගත්තේ යැයි ගෝඨාභය එහිදි පවසා තිබිණ. ඔහු එය මහත් ආඩම්බරයකින් පවසා තිබුයේ එලෙස තීන්දු ගැනීමට නොහැකි නම් ආයෝජකයන් මෙහි නොඑන බව කීමටය. අපට එහි ප්‍රශ්න කිහිපයක් ඇත. ඒ ඉඩමේ රාජ්‍ය තක්සේරුවට අනුව වෙළෙඳපොළ මිල කුමක්ද? ඒ සඳහා වෙනත් ගැණුම්කරුවන් නොවුණිද? ගෝඨාභයගේ කතාවට අනුව එය ෂැංග්‍රී-ලා හෝටල් අයිතිකරුවන් සමග කෙරුණු සෘජු වෙළෙඳාමකි.

එයම මහා දූෂණයකි. මහ භාණ්ඩාගාරයට බැර විය යුතු ඉඩම අලෙවිකර ලබාගත් මුදල කැබිනට් පත්‍රිකාවක් මගින් වෙනත් බැංකු ගිණුමක තැන්පත් කිරීමද බරපතල වරදකි. එවැනි මුදල් වෙනම බැංකු ගිණුම්වලට බැර කරන්නට ඇමති මණ්ඩලයට තබා විධායක ජනාධිපතිවරයාට හෝ බලයක් අයිතියක් නැත. එබැවින් කැබිනට් පත්‍රිකාවක් තිබුණත් නොතිබුණත් එය බරපතල මුදල් අක්‍රමිකතාවකි. ඒ සියල්ලෙහි යටි පෙළ අරුත වන්නේ ඒ ගණුදෙනුවෙන් ෂැංග්‍රී-ලා හෝටල් හිමිකරුවන්ට රුපියල් කෝටි ගණනක ලාබයක් තිබූ වගය. එබැවින් ඇතැමුන් යෝජනාකරන අයුරු ගෝඨාභයගේ “වියත් මග” උත්සවයට අයිතිකරුවන් ෂැංග්‍රී-ලා හෝටලය නොමිලේ ලබාදුන්නේ නම් එය ප්‍රමාද කර ඔහුට දෙනු ලැබූ අල්ලසකි. ඊලඟ ජනාධිපතිවරණය සඳහා වියත් සිංහල බෞද්ධ නායකයෙකු තේරීමෙදි බොහෝ දෙනා පමණක් නොව ගෝඨාභය ඉංග්‍රීසි පුවත් පතකට කියා තිබුණේ මේ යුගයේ ලොව පුරා ජනතාව තෝරාගන්නේ සම්මතයෙන් බැහැර ඩොන්ලඩ් ට්‍රම්ප් වැන්නවූත් බවය. ගෝඨාභය කියන අයුරු නීතිය අකුරට ක්‍රියාත්මක කළ හැකි ස්ථාවර රටක් වෙනුවෙන් අවශ්‍ය වන්නේ එවැනි සම්මතයෙන් බැහැර නොසැලී නොපැකිළිව තීන්දු ගත හැකි නායකයෙකු නම් ගෝඨාභය රාජපක්ෂට ඇති සුදුසුකම කවරේද?

ඔහු ඉංග්‍රීසි පුවත්පතකට කියා තිබූ අයුරු මේ රටට හොඳම නායකයා මහින්ද රාජපක්ෂ වූවත් 19 වන ව්‍යාවස්ථා සංශෝධනයෙන් ඔහුට එම අවස්ථාව අහිමි කර ඇති බැවින් දිනිය හැක්කේ මහින්ද රාජපක්ෂයේ පූර්ණ සහය ලබන්නෙකුට පමණි. ඔහු සිතා ඉන්නේ ඔහුට ඒ සුදුසුකම ඇත කියාය. එහෙත් එය ගෝඨාභයට ලැබෙන්නේ නැත. ඊලඟ ජනාධිපතිවරණයෙන් තමන් හැර වෙනත් කිසිවෙකු ජනාධිපති කිරීමට මහින්ද රාජපක්ෂ සූදානම් නොවනු ඇත. බන්ඩාරණායක පවුල ජනාධිපති අපේක්ෂක කොබ්බෑකඩුවගේ කකුලෙන් ඇද්දාක් මෙන් තමන්ගේ පවුලේ වෙනත් කෙනෙකුගේ කකුලෙන් අදින්නට අපේක්ෂකයෙකු නම් කිරීමට මහින්ද රාජපක්ෂට නොහැක. රාජපක්ෂ පවුලේ අවසාන තීන්දු ගැනෙන්නේ මහින්ද රාජපක්ෂගේ අභිමතය අනුව පමණි. ඒ භිමතය අනුව නාමල්ගේ සුදුසුකම් මෝරා සම්පූර්ණ වන තෙක් මහින්දම දේශපාලනය කළ යුතුය. ඔහු පාර්ලිමේන්තු මැතිවරණයක් පසුපස එළවන්නේ ඒ නිසාය.
 
ඒ පවුලේ දේශපාලනය පැත්තකින් තබා ගෝඨාභයගේ සුදුසුකම් ගැන කතා කළ හොත් එය සටහන් කළ හැක්කේ කෙලෙසද? ඉතා කෙටියෙන් එය මෙවැනිය. (1) මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් බිහි කිරීම. (2) මේ රටේ දෙමළ විරෝධයට අමතරව ප්‍රචන්ඩ මුස්ලිම් විරෝධයකට දායක වීම. (3) ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධව සැකයට පාත්‍රව සිටීම. (4) හමුදා බලය යටතේ ඝාතන කල්ලියක් තබාගත්තේ ඇයි චෝදනා එල්ලවීම. (5) පෝද්දල ජයන්ත ඇතුළු මාධ්‍යවේදීන් පැහැරගෙන යාමටත් වද හිංසා පැමිණ වීමටත් චෝදනා එල්ලවී තිබීම. (6) ඇවන්ගාඩ් ගනුදෙනු සම්බන්ධව සැකයට භාජනය වීම. (7) තම පියා වෙනුවෙන් අනුස්මරණ සංකීර්ණයක් ඉදිකිරීම සඳහා රජයේ මුදල් අපහරණය සහ අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබීම වැනි කිහිපයක් ඇත. ප්‍රසිද්ධියේ කෙරෙන මෙවැනි චෝදනා හමුවේ මුදල් දූෂණ සම්බන්ධයෙන් හා වෙනත් චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමටත් නඩු පැවරීමටත් බෙහෙවින් ඉඩ ඇත. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස නීතිය අකුරට ක්‍රියාත්මක කළේ යැයි ද රටේ නායකයා ලෙස තේරී පත් වුවහොත් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නේ යැයිද ඉදිරිපත් වන්නේ නම් නීතිය හමුවට ගොස් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ඔහු බියවිය යුතු නැත. බැසිල් හා නාමල් රාජපක්ෂ මෙන් නීතිය ඉදිරියේ පෙනී සිටීමට ඔහුද සූදානම් විය යුතුය. එහෙත් චෝදනා සඳහා තමන් අත්අඩංගුවට පත්වේ යැයි හැඟුණු හැම විටම ගෝඨාභය අධිකරණයේ පිහිටෙන් අත්අඩංගුවට ගැනීමෙන් වැලකින. අද ඔහු එළියේ සිටින්නේත් වියත් මග උත්සවයට පැමිණිය හැකි වූයේද අධිකරණයෙන් ලබාගත් අවසරයෙනි. මෙවැන්නෙකු ඊලඟ ජනාධිපතිවරණය සඳහා සූදානම් කර ඉදිරිපත් කරන්නට කොළඹ වියතුන් හා කවර ඝනයේ ව්‍යාපාරිකයන් වුව සැලසුම් කෙරුවාට ගෝඨාභය රාජපක්ෂට නාම යෝජනා දෙන කිසිදු ප්‍රධාන පක්ෂයක් නැත. එජාපයෙන් කිසි දිනක ගෝඨාභයට නාම යෝජනා ලැබෙන්නේ නැත. නැවත වරක් ජනාධිපතිවරණය නොඑන පොරොන්දු පිට පැමිණි ජනාධිපති සිරිසේන විශ්‍රාම නොයන බව පවසයි. එසේ නොවුනත් ශ්‍රීලනිපයෙන් ඔහුට නාම යෝජනා ලැබෙන්නේද නැත. “රාජයෝග” ඇති කිහිප දෙනෙකු එහිද ඇත. මහින්ද රාජපක්ෂට නොහැකි හෙයින් සහ නාමල් රාජපක්ෂ තවමත් කනිෂ්ඨයෙකු වන හෙයින් ඉදිරිපත් නොකෙරුණේ පොහොට්ටුවෙන් ගෝඨාභයට ජනාධිපතිවරණයකදී නාම යෝජනා ඉල්ලා ගත හැක්කේ විමල්  වීරවංශගේ හෝ ගම්මන්පිලගේ පක්ෂයෙන් පමණි. එවැනි තේරීමක් නම් ඔහුට ගැළපෙනු ඇත. ඔවුන්ටද මේ දිනවල කරකියාගත හැකි  කිසිත් නොමැති හෙයිනි.

කුසල් පෙරේරා 