Language Switcher

V2025

අවවාදයයි! හිට්ලර් වගේ කෙලින් වෙන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන උපන් දිනය දා කොළඹ දී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදෙමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමි කරන ලද ප්‍රකාශයක් පිළිබඳ විශාල කතාබහක් සමාජය තුළ පැනනැගිණි. ඊට දැඩි විරෝධයක් ද සමාජයේ විවිධ ස්ථර තුළින් මතුවිය.

සමාජ විරෝධයට තුඩුදුන් අනුනාහිමියන්ගේ ප්‍රකාශය මෙසේය.

“ඔබතුමා ගැන සඳහන් කරන කොට හිට්ලර් හැටියටත් හඳුන්වලා තිබුණා. ඉතිං අපි මතක් කරනවා. හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නෙ. ඔබතුමා මිලිටරි පාලනයක් හරි අරගෙන ඇවිල්ලා මේක හදන්න කියලා නැවතත් මතක් කරනවා.”

මෙම කියමන ප්‍රකාරව අපට තේරෙන එකම කරුණ නම් දැඩි ඒකාධිපතියකු, මිලිටරි පාලකයකු වී හෝ බලය ගෙන කටයුතු කරන්න කියන ඉල්ලීම හැර අන්යමක් නොවේ. අනුනායක හිමියන්ගේ ප්‍රකාශය එසේ තේරුම්ගත්, දුහුනන්ගේ දැනුම පිණිස උන්වහන්සේ නැවතත් ලිපියක් ලියා මාධ්‍ය වෙත නිකුත් කොට තිබිණි.

එමඟින් උන් වහන්සේ අවධාරණය කර සිටින්නේ, පාලකයකු සතු විය යුතු ‘ඍජු ගුණය‘ පිළිබඳව අවධාරණය කළ බවයි. එය ලිපියෙහි මෙසේ සටහන් කර තිබිණි.

“රටක් පාලනයේදී සෘජු ප්‍රතිපත්ති තිබිය යුතු බව මා එයින් ප්‍රකාශ කළා විනා හිට්ලර් සේ මිනිසුන් මරමින් මිලේච්ඡ පාලනයක් කළයුතු බවක් අදහස් නොකළමි.“

“මිලිටරි පාලනය , හමුදාපාලනය , හිට්ලර් යන වචනවලින් සෘජු ප්‍රතිපත්ති මත සිට රාජ්‍ය පාලනයක් සිදුකළ යුතු යන්න පැහැදිළි කළ අතර සෘජු ප්‍රතිපත්ති යනු දසරාජ ධර්මයන්ගෙන් එක් කරුණකි.

මෙම ප්‍රකාශය තුළින් උන්වහන්සේ සමාජයට දෙන පණිවුඩය වන්නේ, පෙර දා සිදුකළ අනුශාසනාව තුළින් සමාජයට කාන්දු වූ අදහසින් එකී ප්‍රකාශය නොකළ බවයි. අවසයි හාමුදුරුවනේ, ‘හැඟීමට වඩා වචනය බලවත්‘ බව ඔබ වහන්සේ නොදන්නවා යැයි කිසිවකු කල්පනා නොකරනු ඇත.

තවද හිට්ලර් යනු "සිත් පිත් නැති කුරිරු ඒකාධිපතියෙකු වගේම ම්ලේච්ඡ මිනිස් ඝාතකයකු" බව උන් වහන්සේ දන්නා බවයි. එය එසේ නම් උන්වහන්සේට, තෙරුවන් ගුණ කියැවෙන සූවිසි ගුණ අතර ඇති, දසරාජ ධර්මයන් තුළ ඇති ‘උජුපටිපන්න ගුණය හෙවත් ඍජුභාවය‘පිළිබඳ අනුශාසනා කිරීමට මිනිස් ඝාතනයෙන් ලොවම සසල කළ ඒකාධිපතියකු වූ හිට්ලර් හැර වෙනත් උදාහරණයක් නොතිබුණේ ද යන්න ගැටලුවකි.

මන්ද, බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ මූලික ගුණයක් ලෙස බුදු දහම තුළ අවධාරිත උපහැරණ කොතෙකුත් තිබිය දී, ඉතිහාසය පුරා දසරාජ ධර්මයෙන් රටවල් පාලනය කළ පාලකයන් පිළිබඳ උදාහරණ ඕනවටත් වඩා තිබිය දී, ඍජු ගුණයෙන් සිය ජීවිත කාලය පුරාම කටයුතු කළ මහා සඟ රජවරු ඉතිහාස කතා තුළ සිටිය දී, පන්සිය පනස් ජාතක පොත පුරා විවිධ කතා තුළ උදාහරණ අපමණ තිබිය දී, අමු අමුවේ මිනිසුන් දහස් ගණනක් මරා දැමූ ඒකාධිපති මිලිටරි පාලකයකු වූ හිට්ලර් නම් ම්ලේච්ඡ පාලකයා උදාහරණයට ගෙන ඍජු ගුණය පිළිබඳ දහම් දෙසීම බුද්ධ පුත්‍රයකුට තරම් නොවන බැවිනි.   

ඒ කෙසේ වෙතත් එම ගැටලුවට ද උන්වහන්සේ නිවැරදිව සිය ලිපිය මගින් (ගැලවීමේ න්‍යායෙන් හෝ) පිළිතුරු ලබා දී ඇති බව පෙනේ. එනම්, “මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුත්තේ මෙම ධර්ම දේශනයට අරමුණු කරගත් පිරිසය. බුදුන් වහන්සේ කාලාමයන්ට ගැලපෙන සේ කාලාම සූත්‍රය දේශනා කළා සේද කසීභාරද්වාජට ගැලපෙන සේ කසීභාරද්වාජ සූත්‍රය දේශනා කළා සේ ද, ගොවියන් පිරිසක් සිටි තැන මා ඔවුනට ගැලපෙන සේත් ළමුන් පිරිසක් සිටින තැන ඔවුන්ට ගැලපෙන සේත් කරුණු පැහැදිලි කළ යුතුය. මෙහිදී දේශපාලන නායකයන් පිරිසක් සිටි නිසා ඔවුන්ට ගැලපෙන දහමක් දේශනා කළා විනා පක්ෂග්‍රාහී දේශපාලනයක් කතා නොකළ බව ද සඳහන් කළ යුතුය.“ යනුවෙනි.

එකක් කඩතොලු වසාගන්නට ගොහින් මට උනු කාරියා - දෙකක් කඩතොලු සදා දුන්නයි වෙඬරුවේ ආචාරියා ලෙස කියමන වෙනස් කිරීමට සිදුවේ දැයි, මෙම වාක්‍ය ඛාණ්ඩය කියවන අයකුට සිතුන ද එහි වරදක් නැත.

උන් වහන්සේගේම වචනයෙන් කියතොත්, “බුදුන් වහන්සේ කාලාමයන්ට ගැලපෙන සේ කාලාම සූත්‍රය දේශනා කළා සේද කසීභාරද්වාජට ගැලපෙන සේ කසීභාරද්වාජ සූත්‍රය දේශනා කළා සේ ද, ගොවියන් පිරිසක් සිටි තැන මා ඔවුනට ගැලපෙන සේත් ළමුන් පිරිසක් සිටින තැන ඔවුන්ට ගැලපෙන සේත් කරුණු පැහැදිලි කළ යුතුය.“ අප කවුරුත් දන්නා පරිදි, කිසියම් අයෙකුට අවවාද අනුශාසනා ලබා දීමේ දී එම පුද්ගලයාගේ චර්යා ධර්ම වගේම මානසික ස්වභාවය හඳුනාගෙන ඊට සරිලන සේ එය කළයුතු බව පොදු සත්‍යයකි. ඒ අනුව ගත්කළ වෙඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවෝ සිදුකොට ඇත්තේ ද එයම බව උන් වහන්සේගේ ලිපිය තුළ පසක් කොට ඇත.

උපාලි අනුනායක හිමියන් හොඳන්ම දන්නා ගෝඨාභය රාජපක්ෂ යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාය. එකල සිදුකළ මහත් ව්‍යසනකාරී, භීෂණකාරී මාරාන්තික සමාජ ක්‍රියාවන්වලට ඍජුවම ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු බව ද උන්වහන්සේ මැනවින් වටහාගෙන ඇත. එසේම තමන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කිරීම සඳහා කුප්‍රකට සුදුවෑන් සංස්කෘතිය සමාජගත කිරීමේ වගකීම ඔහු සතු බව ද, හිට්ලර් තමන්ගේ ම්ලේච්ඡත්වය සමාජගත කිරීමට ගෝරිං, හිම්ලර්,ගොබෙලස් යොදාගත්තා සේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ සියලු භීෂණකාරී කටයුතු සඳහා ආරක්ෂක අංශවල සිටි තමන්ගේ ළඟම හිතවතුන් යොදාගත් බව ද උන්වහන්සේ අවබෝධ කොට ගෙන ඇත.

ඒ නිසාම අනෙකාගේ ක්‍රියාවන් කිසිලෙසකින් නොසලක ගුණයෙන් අනූන, මෘදුභාවයක් නැති, ක්‍රෝධයෙන් පිරුණු ගෝඨාභය රාජපක්ෂට දිය යුතු හොඳම අවවාදය ලෙස උන් වහන්සේ තෝරාගන්නේ, මුලු ලොවම ප්‍රතික්ෂේප කර ඇති ‘ම්ලේච්ඡත්වයේ මුදුන්මල්කඩ වූ හිට්ලර්‘ පාලනය උදාහරණයට ගන්නා ලෙසයි. මිනිසුන්ට තිරිසනුන්ටත් අන්ත විදිහට සලකන මිලිටරි පාලකයන් උදාහරණයට ගන්නා ලෙසයි.

"දානං සීලං පරිච්චාගං අජ්ජවං මජ්ජ්වං තපං - අක්කෝධෝ අවිහිංසාච ඛන්තීච අවිරෝධතා" යනුවෙන් බුදු දහමේ දක්වා ඇත්තේ දසරාජ ධර්මයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට මෘදුභාවය ගැන, අවිහිංසාව ගැන, අක්‍රෝධය ගැන, ශාන්තිය ගැන හෝ අවිරෝධතාවය ගැන කරුණු කීමෙන් ඵලක් නැති උපාලි හිමියන් හොඳින්ම තේරුම්ගෙන ඇත. එවැනි කරුණු අහන්න තරම් ගෝඨාභය රාජපක්ෂ සුදුස්සෙක් නොවන බව උන්වහන්සේ තීරණය කර ඇත.

ඒ නිසාම මේ රටේ අනාගතය ගැන අංශුමාත්‍රයක හෝ බලාපොරොත්තුවක් සහිත සිහිකල්පනාව ඇති සියලු දෙනා අස්ගිරියේ අනුනායක වෙඬරුවේ උපාලි නායක හාමුදුරුවන්ට ස්තූතිවන්ත විය යුතුයි. මන්ද දසරාජ ධර්මයන් තුළ මූලික කරුණු නමයක් අතහැර එක් කරුණක් පිළිබඳව පමණක් අවධාරණය කිරීමේ සැඟවූ ඇමුණින් හිට්ලර් පාලනය, මිලිටරි පාලනය උදාහරණයට ගැනීම තුළින් ගෝඨාභය රාජපක්ෂ යනු මිලිටරි හිට්ලර් වගේ ම්ලේච්ඡ ගමන් මගක යන පුද්ගලයකු බව සමාජයට බරපතළ පණිවුඩයක් ලබා දීම නිසාවෙනි.  

c.s.k. තුෂාර