Language Switcher

V2025

ගෝඨාභයගෙන් මිදීම හා ගෝඨා භයෙන් මිදීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

වියත් පිරිසක් මෙලෙස බයවුණු ජනයා ඉන් මුදවන මගක් දෙසනවා. ඔවුන් සකලවිධ ජනයාම බය කළ හැකි බලවතෙක් ජනයා බය කරන්නම හැදූ ජනපතිකමට පත් කරලා ඉන් මැවී විහිදෙන මහා බයෙන් අන් හැම සුළු බය මැඩලා ජනයා ඉන් මුදවන්න සැලසුම් කරනවා. එකකුට බය කරලා අන් සියලු බය මඩින එක ඒකාධිපතිත්වයක් පරයා යන භයාධිපත්‍යයක් වුණත් එක පතෝල පාලනයක් විසින් කරන නෝන්ජල් ජනසම්මතවාදී ව්‍යාකූලත්වයට වඩා හොඳය කියනවා.

ඔවුන් කියන්නේ ක්‍රියාව කෙසේ වෙතත් කතාවෙන් හරි ලොවට අභියෝග කරන කෙනෙක් නැතිව මේ දේ කරන්න බැරි බවයි. රෙදි බැනියම් ඇඳන් සාටක පොරවං ජනයා රවටා පළාත් සභා පාර්ලිමේන්තුවල පජ වෙවී රටකන දේශපාලුවන්ට ලොව තියා රටවත් බය කරන්න බැරිය කියනවා. ලෝකෙට බය ළිං මැඬියන්ට වඩා ළිඳෙන් පැන පිටරටක පුරවැසියෙක් වුණු කෙනෙක් මේ වැඩේට වඩා හොඳය කියාය.

එතනදී වියත්තු හරි ප්‍රායෝගිකයි.

උන්ගේ වියත් මඟට ගෝඨා නියමෙට හරි යනවා. නැත්නම් උන් එතුමට හරියන්න වියත් මඟ හදලා. එතුමගේ නමේම භය තියෙනවා. වැඩ කිඩ හැඩරුව සේරම බය වඩවනවා. ඒ මදිවට එතුමගේ හතුරොයි මිතුරොයි තරඟෙට එතුමට රට බය කරවනවා. සමහරු රටේ වුණු සේරම අපරාධ පව් එතුමගේ බිලට දාල.
සමහරුන්ට සිහිනෙන් සුදු වෑන් පවා පෙනිල.

මෙලෙස රටම බය කරන කෙනෙක් සීයට පනහකින් දිනවන්න අමාරු බව වියතුන්ට වැටහෙන්නේ මේ මෙහොතෙයි. උන් ඒ පාර උපායක් ලෙස පළමුව භය දුරුකර සීයට පනහෙන් ගෝඨා දිනවා ඉන්පසු භයාධිපත්‍ය පතුරවන්න හිතනවා. උන් බය නැගීමේ මෙහෙයුම පටන් ගන්නේ එතුමට වඩාත්ම බය උන් වසන බේරුවලින්. කවුද නානා වඳ පෙති වානා කියනවා. ඒ පාර බල සේනාවක් ලවා මියගිය මහ විරුවන්ට පින් පිණිස නන්දිකඩාල් ඉවුරේ දනක් පිරිතක් සංවිධානය කළා විතරයි කව්ද ඒකේ මහානායක හිරේ දාලා.

යුද්ධයේදී මෝරුන් සමග සැරූ ගෝඨාට සාමයේදී සමනලුන් සමග සැරිය හැකිය කියා තේමා ගීතයක් පැබැඳිලා. සමහරු බයටම අත්වැල් අල්ලනවා.

අපේ පරම සතුරන්ගෙන් අපව රකින්න ඉන්න එකම එකා අපේ සතුරන් එක්ක සාපාටු දානවා කියලා කැවුම් කන යෝධයන්ට හොඳටම තරහ ගිහිල්ලා. කවුරුත් එළිපිට මට එකතු වුණාට රහස් ඡන්දය කාට දෙයිද කියලා ගෝඨාටත් සැක භය ඇති වෙලා.

ඒ පාර ඇමරිකානු කුමන්ත්‍රණවලින් රට මුදවන්න යන ගෝඨාට එතුමට වරක් රටේ උන්ගෙන් බේරෙන්න පිහිට වුණු ඇමරිකන් පුරවැසිකම පරහට හිටලා. ඒක ගත්තා වගේ නොවෙයි ආපහු දෙන එක. උන් දුන්නත් ඒ නෙක කොන්දේසි පිට. එහෙව් කෙනා යැංකියාගෙ විදුලි පුටුවෙන් අප බේරන්නේ කොහොමද කියලා බියට පත් රණවිරුවෝ අහනවා.
කිසි වැඩක් බැරි යහ පාලනය රාජපක්ෂ පවුලේ තටු නම් නියමෙට කපලා.

එකා යකා වන ජනපතිකම කාට ලැබුණත් ඇමරිකාව, ඉන්දියාව වැනි රටට වින කරන අධිරදවාදී ආක්‍රමණිකයෝ ඌට ලේසියෙන් නාස් ලණු දාල උන්ට ඕන දිහාවට රට දක්කන බව කියන්නේ හයෙන් පහක බලය සහිත සකල විධායක බලැති ජනපති කෙනෙක් ඉඳලත් ඉන්දියාව රට පළාත් සභාවලට බෙදනකන් උඩ බලං පරිප්පු කාපු ඉපැරණි පක්ෂයක්. ඉන්දියාව, පකිස්තානෙ බෙදුවත් එහෙම කාලෙක බව උන්ට මතක් වෙලා.

ඒකීයත්වය නැත්නම් මරණය කියන අය හොඳටම බයවෙලා.

එලෙස විදෙස් බලවේගවලට ගොදුරු වන ගෝඨාට වැඩියෙන්ම බය වෙන්නේ ඉන්දියානු අල, පරිප්පු කෑම තහනම් කරලවත් ඉන්දියාව රටෙන් පන්නාගන්න බැරිවුණු විමුක්තිකාමීන් පිරිසක්.

උන්ට යකා නහන්න බැරි එකේ යකාට කලින් උගේ විමානේ නහලා යක් බයෙන් මිදෙන්න බලනවා.

ජාතියේ සකල ආධිපත්‍යයෙන් රැකෙන්නේ සකල බලය එක තැනකට එක් කරලා ඉන්දියාවට පුදන ජනාධිපති ක්‍රමයකින් නොව එය කෙළක් ජනයා අතර විහිදා විසුරුවා සඟවා රකින පාර්ලිමේන්තුවකින් පමණක්  බව ඔවුන් පෙන්වා දෙනවා. මොන බලවතා වුණත් මේ රට රවටන 225 මැති ඇමතිලට වගේම උන් තෝරන කෙළක් ජනයාට නාස් ලණු දාන්නේ කොහොමය අහනවා. කවුරුත් ජනපතිකම රකින්නේ තමන් රැකෙන්න මිස රට ජනයා රකින්න නොවේය කියනවා.

උන් ජනපතිකම අහෝසි කරන්න 20 ගේනවා.

ජනපතිකම නැත්නම් මරණය කියලා පාරට බහින්නේ වරක් ජනපතිකම එපා කියලත් එහෙම කරපු විහිළු කාරයෝ පිරිසක්.

මොන යකා වුණත් ඇමරිකාවේ අවසරයෙන් ඉන්දියාවේ ආශිර්වාදයෙන් යටහත්ව සීලවත්ව රට පාලනය කරන එක හොඳය කියන්නේ එකාට එකා නැති ආනමක් බලයට පත් කරලා නන්නත්තාර වුණු සිවිල් සමජයයි. උං ග්‍රීන් කාඩ් අරන් මෙහේ බැරි එකේ ගෝඨාට නඩු දාන්න එහේ යනවා.

නේක වාර්තා අනුව උසාවියට සිරගෙට බයේ ගැහෙන හොරුන්ටම සින්න වුණු පාර්ලිමේන්තුවක් ජනතා බයෙන් මුදවන්නේ කොහොමද අහන්නේ තම කාර්යය ප්‍රධානියා හැටියටවත් හොරෙක් නොවන කෙනෙක් පත් කර ගන්න බැරි බව දන්න අතිගරු උත්තමයෙක්. එතුමා පාර්ලිමේන්තුවේ බහුතරයක් හිරේ වැටිලා රට අරාජක වෙන එක වළකන්න සියලු සොරුන්ට පොදු සමාවක් යෝජනා කරනවා. මේ කාලෝචිත යෝජනාව පහෙන් හයෙන් සම්මක කරන් බයෙන් මිදෙන්නේ බදු රහිත වාහන විශ්‍රාම වැටුප අරගන්නකන් මොන බාධක මැද හරි අවුරුදු පහ අදින සර්වපාක්ෂික මැති ඇමති ඒකාබද්ධයයි.

ඉරිසියාවට ජනපතිකම බාල්දු කළ යහපාලනය දැන හෝ නොදැන ඊටත් බලගතු අගමැති තනතුරක් මවලා. ඒක ඩීල්වලින්ම ලබා ගත හැකි එකක්. හරි හම්බකරන්නම බලන් ඉන්න හොරුන්ට ළඟ ළඟ එන මහා අගමැති වෙන්දේසිය මැවී පේනවා.

මේව දකින මහින්ද මහත්තයා තමා හින්දම වීරයෙක් වෙලා පිස්සු කෙළින තම දරු මල්ලන් පසෙකලා එතුමම සටනට බහිනවා. මහතීර් එක්ක සැසඳුවහම එතුමට වැඩි වයසකුත් නැහැ. එතුමා ජනයා බයෙන් මුදවන්න ජනපති අගමැති නම් කරන්නේ මම මිස වියත්තු නොවේය කියනවා. පාරෙන් පටන් අරන් ශ්‍රැන්ගීලා යනවා මිස ඒකෙන් පටන් අරන් පාරට වැටෙන්නේ මොන වියත්තුද අහනවා. ගඟට හත්ගව්වක් තියලා පීනන්න බැරි ගෝඨට අමුඩ ගස්සලා මඩ නාවපු එක ගැන එතුමට තරහයි දුකයි. ඉහළින් වඩම්මවනා භයාධිපත්‍යයකින් ජනයා බය කරන්න හදපු වියත්තු ගාව නැති මනුස්සකම පහළින් මතුව සැමදා ජනයා සමග ඉන්නා මහින්ද මහත්තයා ගාව තාම තියෙනවා.
රාවය