Language Switcher

V2025

මිනිසුන් මැරීම ආඩම්බරයක් කරගත් ජනාධිපතිවරයෙක් !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මිනිසුන් හතර දෙනෙකු ඝාතනය කිරීම සඳහා තමා අවසර දී ඇතැ'යි වහසී බස් දොඩන ජනාධිපතිවරයකු සිටින රටක ජීවත්වීමට සිදුවීම අභිමානයක් ද? පිළිකුලක් ද? අපටනම් එය පිළිකුලකි. වහා වහා මිදිය යුතු බියජනක අත්දැකීමකි.

පසුගිය බදාදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ මාධ්‍ය ප්‍රධානීන් ඉදිරියේ, තමා මිනිසුන් සිවු දෙනෙකු 'ඉතා ඉක්මනින් ' එල්ලා මැරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැ'යි කීවේ මහත් ආඩම්බරයකිනි.

'අද ලෝක මත්ද්‍රව්‍ය දිනය. මම මරණීය දණ්ඩනයට අත්සන් කරලා ඉවරයි. හතර දෙනෙකුට, ළඟදිම ක්‍රියාත්මක වෙයි. දිනෙත් තීන්දු කරලා දන්වලාත් ඉවරයි.' යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී ඔහුගේ මුහුණේ තිබුණු ජයග්‍රාහී පෙනුම සංකේතවත් කළේ, කිසිවකු ඝාතනය කර තමන්ගේ බලපරාක්‍රමය ප්‍රදර්ශනය කරන මිලේච්ඡ, ගෝත්‍රික නායකයකුගේ ස්වභාවයයි.

ඊටත් අමතරව, යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ, තමාගෙන් පසු රට කරවන්නට එන කිසිවෙකුට මේ රට කරන්නට නොහැකි වන සේ, ජාත්‍යන්තරවත්, දේශීයවත් ශ්‍රී ලංකාවේ කීර්තිය, ගෞරවය කාබාසිනියා කර දමන කුහක දේශපාලනයක පිළිබිඹුවයි.

මේ වන විටත් ජනාධිපතිවරයාගේ තීරණය ජාත්‍යන්තර වශයෙන් බරපතළ විවේචනයන්ට හේතුවී තිබේ. ඔහුගේ ප්‍රකාශය කළ දින ම එක්සත් රාජධානියේ විදේශ ලේකම් කාර්යාලය පවසා තිබුණේ, මරණ දඩුවම සම්බන්ධයෙන් ලංකාව පවත්වාගෙන ආ දීර්ඝකාලීන තහනම ඉවත් කිරීම ගැන තමන් බලවත් අවධානය යොමුකරන බවයි. කවර තත්වයක් යටතේ වුව මරණ දණ්ඩනය පැනවීමට තමන් විරුද්ධ බවයි. ' මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීම, ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමග එකට වැඩ කිරීම තමන්ට අසීරු කරවන බවත්, විශේෂයෙන් ත්‍රන්තවාදය මර්ධනය කිරීමේ කටයුතුවලදී තාක්ෂණ සහාය ලබා දීම සම්බන්ධයෙන් නැවතත් සලකා බැලීමට ඒ අනුව සිදු වන බවත්' එක්සත් රාජධානිය පවසා තිබිණ.

නිවේදනයක් නිකුත් කළ ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, අවුරුදු 43 කට පසු ජනාධිපතිවරයා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අත්සන් කිරීම ගැන තමන් බලවත් කම්පනයට පත්වන බව කීවේය. අත්‍යන්තයෙන් ක්‍රෑර, අමානුෂීය හා අවමන් සහගත දඩුවමක් නවතා දැමීමෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි සියලු ප්‍රගතීන් ජනාධිපතිවරයා එක පහරින් ම, අවංලගු කර ඇතැ'යි ඇම්නෙස්ට් ජාත්‍යන්තරය කියයි.

මේ දවසක් ඇතුළත, ජනාධිපති සිරිසේනගේ අමනෝඥ ක්‍රියාවට ලැබුණු ප්‍රතිචාර ය. අනාගතයේ දී ලැබෙන තවත් එවැනි ප්‍රතිචාර විසින් ලංකාව නැවතත් රටවල් අතර, මිලේච්ඡයන්ගේ රටක තත්වයට පත් කෙරෙනු ඇති බවට සැකයක් නැත.

මේ අපකීර්තිමත් පියවර ගැනීමට පෙර, එයින් වළකින ලෙස ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු ලෝකයේ මානව හිමිතකම් ආයතන, විවිධ රටවල් හා පුද්ගලයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථා ගණන සුළපටු නොවේ. එළඹ සිටි සිහියකින් යුක්ත මිනිසකු නම්, ඒ අවධාරණයන් ගැන විචාරාත්මක ව සලකා බලා, මරණ අඩුවම යළිත් ක්‍රියාත්මක කිරීමෙන් වළකින්නට තදින් අධිෂ්ඨාන කර ගන්නවා සිකුරුය. එහෙත් සිරිසේන ජනාධිපතිවරයා දැන් සිටින්නේ එවැනි සන්සුන් මනසකින් නොවේ. තවත් මාස හතරකින් ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් වීමට නියමිත ය. ඉතාම කෙටි මගකින් ලංකාවේ දේශපාලන ධුරාවිලියේ ගිණිපෙත්තටම නැග, ඉතාම කෙටි කලකින් මහත් අපකීර්තියකට බඳුන්ව එතැනින් බැස යන දේශාපාලන නායකයා ඔහුය. පසුගිය අවුරුදු හතරහමාර තුළ ඔහු කළ කී දේ සලකා බලන විට ඒ බව මැනැවින් පෙනෙයි. දැන් ඔහු කල්පනා කරන බව පෙනෙන්නේ, තමාගෙන් පසු බලයට එන කිසිවකුට මේ රට සන්සුන්ව පාලනය කරන්නට නොහැකි තත්වයට පත්කර නික්ම යා යුතු යැයි කියා ය. අනෙකුත් දේ අතර, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ගැන ඔහු මේ දිනවල කියන දේත්, මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීමේත් අරමුණ ලෙස පෙනෙන්නේ එයයි.

ලංකාව අවුරුදු 43 ක් තිස්සේ මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීමෙන් ලත් කීර්තිය, පිළිගැනීම නොමද ය. ලද ආර්ථික හා වෙනත් ප්‍රතිලාභ ද නොඅඩුය, මරණ අඩුවම අත්හැර දැමූ දකුණු ආසියාවේ පළමු රට වූයේද ලංකාවයි. එහෙත්, ඒ සියලු බහුමානයන් ආපස්සට හැරවීමට මේ එක් දුරදිග නොබලන මිනිසෙකුට හැකියාව ලැබී තිබේ.

තෝරා ගත් සිවුදෙනෙකු වෙනුවෙන් පමණක් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර නීතිමය වශයෙන් ද වැරදි ය. බන්ධනාගාරය තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා ය කියන පදනමෙන් එය කළේ නම්, ඒ අලුත් වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් නැවතත් සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු බවත් නීතිය පිළිබඳ මූලික මූලධර්මයකි. එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රිසි සේ කඩ කර වාර්තා පිහිටුවා ඇති ජනාධිපතිවරයාට, මෙවැනි නීති විරෝධී වැඩ අරුමයක් ද නොවේ.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් රටක අපරාධ අඩු නොවන බව යළි යළිත් තහවුරු කරන ලද සත්‍යයකි. ජනාධිපති ධූරයේ කලබලයෙන් මිදී සිය ජීවිතයේ ඉදිරි කාලය ගෙවන මෛත්‍රීපාල සිරිසේන මහතාට, පුද්ගලයන් එල්ලා මැරීමෙන් රටේ මත්ද්‍රව්‍ය මර්දනය නොවන බව, තම ඇස් පනා පිට ම අවබෝධ කර ගන්නට හැකි වන බව නම් සිකුරු ය.

අනිද්දා