Language Switcher

V2025

බහුතරයක් තරුණයන්ට ලංකාව : දාලා යන්න හිතෙන රටක් - වික්ටර් අයිවන්

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමැතිවරයාගේ දේශපාලන දිවියේ තිස්වසරක ගමන් මග පිළිබඳ නිහාල් ජගත්චන්ද්‍ර විසින් රචිත “මංගල සමරවීර ’ ග්‍රන්ථය ජනගත කිරීම නිමිත්තෙන් ජුලි 07දා රුහුණ විශ්ව විද්‍යාලයේ රවිද්‍රනාත් තාගෝර් රංග ශාලාවේ පැවති උත්සවයේ අමතමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිදුකල මුඛ්‍ය දේශනය.

මිත්‍රවරුනි,

මෙම සභාව මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ තිස්වෙනි දේශපාලන සංවත්සරය වෙනුවෙන් සහ එතුමාගේ චරිතාපදානය දොරටවැඩීමේ උත්සව සභාවක් වෙනුවෙන් සංවිධානය කරන ලද්දක්. කරුණු ගණනාවක් නිසා මංගල සමරවීර චරිතය බොහොම ප්‍රකටයි. එයින් සාමාන්‍යයෙන් මම විශේෂයෙන් ප්‍රියකරන ගුණාංගය තමයි, එතුමා කිසිම පදනමක් නැති බේදකාරී ජනප්‍රිය මතවාදයන්ට හිස නොනමා බොහොම පැහැදිළිව බය නැතුව අදහස් පළ කරන කෙනෙක්. මම ඒ ලක්ෂණයට හරි කැමතියි.

ලංකාවේ ඒක බොහෝම දුලබ ලක්ෂණයක්. කොහොම නමුත් එතුමා මට මේ දේශනයට ආරාධනා කළේ, එතුමා ගැන කතා කරන්නවත් එතුමාගේ චරිතාපදානය ගැන කතා කරන්නවත් නෙවෙයි. මට නිදහස දුන්නා ඔබ කැමති ඕනෑම මාතෘකාවක් අරගෙන කතා කරන්න කියලා.

ඇත්තටම මම හිතනවා මංගල සමරවීර ඇමතිවරයා ගැන තවදුරටත් කතා කරයි තවත් කථිකයෝ. මම කැමතියි ලංකාව ගැන කතා කරන්න. ලංකාව මුහුණ දීල තියෙන අර්බුදය ගැන කතා කරන්න. දැන් ජනාධිපතිවරණ උණුසුමක් තියෙන නිසා සමහර වෙලාවට රටේ තියෙන ප්‍රශ්න අපිට හොඳින් පෙනෙන්නෙ නැති තත්වයක් පවතිනවා. රටේ ඇත්තටම ලොකු අර්බුදයක් තියෙනවා. මම ඒක දකින්නේ ආර්ථික දේශාපාලන හා සමාජ අර්බුදයක් හැටියට. ආර්ථිකය තියෙන්නේ ලොකු බිඳ වැටීමක. මේ බිඳ වැටීම කාලාන්තරයක් තිස්සේ පවතින දෙයක් ඒ තත්වය පසුගිය පාස්කු සිද්ධියෙන් වඩා උග්‍ර වුණා.

ඇත්ත කතා කරොත්, අපිට රජයට ලැබෙන වාර්ෂික ආදායමට සමාන ප්‍රමාණයක්, අපි ලබාගෙන තිබෙන විදේශීය ණය වාරික සහ පොළිය සඳහා ගෙවනවා. ඇත්තටම අපි රටක් හැටියට මුළුමනින්ම විදේශ රටවල්වලින් ලබාගන්නා ණය මත යැපෙන රටක් හැටියටයි සලකන්න පුළුවන්.

LAnka 1ඉස්සර කියනවා ලංකාවේ සිංහල දෙමළ අර්බුදයක් තියෙනවා කියලා. දැන් සිංහල දෙමළ අර්බුදයක් විතරක් නෙවෙයි, සිංහල දෙමළ මුස්ලිම් අර්බුදයක් තියෙනවා කියලා කියන්න වෙලා තියෙනවා. නමුත් අපිට පෙනෙන්නට තියෙන දේ තමයි මේ අර්බුදයන්ට තවත් අලුත් අර්බුදයන් එකතු වෙනවා මිසක් අර්බුද විසඳන රටක් නෙවෙයි, විසඳන්න කාලය ගත කරන රටකුත් නෙවෙයි. අළුතෙන් අර්බුද වැඩි වැඩියෙන් එකතුවෙන්න දීල තමන්ගේ පාඩුවේ යන රටක්.

 කැරලි මර්ධනය කරපු හැටි ....

සාමාන්‍යයෙන් දක්ෂ රටක් කැරැල්ලක් කල් තියා දකිනවා. දැකලා කැරැල්ලක් ඇති වීම වලක්වනවා. එහෙම නැත්නම්, කැරැල්ලක් ඇති වූ වහාම දුරදිග යන්න නොදී ඒක වලක්වනවා. අපි ඒ දෙකටම අයිති නැහැ. කල්තියා දකින්න අපි කොහෙත්ම ලැහැස්ති නැහැ. එහෙම නැත්නම් අපිට ඒ ඥානය නැහැ.

කැරැල්ලක් ආවයින් පස්සෙත් අපි වහාම නෙවෙයි ඒක විනාස කරන්නේ, හුඟාක් කල් ගිහින්, නමුත් අපි ජය ගන්නවා. කැරැල්ල තලලා පොඩි පට්ටම් කරලා දැම්මයින් පස්සේ අපි බොහොම සන්තෝසෙන් ඒක අමතක කරනවා. අපි කවර මට්ටමකින් වත් 'ඇයි එහෙම වුනේ, නැවත වරක් එවැනි දේවල් ඇති වන්න ඉඩ තියන්නේ නැහැ'. ඒ විදිහේ ප්‍රවේශයක් අපිට නැහැ. සෑම දෙයක්ම, කිසිම වරදක් හදන්න ලැහැස්ති නැති, මෝඩ රටක් හැටියටයි මම සලකන්නේ.

ඒ කියන්නේ, සමරහර දේවල් දැන් කොච්චර කාලයක් අපි දන්නවද, උදාහරණයක් විදියට ලංකාවේ ගමන් බලපත්‍ර දෙන නිල ආයතනය, කවුන්ටර දෙකක් තියෙනවා. එකක් අව්‍යාජ පාස්පෝට් සඳහා, අනිත් එක ඒ එකම ආයතනයේ ව්‍යාජ පාස්පෝට් සඳහා. අපි මේක කොච්චර කාලයක් තිස්සේ ඉඳලා දන්නවද? මම හිතනවා මේ ආණ්ඩුව ආවට පස්සේ පාස්පෝට් කාර්යාලයේ ලොකූ අලුත් සිස්ටම් හදලා වෙනස් කරා. දැන් ඉතාම නවීන තැනක්. ඉතාමත් කටයුතු හොඳින් සිදුවන තැනක්. නමුත් තමුන්නාන්සේලා දන්නවා ඇති, මධූෂ් තමන්ගේ හොර පාස්පොට් එක ලබාගත්තේ ඒ කාර්යාලයෙන්. ඊට පස්සේ ළමයි 11 දෙනෙක් අතුරුදහන් කරපු නාවික හමුදා නිලධාරියෙක් පිටරට ගිහින් ආවම අත්අඩංගුවට ගත්තා. ඔහු එම පාස්පෝට් එක අරගෙන තියෙන්නෙත් නිල පාස්පෝට් කාර්යාලයෙන්.

මම පාස්පෝට් කාර්යාලය ගැන නෙවෙයි මේ කතා කරන්නේ, ලංකාවේ සෑම තැනක්ම ඉතාමත්ම බරපතල වැරදි තියෙන තැන්වල පවා කිසිම වෙනසක් කරන්න මේ රටේ දේශපාලන තන්ත්‍රයේ පාලකයෝ සූදානම් නැහැ. ඒකට පාලකයින්ට කාලය නැහැ. අපි මේ නිසා රටක් හැටියට, කල්පනා කරලා බලන්න.

LAnka 2ඒ කියන්නේ දකුණේ, කැරැල්ලක් ඇති වුණා. අපි දකුණේ කැරැල්ල ජයගත්තා. තලලා දැම්මා. විශේෂයෙන් මාතර අය දන්නවා මොනවද වුණේ කියලා. හන්දියක් හන්දියක් ගානේ, මිනිස්සු මැරුවා. මිනිස්සුන්ගේ සිරුරු ප්‍රදර්ශනය කරා. ඒකම තමයි උතුරෙත් වුණේ. උතුරෙත් කැරැල්ල බොහොම අමාරුවෙන් තලලා දැම්මා. අපි කවර මට්ටමකින්වත් ඇයි එහෙම වුණේ. ඇයි මේ කොල්ලෝ කෙල්ලෝ කැරලි ගැහුවේ, ඇයි මේගොල්ලෝ යක්ෂාවේෂ වුණේ, ඇයි මේ විදිහට ක්‍රියා කලේ කියලා කවදාකවත් ආපස්සට හැරිලා හොයලා බලන තැනකට ගියේ නැහැ. අපි බොහෝම පහසුවෙන් ඒ සියල්ල අමතක කරා.

රාජ්‍යයක් හැටියට අපි කොච්චර අසාර්ථක ද කිව්වොත් පාස්කු සිද්ධිය බලන්න. මම මේ පක්ෂයකට හෝ මේ ආණ්ඩුවට හෝ කරන දෝෂාරෝපණයක් නොවෙයි. සමස්ථ රාජ්‍ය ස්වභාවයට කරන දෝෂාරෝපණයක්. අපි දන්නවා ඇත්තටම දිගින් දිගටම අනතුරු ඇඟවීම් ආවා. මුස්ලිම් සමාජයෙන් ආවා. පිටරටවලින් ආවා, ඉන්දියාවෙන් ආවා. නමුත් අපිට ඒකෙන් වෙන හානිය කවර මට්ටමකින්වත් වළක්වන්න පුළුවන් කම තිබුණේ නැහැ. අපිට නින්ද ගිය රාජ්‍යක් තිබුණේ.
අපි ඒ ගැනවත් බැරූරුම් ලෙස කල්පනා කරන්නේ නැහැ. කොහොමද මේ වැරදි නිවැරදි කර ගන්නේ කියලා.

 බලවත් සමාජ උත්සායකින් තොරව නිදහස ලබපු රටක්:

LAnka 3''නිදහස දිනාගන්න සටන් කරපු රටවල්වලට, ඒ රටවල නායකයින්ට සමාජයට සම්පූර්ණ කරන්න ගොඩාක් කොන්දේසි තිබුණා. බලවත් අධිරාජ්‍යයකට එරෙහිව, බලවතෙකුට එරෙහිව නැගී සිටින්න ජනතාව සමගි කරන්න වුණා. සමාජය ඒකාග්‍ර කරන්න සිද්ධවුණා. සමාජය ඒකාග්‍ර කිරීමට තිබෙන බාධා හඳුනාගන්න සිද්ධ වුනා. ඒවා තමයි බොහෝ වෙලාවට වර්ගය, කුලය, ආගම කියන සාධක.''

ඇත්තවශයෙන්ම අපි අපේ ඉතිහාසයට හැරිලා බැලුවොත් අපි අසල්වැසි ඉන්දියාව වගේ නෙවෙයි දීර්ඝ යටත් විජිත කාලයකට පස්සේ කිසිම බලවත් සමාජ උත්සායකින් තොරව නිදහස ලබපු රටක්. ඒක මම දකින්නේ, ලබා ගත්තු නිදහසක් නෙවෙයි, තෑගි ලැබුණ නිදහසක් හැටියට.

නිදහස දිනාගන්න සටන් කරපු රටවල්වලට, ඒ රටවල නායකයින්ට සමාජයට සම්පූර්ණ කරන්න ගොඩාක් කොන්දේසි තිබුණා. බලවත් අධිරාජ්‍යයකට එරෙහිව, බලවතෙකුට එරෙහිව නැගී සිටින්න ජනතාව සමගි කරන්න වුණා. සමාජය ඒකාග්‍ර කරන්න සිද්ධවුණා. සමාජය ඒකාග්‍ර කිරීමට තිබෙන බාධා හඳුනාගන්න සිද්ධ වුනා. ඒවා තමයි බොහෝ වෙලාවට වර්ගය, කුලය, ආගම කියන සාධක.

අපි දන්නවා අසල්වැසි ඉන්දියාව ගත්තොත් ඉන්දියාව නිදහස ලබන්නට ඉස්සෙල්ලා, නිදහස සඳහා අරගල කරන කාලෙදිමයි ඉන්දියානු ජාතිය ගොඩනැගුවේ. ඒ සඳහා වර්ග භේදයට, ආගම් භේදයට, කුල භේදයට එරෙහිව දැවැන්ත මතවාදී අරගලයක් කරන්න ඒ නිදහස් ව්‍යාපාරයට සිදුවුණා. අපි එහෙම කිසිම දෙයක් කරලා නැහැ. මම හිතනවා අපි නිදහස වෙනුවෙන් පෙළපාළියක්වත් ගිය නැති ජාතියක්. අපේ අම්මලා එහෙම නැත්නම් අපේ සීයලා, එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ අම්මලා ‌හෝ ඔයගොල්ලන්ගේ සීයලා කල්පනා කරන්න, කවර දිනක්වත් ලංකාව නිදහස් කර ගැනීම ‌හෝ ලංකාව ගොඩනැගීම වෙනුවෙන්, සාමූහික උත්සාහයක යෙදිච්ච එක අවස්ථාවක් වත් තියෙනවාද? නැහැ.

ඇත්තටම මේ වෙනුවෙන් තමයි අපි වන්දි ගෙවන්නේ. අපිට පරිනත නායකයෙක් ගොඩ නගා ගන්න ලැබුණේ නැහැ, ජාතිය ගොඩනගා ගන්න ලැබුණේ නැහැ. අපි නිදහස ලැබුවේ පරණ සමාජයේ තියෙන බෙදීම්, ඒ විදියටම තියෙද්දී. ඒ බෙදීම්, සාමාන්‍ය සමාජය කෙරෙහි පමණක් නෙවෙයි, නායකයින් කෙරෙහිත් බලපෑවා.

අපි බිහිකරපු නායකයෝ ආරම්භයේ ඉඳලා අද දක්වාම මුළු මහත් ජනතාව වෙනුවෙන්ම, බලවත් ලෙස පෙනී හිටපු නායකයෝ අපිට නැහැ. අපේ නායකයෝ එක වර්ගයක් වෙනුවෙන් එක ආගමක් වෙනුවෙන් එක කුලයක් වෙනුවෙන් බොහෝ විට පෙනී හිටපු නායකයෝ.

 ''අපේ අසමත්භාවය පෙන්නලා තියෙන්නේ නිදහසෙන් පස්සේ''

ඇත්තටම අපි ආපස්සට හැරී බැලුවොත්, අපි නිදහස ලබන අවස්ථාව වන විට, ලංකාව තිබුණේ ආසියාතික රටවල් අතර බැබලෙන රටක් හැටියට. ඒක පුද්ගල ආදායමේදී අපි දෙවෙනි වුණේ ජපානයට විතරයි. අධ්‍යාපනය, සෞඛ්‍ය කියන දර්ශකවලදී අපි ආසියාවේ හිටියේ පළවෙනි ස්ථානයේ නැත්නම් දෙවෙනි ස්ථානයේ. ඇත්තටම යටිතල පහසුකම් ගත්තොත් එදා පැවති තත්වය අනුව අපි හැම අතකින්ම ලොකු දියුණුවක් ලබා තිබුණා. ඒ කාලයේ කාපට් පාරවල් තිබුණේ නැහැ, නමුත් අනික් රටවල් සමග සසඳනකොට අපිට දියුණු මාර්ග පද්ධතියක් තිබුණා. කිලෝමීටර් දාහක දියුණු දුම්රිය සේවයක් තිබුණා. අපිට තමයි ආසියාවේ අංක එකේ වරාය තිබුණේ කොළඹ.

ඒ වගේම තමයි අපිට දියුණු සිවිල් සේවයක් තිබුණා. සමහර වෙලාවට ඒ කාලයේ ආණ්ඩුකාරයා දැන් ජනාධිපතිවරයාටත් වඩා බලවත්. ආණ්ඩුකාරයාටත් හිස නොනමපු, ආණ්ඩුකාරයාට විරුද්ධවත් තීන්දු දෙන්න තරම් ධෛර්යවත්භාවයක් හා ස්වාධීනත්වයක් තිබිච්ච අධිකරණයක් අපිට තිබුණා.

මොකක්ද මේ අපිට වුණේ අපි ආපස්සට හැරිලා බැලුවම නිදහසෙන් පස්සේ තමයි අපේ අසමත්භාවය පෙන්නලා තියෙන්නේ. ඇත්තටම නිදහස ලබල ඒ නිදහස එක විචාරකයෙක් හඳුන්වලා තියෙන්නේ, එකම ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව නිදහස ලබාගත් එකම ජාතිය හැටියට. එහෙම නිදහස ලබාගත් ජාතිය 48 නිදහස ලබාගෙන 58 වෙනකොට ලංකාව වර්ගවාදී කෝලාහලවලට යොමුවෙච්ච රටක් බවට පත් වුණා.

 භාෂාව පිළිබඳ ප්‍රශ්නය :56 න් පස්සේ මොකක්ද වුණේ ?

LAnka 4ඇත්තටම අපිට එදා ප්‍රශ්නයක් තිබුණා භාෂාව පිළිබඳ ප්‍රශ්නයක්. දීර්ඝ යටත් විජිත කාලය තුළ අපේ ස්වභාෂාවන්ට තිබෙන පිළිගැනීම මුළුමනින් යටපත් කරලයි තිබුණේ. ඒ නිසා ඒවට වැදගත් කමක් ලබා දීම අවශ්‍ය වුණා. නමුත් ඇත්තවශයෙන්ම 56 ට ඉස්සෙල්ලා මිනිස්සුන්ට විදුලි පණිවිඩයක් ආවේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාවෙන් ආව විදුලි පණිවිඩයේ තේරුම දැනගත්න සිංහල මනුස්සයෙකුට සිද්ධවුණා ඉංග්‍රීසි උගත් මහත්තයෙකු හොයාගෙන ගිහින් ඒ විදුලි පණිවිඩය කියවා ගන්න. දෙමළ මනුස්සයෙකුටත් සිද්ධවුණා ඉංග්‍රීසී උගත්මහත්තයෙකු හොයාගෙන ගිහින් ඒ විදුලි පණිවිඩය කියවා ගන්න.

නමුත් 56 න් පස්සේ මොකක්ද වුණේ සිංහල මිනිහට විදුලි පණිවිඩය අලුතෙන් හම්බවුණා සිංහල භාෂාවෙන්, දෙමළ මිනිහටත් ගියා විදුලි පණිවිඩය සිංහල භාෂාවෙන්. එතකොට දෙමළ මනුස්සයාට සිද්ධවුණා සිංහල දන්න මහත්තයෙක් හොයාගෙන යන්න මේ විදුලි පණිවිඩයේ මොකක්ද තියෙන්නේ කියලා බලන්න.

ඇත්තවශයෙන්ම අපි විශාල අවුලක් ඇති කර ගත්තා. ඒ අවුල බොහොම දුරදිග යන අවුලක් බවට පත් වුණා. අවුරුදු දහයකට පස්සේ කෝලාහල ආරම්භ වුණා. අවුරුදු විස්සකට පස්සේ ලංකාව හෙමින් හෙමින් දීර්ඝ කාලයකට ලේ හලන රටක් බවට පත්වුණා.

ඇත්තටම මේ අවුරුදු 30 අපි ජීවත් වුණේ ලේ මත, මළ මිනී මත තමාගේ ජීවිතය පිළිබඳව විශාල බයක් හැම මනුෂ්‍යයෙකු තුලම තිබුණා. හැමදාම මිනිස්සු රාත්‍රියට නිදාගන්න ගියාම එළිවුණාට පස්සේ වැඩියෙන්ම දැනගන්න කැමතිවෙලා තිබිච්ච ප්‍රවෘත්තිය තමයි කීදෙනෙක් ඊයේ මැරුනද, කී දෙනෙක් ඊයේ මැරුවද කියන එක. පාරවල් අයිනේ මරපු මිනිස්සුන්‌ගේ සිරුරු ප්‍රදර්ශනය කිරීම ඉතාමත් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබුණා.

සමහර ප්‍රදේශවල මිනිස්සුන්ගේ ඔළු බෙලි කපලා, ඔළු කෝටුවල ගහලා ප්‍රදර්ශනය කරපු අවසථා තිබුණා. ඇත්තටම අපේ දීර්ඝ කාලය තුළ මේ සමාජය මුළුමනින්ම විකෘති වුණා. අපිට මොනවාහරි වටිනාකම් තිබුණා නම් ඒ වටිනාකම් ඒ සමාජය අහිමි කර ගත්තා. බොහෝ දේවල් විනාශ වුණා. විනාශ නොවී ඉතුරු වෙච්ච දෙයක් තිබුණා නම්, ඒ හැම දෙයක්ම විකෘති වුණා.

 'විකෘති වුණේ, මිනිස්සු විතරක් නෙවෙයි'

ඇත්තටම මේ සමාජ වටපිටාව තුළ විකෘති වුණේ, මිනිස්සු විතරක් නෙවෙයි මිනිස්සු නොවන දේවලුත් මේ බිහිසුණු සමාජ වටපිටාව තුළ වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච එක දෙයක් තමයි අපේ රාජ්‍යය. දීර්ඝ කාලයක් නීතියක් තිබුණේ නැහැ. තමුන්නාන්සේලාට මතක ඇති කැරලි මැඩපැවැත්වීම සඳහා දකුණේ සිංහල කැරැල්ල ආරම්භ වුණාට පස්සේ රටේ ජනාධිපතිතුමාට කියන්න සිද්ධවුණා, මේ කැරලිකාරයෝ කැරලි ගහනවා විතරක් නෙවෙයි රටේ දේශපාලකයින්ව මරණවා. කැරැල්ලක් තියෙද්දි ඒ දේශපාලකයින්ව ආරක්ෂා කරන්න අපිට හමුදාවක් දාන්න බැහැ. ඒ නිසා අපි ඒ දේශපාලකයින්ට පුද්ගලික හමුදා ඇති කර ගන්න ඉඩ දෙනවා කියලා.

ඒක ජේවීපී කැරැල්ල පරාද වුණාට පස්සේ අවසන් වුණේ නැහැ. ඒකෙන් ඇතිවෙච්ච ඉතාම බරපතල කාරණයක් තමයි මේ හමුදාවලට ආවේ ඉතාම අහිංසක හොඳ මිනිස්සු නෙවෙයි. බොහෝ විට ඒ ප්‍රදේශයේ සිටින දරුණු අපරාධකාරයෝ තමයි පුද්ගලික හමුදාවලට ආවේ. ඒකත් එක්ක මේ රටේ දේශපාලකයෝ අපරාධකාර‌යෝ මතත්, අපරාධකාරයෝ දේශපාලකයෝ මතත්, යැපෙන තත්වයක් ඇති වුණා.

මේ කැරැල්ල කාලයේ ඇති වෙච්ච තව දෙයක් තමයි, සමහරක්විට ආත්ම ආරක්ෂාව සඳහා මහජන නියෝජිතයින්ට මිනිස්සු මරන්න සිද්ධවුණා ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි අපේ දේශපාලකයෝ මුළුමනින්ම මේ වටා පිටාව විකෘති කරා.

 පොදු වස්තුව කොල්ලකෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට:

මේ කාලය තුළ තමයි, ඇත්තටම තමන් භාරයේ තියෙන පොදු වස්තුව අයථාලෙස හරිහම්බකිරීම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් වුණේ. ඒක අද මගේ මතය වසන්ගතයක් බවට පත්වෙලා තියෙනවා. සෑම අතින්ම, එකක් සමාජය දූෂණය වුණා, සමාජය විකෘති වුණා, මේ වටා පිටාව තුළ රාජ්‍ය විකෘති වුණා. ඕනනම් ඒකට ඇතුලත් කර ගන්න පුළුවන් ආගම ධර්මයත් විකෘති වුණා කියලා.

ඇත්තවශයෙන්ම අපේ දකුණේ සිංහල කැරැල්ලක් ආවා. ඊට තව අවුරුදු 17 කට පස්සේ තවත් සිංහල කැරැල්ලක් ආවා. ඒ දෙකම පරාජය කරා. ඒ වගේම උතුරෙන් දෙමළ කැරැල්ලක් ආවා, ඒකත් අවුරුදු 25 කට පස්සේ බොහෝ ප්‍රමාදවෙලත් ඒකත් පරාජය කරන්න අපි සමත් වුණා.

නමුත් මේ කැරලි විනාස කරනකොට කැරලි මර්ධනය කරනකොට රජයටත් බරපතල හානි සිදුවුණා. රජයටත් රාජ්‍යයටත් බරපතල තුවාල සිද්ධවුණා. අද ඇත්තටම රාජ්‍ය තිබෙන්නේ හුඟාක් තුවාල වෙච්ච තත්වයක. ඒ වගේම මතක තියාගන්න ඔය කැරලි නිසා ඇති වෙච්ච තත්වයක් තමයි කැරලිකාරයොයි කැරලි මර්ධනය කරන අයයි උපරිම තත්වයේ කෘරත්වයක් මේ සමාජය මත මුදා හැරියා. ඒකත් වශාල විදිහට සමාජය විකෘති කරන්න හේතුවක් වුණා.

 යුද්ධය ජයගත්ත නායකයාගේ පරාජය !

LAnka 5අපිට යම් විරාමයක් ලැබුණා අභ්‍යන්තර යුද්ධය අවසන් වුණාට පස්සේ. මොලේ තියෙන රටක් නම්, රටේ පාලකයින්ට මොලේ තිබුණානම් ආපස්සට හැරී බැලීමට යාමට තිබුණු කදිම අවස්ථාව තමයි ඒ අවස්ථාව. ඇයි මෙහෙම වුණේ ඇයි මේ කොල්ලෝ කෙල්ලෝ කැරලි ගැහුවේ. ඇයි මේ රාජ්‍ය මේ තරමට දූෂිතවෙලා තියෙන්නේ, ඇයි රාජ්‍ය මේ තරමට අකාර්යක්ෂම වෙලා තියෙන්නේ කියලා හැරිලා බලලා අවශ්‍ය කරන ව්‍යූහමය ප්‍රතිසංස්කරණ ඇති කරන තැනකට ගියා නම් අපේ තත්වය මීට වඩා වෙනස්. ඒත් අපි එහෙම ගියේ නැහැ. අපි ඒක මුළුමනින් නොසලකා හැරියා. ලබපු ජයග්‍රහණය සන්තෝෂවෙලා ඒ සියල්ල අමතක කරලා ජයග්‍රහණයෙන් විතරක් අපිට හොඳ ගමණක් යන්න පුළුවන් කියලා හිතුණා.

ඒ නිසා තමයි ඇත්තටම ඒ යුද්ධය ජයගත්ත නායකයා පරාජයට පත් වුණේ. මොකද තිබිච්ච අර්බුදයට වඩා ලොකු අර්බුදයක් රටේ ඇති වුණා. ඒ අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලය අහිමිවෙලා යහපාලන ආණ්ඩුවට බලය ලැබුණේ.

 යහපාලන ආණ්ඩුව: ''තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉෂ්ඨ කරන්න අසමත් වෙච්ච ආණ්ඩුවක්''

යහපාලන ආණ්ඩුවත් බැරූරුම් ලෙස අවශ්‍ය ප්‍රතිසංස්කරණවලට අතගහපු ආණ්ඩුවක් නෙවෙයි. තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉෂ්ඨ කරන්න අසමත් වෙච්ච ආණ්ඩුවක්. ඒ නිසා තමයි අපේ තිබිච්ච අර්බුදය වඩා ලොකු අර්බුදයකට ගිහින් තියෙන්නේ. අපි කවදාකවත් හිතුවේ නැහැ, තාම අපි කල්පනා කරන්නේ, බොහොම පහසුවෙන් ඡන්ද වගේ දේවල්වලට තමයි අපේ අවධානය තියෙන්නේ.

බැරූරුම් ප්‍රශ්න තියෙනවා රටේ, 'අපි ඔක්කොම එකතුවෙලා මේවා වෙනස් කරන්න ඕනේ', එහෙම නැත්නම් රටට අනාගතයක් නැහැ, එහෙම කියන හැඟීමක් නැහැ ඇත්තටම. දේශපාලනයේ ලොකූ වෙනස්කම් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම අද අපි කොච්චර නරක තැනකද ඉන්නේ කිවුවොත් මම හිතනවා සමාජයක් හැටියට අපි අවුල් ජාලාවක ඉන්නේ. රාජ්‍යක් හැටියටත් අපි අවුල් ජාලාවක ඉන්නේ.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත බඩපිලුම් ගහපු රටක් !

සාමාන්‍යයෙන් ඒ කියන්නේ රටකට ආණ්ඩුක්‍රමයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ අපිට තියෙන්නේ දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කඩමල්ලක්. ඇත්තවශයෙන්ම ලංකාවේ සියලුම රාජ්‍ය නායකයෝ පාලක පක්ෂ ලංකාව කවදාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට ගරු කරපු රටක් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත බඩපිලුම් ගහපු රටක්. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරල තියෙන සංශෝධනවලින් වැඩි හරියක් ආණ්ඩුක්‍රමය දූෂණය කිරීමේ තමන්ගේ බලය තර කර ගැනීමේ පටු අරමුණින් ඇති කරගත්ත සංශෝධන ලෙස සලකන්න පුලුවන්.

අද ඒකේ අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මොකක්ද? ඇත්තටම ලොකූ වාදයක් තිබුණා ලංකාවේ ජනාධිපති ආණ්ඩුක්‍රමයද හොඳ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයද කියලා. අන්තිමට ජනාධිපති ආණ්ඩුක්‍රමය හොඳ නැහැ, පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට යා යුතුයි කියලා 19 වෙනි සංශෝධනයක් ඇති කර ගත්තා. ඒ ඇති කරගත්ත ආකාරයේ ලොකූ ගුප්ත බවක් තියෙනවා. ඒ 19 වෙනි සංශෝධනය නිසා දැන් පරන ජනාධිපති අලුත් ජනාධිපති අතර ලොකු වෙනසක් තියෙනවා. ඉස්සර හිටපු ජනාධිපති හරී බලවත්. රාජ්‍යයේ සකලවිධ බලය ඒකරාශීවෙලා තිබෙුණේ ජනාධිපති අතේ.

ජනාධිපති වෙනස් කරාම මුලු රාජ්‍යම වෙනස්වුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කිවුවා ජනාධිපතිට වෙනස් කරන්න බැරි ගැහැණියෙක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහැණියයෙක් කරන්නත් පමණයි කියලා. ඒ කතාව ඇත්ත. නමුත් අද තත්වය ඊට සපුරා වෙනස් අද විධායක බලය ජනාධිපතිට නැහැ. විධායක බලය අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය අතටයි ගිහිල්ලා තියෙන්නේ.

 ලෝකයේ නාමමාත්‍රික ජනාධිපතිවරු මහජන ඡන්දයෙන් තෝරන ක්‍රමයක් තියෙනවද?

LAnka 6දැන් කල්පනා කරන්න, මම වැඩිය ආසයි මම මෙතන ගොඩක් දේශපාලන නායකයෝ ඉන්න නිසා, එතුමන්ලගෙන් අහනවා ප්‍රශ්නයක්, ලෝකයේ නාමමාත්‍රික ජනාධිපතිවරු මහජන ඡන්දයෙන් තෝරන ක්‍රමයක් තියෙනවද? ඒ ඡන්දය සඳහා වියදම් කරන්න බලාපොරොත්තු වන වියදම කොච්චරද? කෝටි කීයක්ද? ඇත්තටම විධායක බලයක් ජනාධිපතිට නැත්නම් ඇයි මේ විකාරයක් කරේ. මොකක්ද මේකේ තේරුම? අවසානයේ ඇත්තවශයෙන්ම ලංකාවේ, දැන් 19 ආණ්ඩුවට දොස් කියනවා විරුද්ධ පක්ෂය, විරුද්ධ පක්ෂයට දොස් කියනවා ආණ්ඩුව. එහෙම නෙවෙයි ඒක පොදු එකඟතාවයකින් කරේ ඒකේ හොඳ නරක මොනවා වුණත් ඒක හොඳටම පේනවා.

දේවල් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී ව්‍යවස්ථාදායකයට විතරක් නෙවෙයි මේක විධායකයටත් සම්බන්ධ ප්‍රශ්නයක්. තමන්ගේ යුතුකම් හා වගකීම් හරියාකාරව ඉටු නොකරන තත්වයක් රටේ තියෙනවා. ඒ නිසා ඇත්තවශයෙන්ම විශාල වන්දියක් ගෙවන්න රටට සිද්ධ වෙලා තියෙනවා.

 "මැතිවරණ ක්‍රමය සකස්කරලා තියෙන්නේම මූල්‍ය බලය බරපතල විදිහට සීමා කෙරෙන ආකාරයට.. එත්.."

අපි මෙහෙම කතාකරොත්, ලෝකයේ සෑම තැනකම ප්‍රජාතන්ත්‍රවාදයේ එක ලක්ෂණයක් තමයි, සල්ලිවලට මහජනතාවගේ පරමාධිපත්‍ය බලය මිලදී ගන්න බැහැ කියන එක. ඒ නිසා මැතිවරණ ක්‍රමය සකස්කරලා තියෙන්නේම මූල්‍ය බලය බරපතල විදිහට සීමා කෙරෙන ආකාරයට. මැතිවරණ අරමුදල්, අපේක්ෂකයින්ගේ අරමුදල්, අපේක්ෂකයින්ගේ වියදම්, මේ ‌දේවල් ඉතාම දරුණුවට සීමා කරන ආකාරයට සෑම රටකම වගේ.

අපේ රටේත් හැත්තෑව දක්වා ඔය සියලු දේ තිබුණා. මැතිවරණ කොට්ඨාශයකට තරඟ කරන කෙනෙකුට මම හිතනවා පරන අය දන්නවා, ඒ කියන්‌නේ රුපියල් පන්දාහයි උපරිමයකට වියදම් කරන්න පුළුවන් කම තිබුණේ. රුපියල් පන්දාහ වියදම් කරලා හරියන්නෙත් නැහැ ඒ කියන්නේ ලොකූ වියදම් වාර්තාවක් ලබා දෙන්න නියමිතව තිබුණා මැතිවරණ දෙපාර්තමේන්තුවට.

සාමාන්‍යයෙන් කියන්නේ ජනාධිපතිවරණ වියදම ප්‍රධාන පක්ෂ දෙකේ රුපියල් බිලියන තුනක් හැටියට ගණන් ගැනෙන්නේ. සාමාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයකට රුපියල් මිලියන 250 කට වැඩිය වියදම් කරපු අවස්ථාත් තිබුණා. මේ මොකක්ද? කාගෙද මේ වැරැද්ද? ඇත්තටම 1977 ඉඳලා අද දක්වාම, මේ සඳහා නීති සකසා ගන්න ලංකාවට බැරිවුණාද? අද ඇත්තවශයෙන්ම ලොකු සල්ලියක් වියදම් කරන කෙනෙකුට පමණයි මැතිවරණයක් ජයගන්න පුළුවන්.

ඒ නිසාම, අද අනිත් එක තමයි ඇත්තටම ඉස්සර මහජන නියෝජිතයින්ට අයථාලෙස ධනය උපයන්න බැහැ. ඒක නීති විරෝධී. අද එහෙම දෙයක් නැහැ ඇත්තටම. අද මන්ත්‍රීවරුන්ට බාර් ලයිෂන් තියෙනවා. ඒ වගේම තමයි වැලි පර්මිට් තියෙනවා, පස් පර්මිට් තියෙනවා, ගල් පර්මිට් තියෙනවා, ප්‍රතිඅපනයන පර්මිට් තියෙනවා. මේවා බෑ, ලෝකයේ ඉතාමත් දැඩි නිති රීති තියෙන්නේ. අපි ඇත්තටම අපේ රටේ අසමත්කමට අපි කවුරුත් වගකියන්න ඕනේ.

ඒ වගේම තමයි රටේ දේශපාලකයොත් රාජ්‍ය නිලධාරීනුත් විශාල ප්‍රමාණයකට වගකියන්න ඕනේ. මම කරන්නේ දෝෂාරෝපණයක් නෙවෙයි. මම අහන දේ මේ විදිහට කොච්චර දුර යන්න පුළුවන්ද? කොච්චර දුර යයිද? කොච්චර විනාශයක් වෙයිද? දේශපාලකයින් වශයෙන්, දේශපාලකයින්ට යුතුකමක් වගකීමක් නැද්ද? මේ ප්‍රතිසංස්කරණ නොසලකා පරන ක්‍රමය, මම කැමතියි ඒකට දූෂිත ක්‍රමය කියන්න.

 ''77 ට පෙර ලංකාවේ දේශපාලන නායකයෝ හොරකම්කරේ නැහැ''

77 ට පෙර ලංකාවේ දේශපාලකයෝ අදක්ෂ වෙන්න පුළුවන් 77 ට පෙර ලංකාවේ දේශපාලන නායකයෝ හොරකම්කරේ නැහැ. තමන්ගේ පොකැට් එකෙන් වියදම් කරේ. දේශපාලනය නිසා මිනිස්සු දුප්පත් වුණා. 77 පස්සේ දේශපාලනය නිසා මිනිස්සු දුප්පත් වුණේ නැහැ.

ඇයි මෙහෙම ක්‍රමයක් තියාගෙන ඉන්නේ? හොඳටම සෑම තැනක්ම දූෂිත බව පෙනෙනවා නම් ඒ සඳහා ඒ කියන්නේ අවශ්‍ය ප්‍රතිසංස්කරණවලට නොයන්නේ ඇයි? දිගින් දිගටම, කියන්නකෝ මම කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ලංකාව තව ටිකක් කල් යනකොට පුදුම වෙන්න දෙයක් නැහැ, වතුකරයේ උතුරේ උඩරට දෙමළ ජනයාගෙන් කවුරුහරි පිරිසක් ත්‍රස්තවාදයට ගියත් මම පුදුම වෙන්නේ නැහැ. මොකද ඇත්තටම කියන්නේ මේවා ගැන කිසිම සොයා බැලීමක් නැහැ.

අලුත් අලුත් කණ්ඩායම් එකතුවෙනවා. මේවට කාලයක් නෑ. පාර්ලිමේන්තුවේ හොඳ වාද විවාද නැහැ. ඇත්තටම වාද විවාදවලට ඉඩක් නැහැනේ, ඒ කියන්නේ වෙන කටයුතුවලටනේ තියෙන්නේ. ඉතින් මම හිතන දේ තමයි රටේ දේශපාලකයොත් රටේ නිලධාරිනුත් සමජයේ ඉන්න බුද්ධිමත් අයත් බැරූරුම් ලෙස සලකා බැලිය යුතුයි, මේ විදිහට ලංකාවට යන්න පුලුවන්ද?

දැන් 2015වේ ඇත්තටම ජයග්‍රහණයට පෙරත් පසුවත් ඒකට නම් මට හිනාවක් තිබුනා ඇත්තටම ඒ කියන්නේ 'ආපෝ ජනවර්ග ප්‍රශ්න, ඒ ප්‍රශ්නවලට නම් අත තියන්න එපා, ඒවා අපි පස්සේ බලාගමු' 'සරල ප්‍රතිසංස්කරණවලට පමණක් සීමා වෙමු' කියන පාඨය යටතේ රටට අවශ්‍යම වැදගත් වෙනස්කම් වලට අත නොතබා මාරුවෙන ක්‍රමයක් ක්‍රියාත්මක වුනා. මේක අනාගතයේත් වෙයි. ඇත්තටම ඒකට ඉඩ තැබීම හරිම භයානකයි.

 ''තරුණයින්ට හැඟීමක් තියනවා මේ රට ජීවත් වීමට සුදුසු රටක් නෙවෙයි කියලා"

LAnka 7අපි කවුරත් තේරුම්ගන්න ඕන දෙයක් තමයි අපේ කාලය අවසන්, නමුත් මේ රටේ තරුණයන් අතර හැඟීමක් තියෙනවා මේ රට ජීවත් වීමට සුදුසු රටක් නෙවෙයි කියලා. කොළඹ විශ්ව විද්‍යාලයේ සමීක්ෂණයක් කරලා පොතක් හැටියට පළකරලා තියෙනවා ඒගොල්ලන්ගේ දත්ත. ඒ දත්ත අනුව ලංකාවේ තරුණ පරපුරෙන් 50% කට වඩා වැඩි පිරිසක් මට හරියටම කියන්න බැහැ, සියලුම වර්ගයේ, ඒකෙ තියෙනවා පොදුවේ අරගෙනත් සිංහල, දෙමළ, මුස්ලිම් හැටියටත් අරගෙන තියෙනවා. නමුත් බහුතරයක් හිතන්නේ ලංකාවෙන් පිටවිය යුතුයි. ඒ අය අතරිනුත් තව ලොකු පිරිසක් හිතනවා, ලංකාව ජීවත්වීමට සුදුසු තැනක් නෙවෙයි කියලා.

ඇත්තටම මේ කාරණා ලංකාව බැරූරුම්ලෙස සැලකා බැලිය යුතු නැද්ද? මම හිතන දේ තමයි දැනුත් ඇත්තටම ජනාධිපතිවරණයට ආණ්ඩුව කීයක් වියදම් කරනවාද? ඇත්තටම ජනාධිපති විධායක බලය නැති කෙනෙක් නම් රට පුරා ලංකාවේ මැතිවරණ කොට්ඨාශයක් හැටියට සලකලා ඡන්දයකට යෑමෙන් විශාල වියදමක් දරන්න වෙනවා විතරක් නෙවෙයි එසේ බලයට පත්වන ජනාධිපතිවරයාගෙ ඔලුවටත් නරක අදහසක් ලබා දෙන්න හේතු වෙනවා ව්‍යවස්ථාවේ බලය නැතත් මාව තෝර ගත්තේ මුළු රටේම ජනයා ඒ නිසා මටත් ලොකු බලයක් අවශ්‍යයි කියලා, වාද කරන රන්ඩු කරන තැනකට යන්න ඉඩ තියෙනවා.

මේ වගේ දේවල් නිසා තව තව අපි ඇත්තටම අවුලට සහ අපේ අසමත්භාවයේ අග කොනකට තල්ලු වෙන්න ඉඩ තියෙනවා. මම හිතන දේ තමයි ඇත්තටම ආයාචනයක් කරන්නේ, මේවා ගැන ඇත්තටම ඇයි දේශපාලකයා කල්පනා නොකරන්නේ, මේවා ගැන ඇයි රටේ මහජනයා කල්පනා නොකරන්නේ, මේ විදිහට රටක් යන්න පුළුවන්ද? 48 ඉඳලා මේ රටේ මොනවද වෙලා තියෙන්නේ කියලා හොයා බලන්න යුතුකමක් නැද්ද? මම හිතන්නේ කිසිම දේශපාලන පක්ෂයක න්‍යායපත්‍රවල ඒ වගේ බරපතල දෙයක් කවර මට්ටමකින් වත් දකින්න නැහැ. හැම කෙනෙක්ම කල්පනා කරන බව පෙනෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ, අපි මෙහෙම යනවා, නමුත් ඇත්ත දේ සමහරවෙලාවට දේශපාලකයින්ට නොපෙනෙනවා ඇති.

 ''අපි ගිනි කන්දක ඉන්න බව අපේ රටේ සුක්කානම හසුරුවන පාලකයින්වත් උගතුන්වත් දන්නේ නැහැ.''

අපි රටක් හැටියට ඉන්නේ මහා ගිනි කන්දක් උඩ. ඒක කොයි වෙලාවක හිරි පුපුරන්න පුලුවන්. අපි සියලු දෙනාටම ලොකු අලාභ හානි වෙන්න පුලුවන් අවාසනාව තමයි අපි ගිනි කන්දක ඉන්න බව අපේ රටේ සුක්කානම හසුරුවන පාලකයින්වත් උගතුන්වත් දන්නේ නැහැ. ඉතින් මම මේක දීර්ඝව කතා කරන්නේ නැහැ, මට තේරෙනවා ගොඩාක් අය කතා කරන්න ඉන්නවා. ඇත්තටම මගේ ආයාචනය ඒක මුදල් ඇමතිතුයි සම්බන්ධන් ඇමතිතුමයි තව ගොඩක් අය ඉන්නවා. මේ ඔක්කොම අස්සේ ලංකාවට අවශ්‍යව තිබෙන ව්‍යූහමය වෙනස්කම්වලට මේ රට තල්ලු කරන්නේ කොහොමද කියන එක බැරූරුම් ලෙස හිතන්න. එහෙම නැත්නම් අපි දරුණු විනාශකාරී ආරාජිකත්වයකින් තමයි අපේ ගමන අවසන් වෙන්නේ. ඒ වෙනුවෙන් අපිට ලොකු වන්දියක් ගෙවන්න සිදුවෙයි.''