Language Switcher

V2025

ජනාධිපතිවරණය : අයිවන්ගේ අදහස් ගැන සුමිත්ගේ ප්‍රතිචාරය !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

2020 ජනාධිපතිවරණය සම්බන්ධව ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම දේශපාලන විචාරකයකු වන වික්ටර් අයිවන් විසින් "ජනාධිපතිවරණය ගැන මැයෙන් කරුණු දැක්වීමක් සිදුකර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජේෂ්ඨ කතිකාචාර්යවරයෙකු, දේශපාලන විචාරකයකු සහ වාම ක්‍රියාකාරිකයෙකු වන සුමිත් චාමින්ද සංවාදයක් ගොඩනගා තිබේ.

එය පහත දැක්වෙයි.

vicotr i 1000pxජනාධිපතිවරණය ගැන:

විකල්ප සංවිධාන හා පුද්ගලයින් එකට එකතුවී එක අපේක්ෂකයකු තෝරා ගෙන එම අපේක්ෂකයාට සහයෝගය දීමේ අවශ්‍යතාව අවධාරණය කරන ආයාචනයක් Ernest Kithsiri විසින් ඉදිරි පත් කර තිබුණා.
ඒ ගැන මා දරණ අදහස් මෙසේය.

1.විකල්ප අපේක්ෂකයින් ලෙස තුන් හතර දෙනෙකු පමණ තරග කිරීමට එම අපේක්ෂකයින් විසින් තීරණය කර තිබෙන බව පෙනෙන්නට තිබේ.

2. එම අපේක්ෂකයින්ගේ අපේක්ෂකත්වය තීරණය කර තිබෙන්නේ එම අපේක්ෂකයින් විසින්ම මිස දේශපාලන සංවිධානයක් හෝ මහජන ව්‍යාපාරයක් විසින් නොවන බව ද පැහැදිලිව පෙනේ.

3. ඒ සියලු දෙනා සමගි කොට එක අපේක්ෂකයකු ඉදිරියට ගැනීම ප්‍රායෝගික නොවන ලස්සන සිහිනයක් ලෙස සැලකිය හැකිය.

4. බොහොමයක් විකල්ප ව්‍යාපාර ගොඩනැගී තිබෙනුයේ පුද්ගලයින් කේන්ද්‍ර කර ගෙනය. ඒවායේ නායකයින් බොහෝ දෙනෙකුට ජනාධිපති උණක් මිස රටේ පවතින අර්බුදය ගැන හා එම අර්බුදය ජය ගැනීම සඳහා ඇති කළ යුතු වෙනස් කම් ගැන තියුණු විශ්ලේෂණයක් තිබෙන බවක් ද පෙනෙන්නට නැත.

5. 19 වැනි සංශෝධනය අනුව ඊළඟ ජනාධිපතිට තිබෙන්නේ නාමමාත්‍රික බලයක් පණමණය.වෙනස් කම් ඇති කිරීමේ බලයක් ජනාධිපතිට නැත. ඊළඟ ජනාධිපතිට ඇත්තේ සංකේතාත්මක වැදගත් කමක් පමණය.

6. නාම මාත්‍රික ජනාධිපතිවරයෙකු මුලු රටම එක ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා මැතිවරණයකින් තෝරා පත් කර ගැනීම තරම් විහිළුවක් තවත් තිබිය නොහැකිය. ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයට පත්ව තිබෙන රටක් නාමමාත්‍රික ජනාධිපති කෙනෙකු තොරා ගැනීම සඳහා කෝටි සියගණනක් වැයකිරීම බරපතල වරදක් සේම බරපතල අපරාධයක් වන්නේය. එවැනි වැඩසටහනකට දායක වීමෙන් විකල්ප ව්‍යාපාර ද දැන හෝ නොදැන කරන්නේ බරපතල වරදකි.

7. ලංකාවේ මැතිවරණ ක්‍රමය සකස් කර තිබෙන්නේම ලොකු ධන බලයක් තිබෙන අයට තේරී පත් වීමට වැඩි ඉඩක් ලැබෙන ආකාරයටය. ඒ වැරදි ක්‍රමය නිවැරදි කර ගැනීමට දරණ උත්සාහයකින් තොරව තරග කරන්නට යාමෙන් සිදු වන්නේ පරාජය ලැබීම පමණක් නොව ඒ මගින් අසාධාරණ ක්‍රමයක් සාධාරණ කිරීමක් ද සිදුවේ.

8. නෙල්සන් මැන්ඩෙලා තිබුණු දුෂ්ට ක්‍රමයට එකතු වුයේ නැත. ඒ වෙනුවට ක්‍රමයේ වෙනසක් තරයේ ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිපක්ෂය එකඟ වීමෙන් පසු ක්‍රමය වෙනස් කර ගැනීමේ වැඩ සටහනේ ප්‍රධාන කොටස් කරුවකු බවට පත් වුණේය. මැන්ඩෙලා මැතිවරණවලට තරග කරන තැනකට ගියේ ක්‍රමය වෙනස් කරගැනීමෙන් පසුවය.

9. ජනාධිපතිවරණය තරග කරන්නට අපේක්ෂා කරන විකල්ප කන්ඩායම් හෝ ඒ වායේ නායකයන් සමස්ත ක්‍රමයේ කෙසේ වෙතත් සාධාරණ මැතිවරණ ක්‍රමයක් දිනා ගැනීම සඳහා වත් පලදායක කිසිවක් කර තිබෙන අය නොවේය. ඔවුන් තරග කරන්නට යන එම අවාසිදායක වටා පිටාව තුළ හා ( i) ඔවුන්ට තිබෙන මහජන පිළිගැනීමේ තරම අනුව ( ii) වියදම් කිරීමට තිබෙන හැකියාවන්ගේ සීමාසහිත කම් අනුව ( iii) එක තරග කරුවකු වෙනුවට ගණනාවක් තරග කිරීම තුළ විකල්ප අපේක්ෂකයින් ලෙස තරග කරන සියලු දෙනා ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් පරාජය කිරීම කෙසේ වෙතත් හොඳ තරගයක් පවා දිය නොහැකි කුජීත තත්ත්වයකට පත්වීම නොවැළැක්විය හැකිය.

10. අවසානයේ ලැබෙන ප්‍රතිඵලය එය වේ නම්, ඒ නිසා වෙනසක් වෙනුවෙන් පෙනී සිටින ජනයාගේ තත්ත්වය දුබල කොට මේ වන විට දුබල තත්ත්වයක සිටින දූෂිත බලවේගයන්ගේ තත්ත්වය ශක්තිමත් කරනු නොවැළැක් විය හැකිය. එම තත්ත්වය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කෙරෙහි ද විනාශකාරි ලෙස බලපානු නොවැළැක්විය හැකිය.

11. එවැනි අවාසි සහගත තත්ත්වයක් ඇති කර ගන්නවා වෙනුව ( i) ඊ ළඟ ජනාධිපති විධායක බලයක් නැති නාම මාත්‍රික ජනාධිපතිකමක් වන නිසාත් ( ii) එවැනි නාම මාත්‍රික ජනාධිපතිවරයෙකු අති විශාල වියදමක් දරා මහජන ඡන්දයකින් තෝරාගැනීම බරපතල වරදක් වන නිසාත් ( iii) රටට හා ජනතාවට, වඩා වැදගත් වන්නේ ක්‍රමයේ සැබෑ වෙනසක් වන නිසාත්,

12. ‍එළඹෙන ජනාධිපතිවරණය ( i) නාම මාත්‍රික ජනාධිපති කෙනෙකු විශාල වියදමක් දරා මජන ඡන්දයකින් තෝරාපත් කර ගැනීමට විරෝධය පළ කිරීම සඳහා යොදා ගැනෙන ( ii) අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමෙන් වැළකී සිටීම මගින් සමාජය බේදභින්න කොට රට අන්ත දූෂිත හා කාලකන්ණි රටක් බවට පත් කිරීම ගැන දේශපාලන තන්ත්‍රයට විරෝධය පළ කිරීම සඳහා යොදා ගැනෙන (iii) සමස්ථ ක්‍රමයේ වෙනසක් සදහා මහජන ව්‍යවස්ථා සම්පාදනයක් ඉල්ලා සිටින මැතිවරණයක් බවට පත් කර ගත යුතුය.

13. එ සඳහා NOTA කොටුව දිනා ගැනීමට සමත් වෙතොත් එම කොටුවට ඡන්දය පාවිච්චි කරන හා එම කොටුව දිනා ගැනීමට අසමත් වෙතොත් ඡන්ද පොලට ගොස් ඡන්ද කටුගාන ඡන්දයක් බවට පත් කර ගත යුතුය.

14. ඒ මගින් රටේ පවතින පීඩාකාරි දූෂිත ක්‍රමය සමග විවිධ හේතු නිසා විරසක වී සිටින සිංහල,දෙමළ හා මුස්ලිම් ජනයාට තමන්ගේ විරොධය බලවත් හා උද්‍යෝගිමත් ලෙස මුදා හැරීමට ඉඩ දෙන අවස්ථාවක් බවට පත් කර දිය යුතුය. එ මගින් රටේ පවතින දූෂිත හා දුෂ්ට ක්‍රමයට මහජනයාගේ හදවත් තුළ කැකෑරෙමින් පවතින විරෝධය බලවත් ලෙස ප්‍රකාශ කරන අවස්ථාවක් බවට පත් කළ හැකිය. එ මගින් ජනාධිපතිවරණය රටේ පවතින දුෂ්ට,බේදකාරී,පරපීඩාකාමි හා දුෂිත ක්‍රමයට එරෙහිව මහජනයා සාමකාමී ස්වරූපයකින් කරන බලවත් කැරැල්ලක් බවට පත් කළ හැකිය.

15. එ මගින් ලැබෙන ප්‍රතිඵලය ඉතා බලවත් වුව හොත්, ලංකාවේ දේශපාලන තන්ත්‍රය සසල කිරීමට හේතු වී ජනමාධ්‍ය ද ශීලාචාර තැනකට ගනිමින් ක්‍රමයේ සැබෑ විපර්යාසයකට හේතු වන මහජන විවස්ථා සම්පාදනයක් දිනා ගැනීමට හේතු වනු ඇත.

featuredimg16ජනාධිපතිවරණය ගැන අයිවන්ගේ මත දැක්වීම ගැන..!

වික්ටර් අයිවන්ගේ පහත සඳහන් දේශපාලන තක්සේරුව නිවැරදි බවයි මගේ හැඟීම. මගේ යෝජනාව වන්නේ ජවිපෙ, පෙසප ඇතුළු වාමාංශික පක්ෂ, සංවිධාන, මහජන ව්‍යාපාර, ප්‍රගතිශීලී බුද්ධිමතුන් සහ කලාකරුවන්ගේ එකතුවෙන් පුළුල් සහයෝගීතා ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතු බවත් එමගින් සෑම ක්ෂේත්‍රයකටම අදාළ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ යුතු බවත්ය. (මෙහිදී ජවිපෙ අභ්‍යන්තරිකව ප්‍රතිසංස්කරණය වීමක් නොහොත් වමට හැරීමත් පෙසප හෙජමොනික දේශපාලනය වෙත අවධානය යොමු කිරීමත් අවශ්‍ය වේ). එම ප්‍රතිසංස්කරණ මහජන අධීක්ෂණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් ද අවශ්‍යය.

එසේ කළ නොහැකි තත්ත්වයක් තුළ "හිස් කොටුව" දිනවීමේ යෝජනාවට සහාය දීම වඩා උචිතය.

උදා වී ඇති දේශපාලන අවකාශය අත්පත් කරගැනීමේ පොදු උපාය මාර්ගයක් සෙවීම පසෙකින් තබා වැඩියෙන් වාමාංශික කව්රුන්ද යන විවාදයේ සිරවී සිටීමට වමේ කණ්ඩායම් ප්‍රිය කරන්නේ නම් ඔවුනට සුබ පැතීම හැර කළ හැකි අන් යමක් නොමැත. ඊනියා විකල්ප හෝ වමේ පොදු අපේක්ෂකයින් රැසක් නම් කිරීමේ විහිළුව සමාන වන්නේ "සකල ලෝකවාසී කම්කරුවනි එක්වව්!" යන සටන් පාඨය සහිතව මැයි දින පෙළපාලි රැසක් වෙන වෙනම සංවිධානය කිරීමේ ක්‍රියාවටය. දැනටමත් වමේ පොදු අපේක්ෂකයෙක් නම් කිරීමට ජවිපෙ තීරණය කොට තිබේ; වෙනත් වමේ පොදු අපේක්ෂකයින් නම් කිරීමේ යෝජනාද ඉදිරිපත් වෙමින් ඇත. සසප සහ එක්සත් සමාජවාදී පක්ෂයද බොහෝ විට වෙන වෙනම අපේක්ෂකයින් ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව, ඊනියා ස්වාධීන අපේක්ෂකයින් ගොඩට වමේ පොදු අපේක්ෂකයින් පිරිසකුත් එක් කිරීමෙන් විකල්පය පිළිබඳ අදහසම විකාරයක් වී යනු ඇත. අවසානයේ මෙහි වාසිය අත්වන්නේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයටම මිස අන් කිසිවෙකුට නොවේ. එහෙයින්, වම දිනවීමට අවංක වුවමනාවක් යමෙකුට තිබේ නම්, ජන සමාජය තුළ වම විහිළුවට ලක් වන ආකාරයේ මුග්ධ උපායන් යෝජනා නොකර සිටිය යුතුය.

වික්ටර් අයිවන් ප්‍රකාශ කරන පරිදි, විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු මහජන ජන්දයෙන් පත් කිරීම ප්‍රායෝගිකව වැරදි සහගත වනවා පමණක් නොවේ; එය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වන සමාජ සම්මුති මූලධර්මයටද පටහැණිය. ඒ මූලධර්මය අනුව රටම තනි ජන්ද කොට්ඨාශයක් ලෙස සලකා පවත්වන ජනාධිපතිවරණය ජනතාව සතු ස්වාධිපති බලය වඩාත් ප්‍රගාඪ ලෙස ප්‍රකාශයට පත් වන අවස්ථාව ලෙස සැලකීමට සිදු වේ. ජනතාව තම ස්වාධිපති බලය ජනාධිපතිවරයා හට පවරයි. නමුත්, එලෙස පවරණු ලබන ස්වාධිපති බලය ප්‍රායෝගිකව නොවැදගත් එකක් විය යුතු යැයි මෙරට යහපාලන ප්‍රාඥයින් තීරණය කොට තිබේ. (2015 ජනාධිපතිවරණ සමයේ සමාජ සම්මුති න්‍යාය ජෝන් ලොක්ටත් වඩා උත්කර්ෂවත් ලෙස වර්ණනා කළේ මේ ප්‍රාඥයින්ය!).

ජනාධිපතිවරයාට තිබිය යුත්තේ නාමික බලයක් නම් ඔහුව හෝ ඇයව සෘජු මහජන ජන්දයෙන් පත් නොකළ යුතුය.

මන්ද යත්, එහිදී ජනතා ස්වාධිපත්‍යය පිළිබඳ මූලධර්මය උල්ලංඝනය වේ. කෙසේ වුවත්, සමාජ සම්මුති න්‍යාය ව්‍යාජයක් බව ලිබරල්වාදීන් විසින්ම ප්‍රායෝගිකව පෙන්වා දී තිබීම ගැන මාක්ස්වාදීන් ඔවුනට ස්තුතිවන්ත විය යුතුය.

මගේ අදහස වන්නේ වාම ජනතාවාදයකට ඉදිරි ජනාධිපතිවරණය තුළ බලපෑම් සහගත යමක් කිරීම අසීරු බවයි. තෝරා ගත යුතු වේදිකාව මෙය නොවේ. ජවිපෙ විකල්ප පොදු අපේක්ෂකයා පිළිබඳ කාඩ් එක තමන්ටම අයිති කරගන්නට හදිස්සි විය. දැන් ඒ වරද යළි නිවැරදි කිරීම අසීරුය. මා සිතන්නේ අයිවන් පවසන ලෙස ජනාධිපතිවරණයේදී "හිස් කොටුවේ" ජන්ද ප්‍රතිශතය වැඩි කිරීම වඩා ප්‍රයෝජනවත් බවය. "හිස් කොටුවෙන්" ප්‍රකාශ වන්නේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට එරෙහි පොදු මහජන විරෝධයයි. එය දේශපාලනිකව ආයෝජනය කළ හැක්කේ ඉදිරි මහ මැතිවරණයක් තුළය.