Language Switcher

V2025

ගෝඨා ෆැසිස්ට්වාදී වියත් මඟින් ඉවත් වෙන්න - ඩිලාන් (වීඩියෝ)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගෙන ඇති 'වියත් මග' සංවිධානය ෆැසිස්ට් අදහස් දොඩවන වේදිකාවක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගන්නා මන්ත්‍රීවරුන්ගේ හෙලා දැකීමට ලක් වී තිබේ.

එම වේදිකාවේ කතා පවත්වන හිටපු හමුදා නිලධාරීන්ගෙන් ප්‍රවේසම් වන ලෙස ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරයකු ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාට අනතුරු අඟවා සිටී.

“සරත් වීරසේකර මැතිතුමාලා අර කමල් ගුණරත්න වගේ මහත්වරු ඒ වේදිකාවේ දොඩවන ඒ ෆැසිස්ට් ආකාරයේ අදහස් එක්ක දෙමළ මුස්ලිම් ඡන්ද ආකර්ෂණය කරගන්න බෑ,” යි ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමේ බලාපොරොත්තුවක් ඇතිනම් පොහොට්ටුව සතු ඡන්ද ප්‍රමාණවත් නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.