Language Switcher

V2025

ඡන්දය දෙන්න වගේම නොදෙන්නත් ජනතාවට අයිතිය තිබෙනවා - පුබුදු ජයගොඩ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
තැපැල් ඡන්දය භාවිතා නොකරන ලද රජයේ සේවකයන්ගෙන් රු.750ක් අය කිරීමට ප්‍රකාශ කිරීම ඒ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඡන්දය භාවිතා කිරීමට  මෙන්ම  ඡන්දය භාවිතා නොකිරීමටත් ජනතාවට අයිතියක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. 
 
ඊයේ(05) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් මේ බව සඳහන් කර තිබුණි. 
 
පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් පැවසුවේ, 
 
මැතිවරණ කොමිස‍මේ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි 
 
ඡන්දය පාවිච්චි නොකරන අය දෙපිරිසක් ඉන්නවා. සමහරු ඡන්දය පාවිච්චි නොකරන්නේ දේශපාලනය ගැන උනන්දුවක් නැති නිසයි. ඒත් තවත් සමහරු නිශ්චිතවම ඡන්දය පාවිච්චි නොකරන්නේ දේශපාලන මතයක් ප්‍රකාශ කරන්නයි. රටේ පුරවැසියන්ට තම දේශපාලන මතය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවක නිරතවීමේ අයිතියක් තියෙනවා. ඒ නිසා මැතිවරණ කොමිස‍මේ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවක්.  එසේ සිදු කිරීමට ලංකාවේ නීතියේ කිසිදු ප්‍රතිපාදනයක් නෑ. එලෙස නීති නොමැතිව, කොමිසමේ නිළධාරීන් ඔවුන්ගේ හිතුමනාපෙට ඡන්දදායකයින්ගේ හෝ රටේ පුරවැසියන් සම්බන්ධ, ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිළිබදව තීරණය කරන්නේ කෙසේද? මැතිවරණ පනතට වඩා ඉහළින් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට හා තම මතය ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා කියලා සදහන් වෙනවා. 
 
දඩ ගැසීම සිදු කරන්නේ තැපැල් ඡන්ද දාන දින 4න් පළමු දින 3දී එතරම් ඡන්ද ප්‍රකාශයට පත් නොවුණු නිසයි. ජනතාව රටේ දේශපාලනය ගැන බලවත්ව කළකිරීම නිසා තර්ජනය කිරීමෙන් අවසාන දවසට ගෙන්වා ගන්නයි එලෙස දඩ ගැසීමක් සිදු කළේ. මේක නිශ්චිතවම ඡන්ද දායකයින්ට කරපු බලපෑමක්.
 
 ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණයට  පමණක් සීමා නොවේ
 
ළගදී එන මැතිවරණය නිසා කියලා ආණ්ඩුව වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බදවා ගැනීමේ අවම ප්‍රමිතිය ගැසට් නොකර හිටියේ නෑ. ඒ ගැසට් පත්‍රය නිකුත් කළා. නමුත් ඊට විරුද්ධව සටන් කරන බලවේග සදහා උද්ඝෝෂණ කිරීම තහනම් කරනවා මැතිවරණය කඩාකප්පල් වෙනවා කියලා. මැතිවරණ කොමිසම හිතාගෙන ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මැතිවරණයට පමණක් සීමාවෙන, එක ස්වරයක් පමණක් නාද වෙන ඒකාකාර වාදනයක් කියලා. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය එහෙම එකක් නෙවෙයි, ඒ ස්වරයත් තියෙන, තව ස්වර ගොඩක් එකතු වෙලා හැදුණු සංගීත සංධ්වනියක් කියලා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණයකදී ඡන්දය දැමීමට සීමා කරන්න බෑ.