Language Switcher

V2025

අඳුර සහ එළිය !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

නාරාහේන්පිට අභයාරාමයේ අධිපති මුරුත්තෙට්ටුවත්තේ ආනන්ද හිමියන් මහජනයා අමතා අපූරු ප‍්‍රකාශයක් කළේය. ආණ්ඩුව තිබෙන්නේ දෛනික වියදම්වත් පියවා ගැනීමට බැරි තත්ත්වයකය. හැකි තරම් ඩොලර් ආණ්ඩුවට පරිත්‍යාග කරන ලෙස සිංහල ඩයස්පෝරාවෙන් උන්වහන්සේ ඉල්ලා සිටියේය. ඒ සමග උන්වහන්සේ තායිලන්තය උදාහරණයට ගනිමින් රටේ මේ හා සමාන තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේ ඒ රටේ රජු කරන ලද ඉල්ලීමක් සලකා ඒ රටේ පන්සල්, පන්සල්වල තිබෙන වස්තුව රජයට පරිත්‍යාග කළ බවත්, ඒ ආකාරයට ලංකාවේ භික්ෂූන් වහන්සේලාද පන්සල්වල තිබෙන ධනය මේ දුෂ්කර අවස්ථාවේදී පරිත්‍යාග කිරීමට සුදුසු හා තෝරාගත් ජන නායකයාට ලබාදෙන සහයෝගයක් වශයෙන් රජයට පරිත්‍යාග කිරීම සුදුසු බවත් කියා සිටියේය.

එම ප‍්‍රකාශය කරන ලද්දේ රටේ ජනාධිපති හෝ අගමැති නොවූවද ලංකාවේ රාජ්‍ය  බංකොළොත් තත්ත්වයකට පත්ව ඇති බව ඒ හිමියන්ගේ එම ප‍්‍රකාශයෙන් තේරුම් ගත හැකිය. මගේ පසුගිය ලිපියේද එය ඊට වෙනස් ආකාරයකින් ලියා තිබුණි. ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් ගැන මා සඳහන් කර තිබුණේ මෙසේය. ”ජනාධිපතිවරණයට තරග කළ සියලූ අපේක්ෂකයන් තමන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටියේ සාමාන්‍ය තරමින් හෝ හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් තිබූ රටක් නොව සෑම අංශයකින්ම බංකොළොත් තත්ත්වයකට පත්ව තිබුණු රටකි.” ඊට පෙර සතියේද (දෙසැම්බර් 08) ලියන ලද ලිපියක මෙසේ ලියා තිබුණි. ”එහෙත් 2019දී ගෝඨාභය අතට පත්ව තිබෙන්නේ හොඳ තත්ත්වයක තිබෙන රටක් නොව, කුණුවී ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබෙන රටකි.” ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලට යාමට අසමත් වෙතොත් ලංකාව බොහෝ කල් නොගොස් ග‍්‍රීසිය මෙන් බංකොළොත් තත්ත්වයකට පත්වනු ඇති බව මා මීට වසර තුනක් තරම් කාලයක් තිස්සේ පුන පුනා කියා ඇති බව මා ලියන දේවල් පරිශීලනය කරන පාඨකයන් දන්නවා ඇතැයි සිතමි. එහෙත් එම නිරීක්ෂණය මා ඇති කරගත්තේ අද නොව, අභ්‍යන්තර යුද්ධය ජයගත් 2009 වසරෙන් පසු 2010 වසරේදීය.

මහින්ද රාජපක්ෂ පාලනය

ලංකාවේ සිංහල හා දෙමළ තරුණයන්ගේ ප‍්‍රචණ්ඩ කැරලි ඇතිවූයේ නිදහසට පෙර හෝ ඉන්පසුව වර්ග, කුල හෝ ආගම් භේදවලට ඉඩක් නැති ලෙස නූතන ජාතිය ගොඩනගා ගැනීමට ලංකාවට අසමත්වීම නිසාය. ඇතිවූ සිංහල දෙමළ කැරලි කෙරෙහි වර්ග කුල හා ආගම් භේද බලපෑවේය. වසර 30ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ එක දිගට පැවති එම ප‍්‍රචණ්ඩ ගැටුම් විශාල ජීවිත හා දේපළ විනාශයක් ඇති කිරීමෙන් නොනැවතී සමාජ, දේශපාලන හා ආර්ථික ක‍්‍රමයේ ඇති කර තිබුණ අතිවිශාල විකෘතිය නැති කිරීමට හේතුවන ලෙස ව්‍යූහමය ප‍්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බවත් එසේ කිරීමට අසමත් වෙතොත්, ලංකාව අරාජික තත්ත්වයකට තල්ලූවීම නොවැළැක්විය හැකිවනු ඇති බවත් මගේ මතය විය. ඒ ගැන සමාජය හා පාලකයන් දැනුවත් කිරීමේ අරමුණින් මා 2011 වසරේදී ‘ලංකාව ගලවා ගැනීම’ නමින් පොතක්ද ලියා පළ කරන ලදි.

මා රාවයේ 25 වැනි සංවත්සරයේ ප‍්‍රධාන තේමාව බවට පත්කර ගත්තේද එම ප‍්‍රශ්නයයි. එම අවස්ථාවට සියලූම සිංහල දෙමළ හා මුස්ලිම් නායකයන් එකතු කරගනිමින් ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලට යාමේ අවශ්‍යතාව ඔවුන්ට අවධාරණය කරන්නට උත්සාහ කළද එය සාර්ථක නොවීය. ඉන්පසු ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලට රට යොමු කිරීමේ අවශ්‍යතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පෙන්නුම් කර දෙන්නට උත්සාහ කළද එයද සාර්ථක නොවීය.

ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලට රට යොමු කිරීමෙන් වැළකී සිටින මහින්දගේ ප‍්‍රතිපත්තිය රට නැවත ලොකු අර්බුදයකට තල්ලූ කිරීමට හේතුවී ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජයට පත්වන තත්ත්වයක්ද ඇති කිරීමට හේතුවනු ඇති බව මගේ මතය වී තිබුණි. එය එසේම සිදුවිය.

යහපාලන විකෘතිය

ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා පිටස්තරින් ගෙන එන පොදු අපේක්ෂකයකු යොදා ගත යුතු බව  කියන සූත‍්‍රය ක‍්‍රියාත්මක කළහොත් එය රටේ දේශපාලන ගමන් මගේ ලොකු අවුලක් ඇති කිරීමට හේතුවනු ඇති බව මගේ මතය වී තිබුණි. එම සංකල්පය මාදුළුවාවේ සෝභිත හිමියන් පළිහක් කොටගෙන එම සංකල්පය කරළියට ගෙනවිත් තිබුණේ දැඩි රනිල් විරෝධී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිහිපදෙනකු විසිනි. රනිල්ට බලය නොලැබෙන ආකාරයට එජාපයට තිබෙන බලයද යොදා ගනිමින් මහින්ද පරාජය කිරීම එම වැඩසටහනේ සැඟවුණු අභිලාෂය වී තිබුණි. ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයා තීරණය කිරීමේ අයිතිය තිබුණේ ප‍්‍රධාන විපක්ෂය ලෙස ක‍්‍රියා කළ එජාපයටය. එම පක්ෂයෙන් පිටස්තර කෙනකු පොදු අපේක්ෂකයා ලෙස කරළියට ගෙනැවිත් ඔහු බලයට පත්වුවහොත් ලොකු අවුලක් ඇතිවනු ඇති බව මගේ මතය වී තිබුණි.

මා ඒ ගැන සෝභිත හිමියන් සමගද කතා කර ඇත්තෙමි. සෝභිත හිමියන් මා කියන දෙයට හොඳින් ඇහුම්කන් දුන්නද ආපසු හැරීමක් කිරීමට බැරි තරමට එම වැඩසටහන දුරදිග ගොස් තිබුණි. මම ඒ ගැන එජාප නායකයා සමගද කතා කළෙමි. එක්සත් ජාතික පෙරමුණට ජනාධිපතිවරණයට තරග කරන බව ප‍්‍රකාශ කොට ජනාධිපතිවරණය තරග කරන ලෙසත්, මුලදී ව්‍යාකූල තත්ත්වයක් ඇතිවිය හැකි වුවත්, නාමයෝජනා සමග එම ව්‍යාකූලත්වය නැතිවී ජනාධිපතිවරණය ජයගත හැකිවනු ඇති බව මම කීවෙමි. යථා තත්ත්වය තේරුම් ගැනීමේ හැකියාව ඔහුට තිබුණද ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමට අවශ්‍ය ආත්ම විශ්වාසය නොතිබුණේය.

මෛත‍්‍රීපාල සිරිසේන පොදු අේපක්ෂකයා වීමට කැමැත්ත පළ කළ පසු ඔහුගේ සමාජ පසුබිම අනුව ඔහු රූකඩයක් ලෙස යොදාගත හැකිවනු ඇතැයි රනිල් කල්පනා කළ බව පෙනේ. එහෙත් ජනාධිපතිවරණය ජයගෙන ජනාධිපතිවීමෙන් පසු මෛත‍්‍රීපාල සිරිසේන රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන රූකඩයක් ලෙස ක‍්‍රියා කරන්නට කැමති නොවීය. අවබෝධයෙන් සහ සහයෝගයෙන් වැඩ කරන තැනකට යාමට අවශ්‍ය කරන ශික්ෂණයක්ද මේ දෙදෙනාටම නොතිබුණේය. අවසානයේ යහපාලන නායකයන් දෙදෙනා මහජනයාගේ හාස්‍යයට හේතුවූ විකට නායකයන් දෙදෙනකුගේ තත්ත්වයට පත්විය.

අයාලේ ගිය ගමන

ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු ප‍්‍රමාදයකින් තොරව පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම් පාර්ලිමේන්තුවේ ලොකු බලයක් හිමිකර ගැනීමේ හැකියාව එජාපයට ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් එය නොසලකා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩි බලයක් තිබූ පාර්ලිමේන්තුව සමග දේශපාලන කෝඩුකාරයන් පිරිසක් තනා තිබුණ දින 100 වැඩසටහන ක‍්‍රියාවට නගන්නට ගොස් සීමිත අරමුණු කිහිපයකින් යුතු එම වැඩසටහන අවුල් කරගත්තා පමණක් නොව පාර්ලිමේන්තු බලය ශක්තිමත් කරගැනීමට තිබෙන හැකියාවද නැතිකර ගත්තේය.

යහපාලන න්‍යායවාදීන් දූෂණයට දී තිබුණ අර්ථකථනයද යථාර්ථවාදී අර්ථකථනයක් නොවීය. මහා පරිමාණයෙන් සිදුවන දූෂණය රටට හඳුන්වා දී තිබුණේ මහින්ද රාජපක්ෂ විසින් නොවේ. එය ආරම්භ කොට තිබුණේ එජාපය විසින් 1977දීය. ඉන්පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම පොදු දේපළ කොල්ලකන ප‍්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණ අතර මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී එම ප‍්‍රවාහයේ පරිමාව ඉහළ ගියා වුවද එය 1977 සිට එක දිගට පැවති තත්ත්වයක් වූවා මිස මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ අලූතෙන් හඳුන්වා දෙන ලද දෙයක් නොවීය.

එහෙත් යහපාලන න්‍යායවාදීන් මහා පරිමාණයෙන් සිදුවන දූෂණය මහින්ද රාජපක්ෂ පාලනයේදී ආරම්භ වන දෙයක් ලෙස සලකා ක‍්‍රියාකරන පිළිවෙතක් අනුගමනය කළ අතර එය ප‍්‍රතිපක්ෂ බලවේගයන් තුළ වෛරී ආකල්පයක් ජනිත කිරීමට හේතුවිය. දූෂණය ගැන සොයා බැලීම රාජපක්ෂ පාලන කාලයට පමණක් සීමා නොකොට ඊට පෙර පැවති පාලනයන්ටද අදාළව සිදුවන දෙයක් බවට පත්කර ගන්නේ නම් එම වැඩසටහනට ලැබෙන පිළිගැනීම වඩා යුක්තිසහගත වන්නට ඉඩ තිබුණි. මා ඒ කාලයේදීම පෙන්වා දෙන ලද ආකාරයට තමන්ගේ පවුලේ පුද්ගලික දේවලට ඓතිහාසික වැදගත්කමක් ලබාදීම සඳහා මහජන මුදල් වැය කිරීම යහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිය. එහෙත් එවැනි වැරදි ජයවර්ධන, පේ‍්‍රමදාස හා චන්ද්‍රිකා යන ජනාධිපතිවරුන් අතින්ද සිදුවී තිබියදී ඒ බව නොසලකා මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් පමණක් දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම සාධාරණ විය නොහැකිය. යහපාලන ආණ්ඩුව වැරදි කර තිබෙන සියලූදෙනාට බලපාන පොදු ප‍්‍රතිපත්තියකට නොගොස් දුර දිග බැලීමකින් තොරව අවිධිමත් හා අකාර්යක්ෂම ලෙස ක‍්‍රියාවට නගන ලද රාජපක්ෂ විරෝධී ක‍්‍රියා රාජපක්ෂ කඳවුරට එම කඳවුරේ පැවැත්ම සඳහා නැවත බලය අල්ලා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්කර තිබුණේ යැයි කිව හැකිය.

ගෝඨාභයගේ ජයග‍්‍රහණය 

යහපාලන ආණ්ඩුව ජාතික අර්බුදය විසඳා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලට අතගැසීමෙන් වැළකී සිටියා පමණක් නොව වාර්ගික හා ආගමික බෙදීම් වර්ධනය කිරීමට බලපාන සිදුවීම් ඉදිරියේ එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමෙන් වැළකී සිටින ප‍්‍රතිපත්තියක් තුළ රටේ වාර්ගික හා ආගමික භේදයන් කුණුවී පැසවන තත්ත්වයකට වර්ධනය විය. එම තත්ත්වය ආණ්ඩුවේ ජන පදනම දුර්වල කොට රාජපක්ෂ කඳවුරේ ජන පදනම ශක්තිමත් කළේය.

රටේ අතිවිශාල මූල්‍ය අර්බුදයක් තිබෙන බව දැන දැනම ඒ බව නොසලකා තම ඡන්ද පදනම ශක්තිමත් කරගැනීම සඳහා යහපාලන ආණ්ඩුව විකාරසහගත දේවල් කළේය. පාර්ලිමේන්තු මැතිවරණයට පෙර රජයේ සේවකයන්ගේ මාසික වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීම ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයක් පමණය. වැඩි කිරීමක් සඳහා ඇත්ත හැකියාවක් රටට නොතිබුණු අතර එවැනි වැටුප් වැඩි කිරීම වෙනුවෙන් පමණක් රජයට දැරීමට සිදුවූ අමතර වියදම රුපියල් මිලියන 160,000කි. 2016 වසරේදී ඒ වෙනුවෙන් දරන්නට සිදුවූ අමතර වියදම රුපියල් මිලියන 135489කි. 2017දී රුපියල් මිලියන 140359කි. රාජ්‍ය බංකොළොත් තත්ත්වයකට ගමන් ගනිමින් තිබියදීත් ආණ්ඩුව වැඩි වැඩියෙන් විදේශ ණය ලබා ගනිමින් කිසිම තේරුමක් නැති දේවලට නිර්ලෝභීව මුදල් වියදම් කළේය. සදා නිම කිරීමට අසමත් වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගිය වියදම පිළිබඳව මහාචාර්ය ජී.එල්. පීරිස් ඉදිරිපත් කර තිබෙන ඇස්තමේන්තුව නිවැරදි නම් ඒ සඳහා කර තිබෙන වියදම රුපියල් දශ ලක්ෂ 13,000කි. ආර්ථික වශයෙන් බංකොළොත් තත්ත්වයකට යමින් තිබූ රටක් වියදම් කර තිබෙන ආකාරය අපූරුය. මෙය යහපාලන ආණ්ඩුවට පමණක් ආවේණික ලක්ෂණයක් නොව, 1977න් පසු බලයට පැමිණ හැම ආණ්ඩුවක්ම පාහේ වැඩ කර තිබෙන්නේ මේ සමාන ආකාරයකටය. ණය ඵලදායී ලෙස යොදා ගැනීමේ ශික්ෂණයක් ඇතොත් ණය ගැනීම වරදක් වන්නේ නැත. එහෙත් ලංකාව විදේශීය ණයවලින් ආරම්භ කර තිබෙන නිසා මොනම සංවර්ධන ව්‍යාපාරයක්වත් ඒවා උපයන ආදායමින් ලබා ගත් ණය ආපසු ගෙවීමට සමත් වී නැත. අධිවේග මාර්ගවලින් උපයන ආදායම ප‍්‍රමාණවත් වන්නේ එම මාර්ග නඩත්තු කිරීමට යන වියදම පියවා ගැනීම සඳහා පමණය.

යහපාලන ආණ්ඩුව වර්ග භේදවාදී හා ආගම් භේදවාදී ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියා කළේ නැතත්, විටින් විට මතුවන වර්ග භේදවාදී හා ආගම් භේදවාදී ආවේගයන් නිසි ලෙස හා කාර්යක්ෂමව පාලනය කිරීමට අසමත් වීම හා විශේෂ වශයෙන් සැලසුම්සහගතව පවත්වාගෙන ගිය වර්ගභේදවාදී ආගම් භේදවාදී හැඟීම් අවුස්සන වැඩටසහන් නිසි ලෙස හා විධිමත් ලෙස කළමනාකරණය කිරීමට යහපාලන ආණ්ඩුව අසමත්වීම නිසා ලංකාව නැවත වරක් වර්ග භේදවාදී හා ආගම් භේදවාදී ආවේගයන්ගෙන් පැසවන රටක් බවට පත්විය. එහෙත් පුදුමයකට මෙන් එහිදී පැවැත්ම පිළිබඳ භීතියක් ඇති කරගෙන තිබුණේ සුළු වර්ග හෝ සුළු ආගම්වලට අයත් ජනයා විසින් නොව මහා වර්ගය ලෙස සැලකිය හැකි සිංහල බෞද්ධ ජනතාව විසිනි. ඔවුන් අතර පැවති එම විශේෂ මානසිකත්වය ඇත්ත තර්ජනයක් නිසා ඇතිවූ ස්වභාවික තත්ත්වයකට වඩා කෘත‍්‍රිම ලෙස ඇති කරන ලද්දක් ලෙස සැලකිය හැකිය. ඔවුන් අතර පැවති එම විශේෂ මානසිකත්වය පාස්කු දිනයේ සිදුවූ ප‍්‍රහාරය විසින් වර්ධනය කොට ගල් ගැසුණු දෙයක් බවට පත් කිරීමට හේතුවී තිබුණි. ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ලැබූ අතිවිශාල ජයග‍්‍රහණය රටේ පැවැති එම විශේෂ සමාජ, දේශපාලන වටපිටාවේ අග‍්‍ර ඵලයක් ලෙස සැලකිය හැකිය. 

ගෝඨාභය ඉදිරියේ ඇති අභියෝගය

ගෝඨාභයගේ ජයග‍්‍රහණයත් සමග එජාපයද ඇතුළු සියලූ විරුද්ධ පක්ෂ ව්‍යාපාරය හිරි වැටුණු තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබේ. මාසයකටත් තරමක් වැඩි කාලයක් ගතවී ඇතත්, තවමත් ඔවුන් ප‍්‍රකෘති සිහිය ලබා ගැනීමට සමත් වී නැත. ගෝඨාභයේ ඉදිරි ගමනට ආරම්භක අදියරේදී විරුද්ධ පක්ෂවලින් ලොකු අභියෝගයක් එල්ල වනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් ඔහුට අභියෝග එල්ල වනු ඇත්තේ බාහිරින් නොව අභ්‍යන්තරයෙනි. ජයග‍්‍රහණයේ ප‍්‍රවර්තක බලවේගය ලෙස ක‍්‍රියා කළ සංඝයා වහන්සේලා සතුටු කළ යුතුය. ඔහුට කළ හැකිවනු ඇත්තේ සංඝයා වහන්සේලාගේ අනුමැතිය ලැබෙන දේවල් පමණය. ඒ සමග අගමැති සහෝදරයාද සතුටු කළ යුතුය. ඔහුද තෘප්තිමත් තත්ත්වයක තබා ගැනීමට සිදුවනු ඇත. යහපාලන කාලයේ මෙන් රටට නැවත නායකයන් දෙදෙනකු සිටින අතර ඒ දෙදෙනා අතරින් ප‍්‍රමුඛයා කවුද යන්න පැහැදිලි නැත. ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහට වෙනස්ව මෙම නායකයන් දෙදෙනා එකම පවුලේ සහෝදරයෙන් දෙදෙනකු වුවත් දෙදෙනාගේ අභිලාෂ අතර පරස්පරතා තිබිය හැකිය.

නව ජනාධිපතිට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැක්කේ ඔහු අතට පත්ව තිබෙන්නේ සාමාන්‍ය වශයෙන් හොඳට තිබෙන රටක් නොව හොඳටම ජරාජීර්ණ වූ රටක් පිළිබඳ ප‍්‍රශ්නයයි. එය වාර්ගික හා ආගමික අර්ථයෙන් උපරිම මට්ටකට භේද භින්න වූ රටකි. අකාර්යක්ෂම හා දූෂණයෙන් කුණුවූ රටකි. නිෂ්පාදනය හා වෙළෙඳාම උපරිම මට්ටමකට කඩා වැටුණු රටකි. ණයගැතියාව උපරිම මට්ටමකට වර්ධනය වී බංකොළොත් තත්ත්වයකට පත්වීමට ආසන්න තත්ත්වයක තිබෙන රටකි. ලබා ගත් විදේශ ණය සඳහා ණය වාරික හා පොලී වෙනුවෙන් වසරකට ඩොලර් මිලියන 4000ක් ගෙවිය යුතුය. ඒ සඳහා කළ යුතු වියදම රජයේ වාර්ෂික ආදායම මෙන් සියයට 115කි.

බණ්ඩාරනායකගෙන් ඉගෙන ගැනීම

එම තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සරල හෝ පහසු විය නොහැකිය. එක ආගමකට හා වර්ගයකට බර තබා බලයට පැමිණි නායකයකුට මුහුණ දෙන්නට සිදුවන සම්බාධක බහුත්වවාදී නායකයකුට මුහුණ දෙන්නට සිදුවන සම්බාධකවලට වඩා දුෂ්කරය. රට මුහුණ දී තිබෙන ලොකුම ප‍්‍රශ්නය සිංහල ජාතියේ හෝ බුද්ධාගමේ පැවැත්ම අනතුරකට ලක්වීමේ තර්ජනයක් පිළිබඳ සරල ප‍්‍රශ්නයක් නොවේ. රටේ සමාජ ආර්ථික හා දේශපාලන පැවැත්ම මුළුමනින් අනතුරට ලක්වීම පිළිබඳ සංකීර්ණ ප‍්‍රශ්නයකි. 

රටේ නව ජනාධිපතිවරයාට සේ ම රටේ ජනතාවටද මීට සමාන ආකාරයකින් 1956දී බලයට පත් බණ්ඩාරනායක අගමැතිවරයාට මුහුණ දෙන්නට සිදුවූ අවාසනාවන්ත අත්දැකීම ආශ‍්‍රයෙන් මේ මොහොතේදී උගත හැකි වැදගත් පාඩමක් තිබෙන්නේය.

56දී බණ්ඩාරනායක බලයට පත්වීමේ අරමුණ සපුරා ගැනීම සඳහා සිංහල බෞද්ධ ආවේගයන්ට බර තබා ක‍්‍රියා කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළද ඔහු වර්ගවාදී හෝ ආගම්වාදී නායකයකු නොවීය. බලයට පත්වීමෙන් පසු තමන් බලයට පත් කළ අන්තවාදී බලවේගයන්ගේ සිරකරුවකු බවට පත් නොවී සාධාරණව ක‍්‍රියාකිරීමට අවශ්‍ය පුළුවන්කම තමන්ට ලැබෙනු ඇතැයි ඔහු විශ්වාස කරන්නට ඇත. සිංහලයන්ට භාෂා අයිතිවාසිකම් ලබාදීමේදී දමිළයන්ද උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලදී දෙමළ භාෂාවෙන් ඔවුන්ගේ කටයුතු කරගැනීමට අවශ්‍ය අයිතිය දෙමළ ජනතාවට දීමේ සූදානමක් ඔහුට තිබුණු අතර, ඒ සඳහා සකස් කරගත් පනත් කෙටුම් පතක්ද ඔහු ළඟ තිබුණි. එහෙත් ඒ ගැන පාර්ලිමේන්තු කණ්ඩායම සමග කතා කරන තැනකට ගිය විට දෙමළ භාෂාවට කිසිදු ඉඩක් නොදී සිංහල පමණක් ප‍්‍රතිපත්තියක් ඔවුන් දැඩිව ඉල්ලා සිටින්නට වූ විට බණ්ඩාරනායක තමන් ළඟ තිබූ භාෂා පනතේ කෙටුම්පතක් ඔවුන් වෙත ඉදිරිපත් කිරීමෙන් වැළකී සුදුසු කෙටුම්පතක් සකස් කිරීම සඳහා කාරක සභාවක් පත් කළේය. එම කාරක සභාව දෙමළ භාෂාවට කිසිදු සහනයක් නොලැබෙන පරිදි එල්.එච්. මෙත්තානන්ද සකස් කර තිබූ ආදර්ශ භාෂා පනත නීති ගත කිරීමට තෝරා ගත් භාෂා පනත බවට පත්කර ගත්තේය. ඊට එරෙහිව දෙමළ ජනතාව බලවත් ලෙස විරෝධය පළ කරන්නට වූ විට බණ්ඩාරනායක චෙල්වනායගම් සමග ගිවිසුමක් ඇතිකර ගත්තේය. එම ගිවිසුමට එරෙහිව බෞද්ධ භික්ෂූන් නැගී සිටින්නට වූ විට බණ්ඩාරනායක ඇති කරගත් ගිවිසුම ඉරා දැම්මේය. ඒ සමග රටේ පළමුවරට ලොකු සිංහල දෙමළ කෝලාහලයක් ඇතිිවිය. එම උත්ප‍්‍රාසජනක දේශපාලන නාටකය අවසන් වූයේ අගමැති බණ්ඩාරනායක භික්ෂුවක් අතින් ඝාතනයට ලක්වීමෙනි. එය නිදහසින් පසු ලංකාවේ සිදුවූ ප‍්‍රථම දේශපාලන ඝාතනය විය.  බණ්ඩාරනායක ඝාතනයේ ප‍්‍රධාන මොළකාරයා ලෙස ක‍්‍රියා කර තිබුණේ බණ්ඩාරනායක බලයට පත් කළ භික්ෂු ව්‍යාපාරයේ පතාක යෝධයෙක් ලෙස සැලකිය හැකි එක්සත් භික්ෂු පෙරමුණේ නිර්මාතෘ කැලණිය රජ මහ විහාරයේ අධිපති මාපිටිගම බුද්ධ රක්ඛිත හිමියන්ය.

වර්ගවාදී හා ආගම්වාදී බලවේගයන්ගේ කරපිටින් බලයට පත්වීම පහසු වුවත් ඔවුන්ගේ බලපෑම්වලට යටත්ව රටක් පාලනය කිරීම අමාරුය. රට දැන් තිබෙන ඛේදජනක තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් ලංකාවේ පවත්නා ජාතික අර්බුදයට විසඳුමක් සොයා ගන්නා තැනකට යා යුතුය. සිංහල බෞද්ධ ජනයාගේ විශ්වාසයට හේතුවූ නායකයකට එසේ නොවන නායකයකුට වඩා එම ප‍්‍රශ්නය සිංහල බෞද්ධ ජනයාගේද පිළිගැනීමට හේතුවන විසඳුමක් දීමේ වැඩි හැකියාවක් ඇතත්, එසේ කළ හැකිවනු ඇත්තේ සිංහල බෞද්ධ ආවේගයන් නිසි ලෙස කළමනාකරණය කරගනිමින් වර්ගයට හා ආගමට සීමා නොවූ සාධාරණ හා පුළුල් දෘෂ්ටියකින් ක‍්‍රියා කිරීමට අවශ්‍ය කරන ප‍්‍රඥාව හා ධෛර්යය එම නායකයාට ඇත්නම් පමණය.

මෙවැනි අර්බුදයකදී අර්බුදය ජයගැනීම සඳහා තෝරා ගැනීමට තිබෙන පිළිගත් මාර්ගයක් වනුයේ සමස්ත ක‍්‍රමයේ ව්‍යුහමය වෙනසක් දිනා ගැනීම සඳහා රට මහජන ව්‍යවස්ථා සම්පාදනයකට යොමු කිරීමය. එය ආණ්ඩුව පමණක් නොව සියලූ දේශපාලන පක්ෂද, වර්ග, ආගම් හා කුලභේදයෙන් තොරව සියලූ ජනයාද රට ගලවා ගැනීම සඳහා අවශ්‍ය පොදු වැඩසටහනට ඒකරාශී කරයි. එය රටේ ප‍්‍රධාන ගැටලූ විසඳා ගැනීමට දේශපාලන පක්ෂ පමණක් නොව, මහජනයාද ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගන්නා වැඩසටහනක් වන නිසා ඊට ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය ලබාගැනීමද අනිවාර්යය. එය විසඳා ගත යුතුව තිබෙන සියලූම මූලික ප‍්‍රශ්න අව්‍යාජ ලෙස සාකච්ඡා කොට විසඳා ගැනීමට අවශ්‍ය පසුබිම ලබා දේ.

වික්ටර් අයිවන් 