Language Switcher

V2025

තෙල් මිල අඩු කල නොහැකිද ?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකාවේ තෙල් මිල අඩු කල නොහැකිද යන්න මැතිවරණ උණුසුමත් සමග දේශපාලඥයන්ගේ ජනප්‍රිය වාක්‍යයක් විය ඇත. මංගල සමරවීර මහතා මුදල් ඇමතිව සිටි කාලයේ තෙල් මිල සඳහා වූ සුත්‍රයක් හඳුන්වා දුන් අතර වර්තමාන බලශක්ති ඇමතිවරයා විසින් මිල සුත්‍රය ඉවත් කළ බව මාධ්‍යයන් විසින් වාර්තා කරන ලදී. එම සුත්‍රය ගැන කිසිවෙකුටත් අවබෝධයක් නැති බව පමණක් සඳහන් කළ යුතුය.

සරල වශයෙන් ඕනෑම භාණ්ඩයක මිල අවසාන වශයෙන් තීරණය කරනු ලබන්නේ එම භාණ්ඩයේ පිරිවැය ලේඛණයක් ආශ්‍රියෙනි. සරල වශයෙන් ගතහොත් එම භාණ්ඩයේ විචල්‍ය පිරිවැය (variable cost), ස්ථාවර පිරිවැය (Fixed cost ), කර්මාන්තශාලාවේ ක්ෂය ප්‍රමාණය (Depreciation of the factory) ,පොලි පිරිවැය  (Interest cost) යන මූලික පිරිවැය ආශ්‍රයෙනි.

අදාල භාණ්ඩ ඒකකයකට තෙල් මිල  ලීටරයකට ඉහත සඳහන් පිරිවැය ( වියදම - cost) කොපමණ ප්‍රමාණයක් ඇතුල් වන්නේද යන්න ගණනය කිරීමෙන් අනතුරුව ආයතනයේ ලාභාංශයේ ප්‍රතිශතයක් එකතු කල යුතුය. එය 5%,10%,20%,40% වශයෙන් විය හැකියි - එම අවසාන උත්තරය භාණ්ඩයේ එම අවස්ථාවේදී මිල විය යුතුය.

පිරිවැය ලේඛණයක් සකස් කිරීමේදී මුලින්ම ගනු ලබන්නේ අමුද්‍රව්‍ය වල කර්මාන්තශාලා මිලයි. උදාහරණයක් හැටියට ආනයන භාණ්ඩයේ විදේශීය මිල හෝ ප්‍රවාහන මිල සහ රක්ෂණ මිලයි. මීට අමතරව ප්‍රධාන සාධකය වන්නේ අදාල භාණ්ඩය ආනයනය කරන ලද විදේශ විනිමය ඒකකයයි. එය ඇමෙරිකානු ඩොලර්, යුරෝපා හෝ වෙනත් ඒකකයක් විය හැකිය. ආනයන වෙළඳාමේ විදේශ විනිමය ඒකකය විශාල බලපෑමක් මිල කෙරෙහි කරනු ලබයි.

මූල්‍ය ඒකකය පිරිහෙන රටක නම් අදාල දිනයේදී මූල්‍ය ඒකකයේ මිල යොදා ගැනීම විශාල වශයෙන් ආයතනය අලාභ ලැබීමට හේතු වනවා ඇත. එහිදී පෞද්ගලීක අංශය විසින් කරනු ලබන්නේ අදාල ආයතනයට මුදල් ගෙවන මාසයේ විදේශ මුදල් ඒකකයේ මිල පිරිවැය සකස් කිරීමට යොදා ගැනීමයි. උදාහරණයක් වශයෙන් මැයි මාසයේ විදේශ විනිමය ඒකකයේ මිල හේතුව වාණිජ බැංකු මඟින් දේශිය මුදල් විදේශ මුදල් ලෙස හරවා ගැනීමට සිදුවන්නේ මැයි මාසයේ අදාල විනිමය අනුපාතය අනුවයි. රාජ්‍ය අංශයේ බොහෝ ආයතනය මහා පරිමාණයෙන් අලාභ ලබන්නේ මෙම විනිමය සාධකය පාලනය කර ගැනීමට නොහැකි නිසා බවද අවධාරණය කළ යුතුයි.

මෙම පිරිවැය ලේඛණ පිළියෙල කිරීම ආයතනයේ පිරිවැය සහ කළමනාකරණය ගණකාධිකාරීන් විසින් කරනු ලබන අතර කළමනාකරිත්වයේ අනුමැතියෙන් අවසාන වශයෙන් අදාල මාසයේ හෝ සතියේ මිල බවට නියම වේ.

ඉහත සඳහන් සියලු සාධක එක් ලේඛනයකට ගොනු කළ විට එය ආයතනයකට මිල තීරණය කිරීම සඳහා සුත්‍රයක් නැතිනම් ලේඛණයක් ලෙස යොදා ගත හැකිය.

අවසාන වශයෙන් මිල සුත්‍රයක් හඳුන්වා දීම කළ හෝ එය ප්‍රතික්ෂේප කිරීම තුළ භාණ්ඩයේ නිවැරදි මිල තීරණය කර ලාභදායකයාට හෝ පාරිභෝගීකයාට සාධාරණ මිලක් ලබා දිය නොහැකිය.

ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි ගණනය කිරීමේ ක්‍රියාවලියකි. මෙම ගණනය කිරිමෙන් අනතුරුව අදාල භාණ්ඩයේ නිෂ්පාදනය කිරීමේදී අතුරු නිෂ්පාදනයක් ( by product) ලැබෙනවා නම් එය අදායමක් වශයෙන් භාණ්ඩයේ මිලට එකතු කර යුතුය.

සේන සූරියප්පෙරුම
ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක