පුවත්

පාස්කු ප්‍රහාරයේ ගැටලුව විසඳීමට බ්‍රිතාන්‍ය පොලිසියේ සහය - වැ.බ. ජනාධිපති
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ ගැටලුව විසඳාලීම තම බලාපොරොත්තුව බවත්, ඒ සඳහා සියලු දෙනා එකඟ වන්නේ නම් බ්‍රිතාන්‍යය පොලිසියේ සහය ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .
වැඩබලන ජනාධිපතිවරයා අද (18) විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ෂණ කොමිසමේ වාර්තාවන් මෙන්ම ඊට අදාළ වෙනත් වාර්තාවන් ඇති බවත් ඒ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් පැවසීය .
විදේශ විමර්ශකයින්ගේ සහය මෙන්ම මෙම ප්‍රහාරය ගැන විමර්ෂණය කළ මෙරට විමර්ශකයින්ගේ සහයද එයට ලබා ගනිමින් තවත් කල් නොයවා මෙම ගැටලුව විසඳාලීය යුතු බවද වැඩබලන ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ය.
එමෙන්ම අද වන විට රටේ නීතිය කැඩීමේ ව්‍යාපාරයක් පවතින බවත්, අපට ඇත්තේ එයට විරුද්ධව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම බවත් ඔහු පැවසීය .
පැසිස්ට් ක්‍රමවේදයෙන් රටක නීතිය හා සාමය නැතිකරන්න ඉඩ නොදෙන බවත් සාමකාමී අරගලයට තමන් සැමවිටම පිළිගන්නා බවද වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළේය .
මේ රටේ දේශපාලන ගැටලුවක් කියා පවතින්නේ විධායක ජනාධිපති ධුරය බවත්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යලි බලාත්මක කිරීමෙන් පසු නැවත ඒ ගැන සාකච්ජා කිරිමට අවස්ථාව ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය .
මැයි 13 වැනිදා තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් ආර්ථිකය කඩා වැටී තිබූ බවත් මෙහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිහිපත් කර සිටියේ ය.
විශේෂ ප්‍රකාශය කරමින් වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේ තමන් අගමැති ධුරයට පත්වී මාස දෙකක කාලය තුළ විදුලිය කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩුකරලීමට හැකි වූ බවයි.
එමෙන්ම යල කන්නයේ වගාවන් සඳහා ගොවි ජනතාවට පොහොර ලබාදීමට හැකිවූ බවත් මේවන විට මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවත් ඔහු පැවසීය .
රටේ පැවති ගෑස් හිඟයට විසඳුම් ලබාදුන් බවත් මේ වන විට අඛණ්ඩව ගෑස් සැපයීමට හැකියාව ලබාදී ඇති බව වැඩබලන ජනාධිපතිවරයා පැහැදිලි කර සිටියේ ය.
ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව අවසන් මොහොතේ තමා පැහැදිලි කළ බවත් ඔහු සිහිපත් කර සිටියේ ය..
කෙසේ වෙතත්, ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 වනදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බවයි වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය .
විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් වැඩබලන ජනාධිපතිවරයා පවසා සිටියේ ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ද මෙරට ජනතාවට ලබාදීමට පියවර ගත් බවය.

රනිල්ට එරෙහි නාගාගේ පෙත්සම ගැන හෙට තීන්දුවක් !
එක්සත් ජාතික පක්ෂ නායක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම මගින් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පත්කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සම්බන්ධ තීරණය හෙට (19) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) දැනුම් දුන්නේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද සලකා බැලිණ.
මැතිවරණ කොමිසම, එහි සභාපති ඇතුළු සෙසෙු සාමාජිකයන් සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු 11 දෙනකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබේ.
මෙහිදී නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණීෂ්කා ද සිල්වා සදහන් කර සිටියේ තමන් මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව මූලික අයිතිවාසිකම් කඩවී දින 30ක් ඇතුළත් මුලික අතිවාසිකම් පෙත්සමක් ගොනුකළ යුතුව ඇති බවත්, එහෙත් මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත්තේ වසරක කාලයක් ඉකුත් වීමෙන් අනතුරුව බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රෝලන්ඩ් පෙරේරා කියා සිටියේ තමන් නිතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සමග එකඟවන බවත් ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙසත්ය.
දෙපාර්ශ්වයේ ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව හෙට (19) ලබා දෙන බවට දැනුම් දෙමින් නඩුව කල් තැබීය.

සජිත් - ඩලස් සාකච්ඡා අසාර්ථකයි !
ජනාධිපති ධූර අපේක්ෂකත්වය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සමීපතමයන් අතර අද (18) පැවති සාකච්ඡාව අසාර්ථක බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අනුව මෙම සාකච්ඡාව අවස්ථාවේ කිසිදු තීන්දුවක් ගැනීමට නොහැකිව ඇත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට සජිත් පාර්ශ්වය එකඟ වුවහොත් ජන්ද 135ක් ලබාගන්නට හැකි බව ඩලස් පාර්ශ්වය පෙන්වා දී තිබේ.
එහෙත් සජිත් ප්‍රේමදාස දැඩි ස්ථාවරයක සිට කියා ඇත්තේ තමන් ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බවත් ඊට ඩලස් පාර්ශ්වය සහය අපේක්ෂා කරන බවය.
එහිදී ඩලස් පාර්ශ්වය පවසා ඇත්තේ පොදුජන පෙරමුණේ ජන්ද ලැබීමට නම් ඩලස් ජනාධිපති අපේක්ෂක විය යුතු බවත් , පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධූරය සජිත් ප්‍රේමදාස ට සූදානම් බවය.
එසේම මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලුම් කිරීමට නියමිත රනිල් වික්‍රමසිංහ , ඩලස් අලහප්පෙරුම ,සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන කිසිවෙකුට 50%ක් ලබන්නට නොහැකි බවත් ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.
සජිත් හිරවෙලා !
මේ අතර ඩලස් පාර්ශ්වය යෝජනා කර ඇති ආකාරයට සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ඉවත් කරගතහොත් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දැක්වීමට තීන්දුවක් ගෙන ඇති බවත් වාර්තා වෙයි .
ඒ බව මේ වන විටත් පක්ෂ නායකත්වය දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි . කෙසේ වුවත් සජිත් ප්‍රේමදාස ගේ පෞද්ගලික හිතවතුන් පිරිස ඉන්නේ සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ලෙස හෝ ඉදිරියට යා යුතුයි යන මතයේ බවත් වාර්තා වෙයි .
මේ අතර සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තවත් බරපතළ පීඩනයක් සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙතින්ද එල්ල වෙමින් ඇති බවත් වාර්තා වෙයි .
ඒ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් නොවන්නේ නම් තමන් ඊට අයදුම් කරන බව පවසමිනි .
කෙසේ වුවත් සජිත් ඩලස් පාර්ශ්ව අතර තවත් රහස් සාකච්ඡාවක් අද රාත්‍රියේ යළිත් පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි .

මනෝලගේ සහය කාටද ?
අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ ජන්දය අවස්ථාවේ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය කාටද යන්න හෙට(19) තීරණය කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි .
ඒ වෙනුවෙන් හෙට පස්වරු 6:00 ට දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය කොළඹ නුගේගොඩ ඒකනායක මාවත පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වන බවත් ඔහු පවසයි .
එහිදී අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සඳහා තරග කිරීමට නාම යෝජනා බාරදුන් සියලු අපේක්ෂකයන් සම්බන්ධයෙන්, සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
කෙසේ වුවත් අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ ලබාගෙන සති දෙකක් පමණ ගතවෙන අවස්ථාවේ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් පවසා තිබුණේ අග්‍රාමාත්‍යවරයා හට අර්බුදය විසඳීමට උත්සාහ කිරීමට කාලයක් ලබාදිය යුතු බවය.

ඩලස්ට ජනාධිපති - සජිත් අගමැති යෝජනාවට : සජබ බහුතරය විරුද්ධයි !
ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු ඩලස් අලහප්පෙරුම වෙත සහය පළකර ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ක්‍රියා කළොත් එම පක්ෂයේ තිහකට අධික මන්ත්‍රී පිරිසක් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දැක්වීමට තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි .
එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , මේ වන විට ඩලස් අලහප්පෙරුම ජනාධිපති කර සජිත් ප්‍රේමදාස අගමැති වීමට යෝජනාවක් ඩලස් අලහප්පෙරුමගේ පාර්ශ්වය වෙතින් ඉදිරිපත් කර ඇත .
මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ළඟම හිතවතුන් ඩලස් පාර්ශ්වය සමග සාකච්ඡා කරමින් සිටියි . සජිත් පාර්ශ්වය යෝජනා කර ඇත්තේ ඩලස් අගමැති ලෙසත් සජිත් ජනාධිපති ලෙසත් සර්ව පාක්ෂික ආණ්ඩුව ගොඩනැගිය හැකි බවය.
එහෙත් ඩලස් පාර්ශ්වය ඊට එකඟතාව පළකර නැති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සජිත් ප්‍රේමදාසගේ හිතවතුන් ගේ අදහස බවට වාර්තා වන්නේ ජනාධිපති ධූරය ලැබීමට ඩලස් පාර්ශ්වයේ සහය නොමැති නම් අග්‍රාමාත්‍ය ධූරය හෝ ලැබීම වැදගත් බවය.
එසේම වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට පරාජය වීමක් සිදුවුවහොත් එය සමගි ජනබලවේගය පක්ෂයට අහිතකර ලෙස බලපානු ඇති බවත් ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.
කෙසේ වුවත් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැඩි ස්ථාවරයක පසුවන්නේ දිනන්න හෝ පරදින්න විපක්ෂනායකවරයා ජනාධිපති අපේක්ෂකත්වය ලෙස ජන්දයට ඉදිරිපත් විය යුතු බවය.

පොහොර බෙදීම තවත් කඩිනම් කරන්න : වැ.බ. ජනාධිපතිගෙන් උපදෙස් !
ආනයනය කළ පොහොර තොග රටපුරා බෙදා හැරීම තවත් කඩිනම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් නිකුත්කර ඇතැයි වාර්තා වෙයි .
කෘෂිකර්ම අමාත්‍යංශය වෙත වැඩබලන ජනාධිපතිවරයා මෙසේ උපදෙස් නිකුත්කර ඇති අතර බෙදාහැරීම් කටයුතු ප්‍රමාද කරවන කිසියම් හෝ ගැටලුවක් ඇත්නම් දැනුම්දෙන ලෙසත් එහිදී සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .
පසුගියදා පොහොර මෙට්‍රික් ටොන් 40000ක් මෙරටට ආනයනය කළ අතර , එම පොහොර බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
එසේම තවත් පොහොර මෙට්‍රික් ටොන් 25000ක් ඇණවුම් කර ඇති බවත් , එම පොහොර තොගය නුදුරේදීම මෙරටට ලැබීමට නියමිත බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බුකියේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කළොත් ඇතුලේ ?
සමාජ මාධ්‍ය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෙරෙන තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශන අරඹා ඇති බව වාර්තා වෙයි .
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත පොලිස්පති විසින් ඊට අදාළ නියෝග නිකුත්කර ඇති බවත් දැනගන්නට ඇත .
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇත.
එම මාධ්‍ය නිවේදනය මෙසේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ජාල වල පලකරන බව නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව එවැනි දැන්වීම් පල කරන පුද්ගලයන් හා ඒවා සකස් කරන, බෙදා හරින, සංසරණය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානය විශේෂ අවධානය යොමුකර ඇති අතර හවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පොලිස් මූලස්ථානය මඟින් මේ වන විට උපදෙස් ලබාගෙන ඇත.

පහරකෑමට ලක්වූ නිලධාරීන් බලන්න : ඇමති ටිරාන් පොලිස් රෝහලට !
උද්ඝෝෂණ, කලහාකාරී හැසිරීම් ඇතුළු සිද්ධීන්වලදී තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිළධාරීන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගියදා පොලිස් රෝහල වෙත ගොස්, ඇත.
මෙහිදී 2022.7.9 දින සහ ඉන් පසුව පැවති උද්ඝෝෂණ, කලහාකාරී හැසිරීම් ඇතුළු සිද්ධීන්වලදී තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිළධාරීන්ගේ සුවදුක් විමසා බලන ලදි.
ඉන් අනතුරුව අමාත්‍යවරයා වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග පොලිස් රෝහලේ අඩුපාඩු සාකච්ඡා කෙරුණු අතර එහිදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ සඳහන් කල සේවක පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට කටයුතු කරන ලෙස විසින් පොලිස්පතිට නියෝග කර ඇති බවත් වාර්තා වෙයි .
මේ අවස්ථාව සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන්ද එක්වූ බවත් වාර්තා වෙයි .

ඉන්ධන මිල පහළට..
අද(17) රාත්‍රී 10.00 සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් පහත දමා තිබේ.
ඒ අනුව නව ඉන්ධන මිල මෙසේය.
ඉන්ධන මිල ගණන් පහළ දැමේ.
පෙට්‍රල් 92 – රු.20 කින්. ( නව මිල රු.450)
පෙට්‍රල් 95 – රු.10කින්. ( නව මිල රු.540 )
සුදු ඩීසල් – රු.20කින් ( නව මිල රු.440)
සුපර් ඩීසප් – රු.10කින් ( නව මිල රු.510)

බ්‍රිගේඩියර් සෝමවීරගේ වැඩ තහනම් කර නෑ - යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක
පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට ඇති වූ සිද්ධියේදී රාජකාරියේ යෙදී සිටි බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ සේවය අත්හිටුවා ඇති බවට පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.
ඔහු මේ වන විට වෙනත් තනතුරක රාජකාරිය සඳහා යුද හමුදා මූලස්ථානය වෙත යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියි.
මේ අතර පසුගියදා වැඩබලන ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසල දී 'නිව්ස්ෆස්ට්' (සිරස) මාධ්‍යවේදීන් 04 දෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා වැඩ තහනමකට ලක්වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ යලි සේවයේ පිහිටුවන ලෙස වැඩබලන ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝගකර ඇත.
මෙම සිද්ධියේදී නිව්ස්ෆස්ට් මාධ්‍යවේදී වරුණ සම්පත්, සරසි පීරිස්, ජනිත මෙන්ඩිස් සහ ශක්ති ටී.වී. මාධ්‍යවේදී සින්දුජන් යන මාධ්‍යවේදීන් පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයට ලක්විය.
මෙම සිද්ධියෙන් අනතුරුව අරගලකරුවන් පිරිසක් වැඩබලන ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස මුළුමනින්ම ගිනිබත් කරනු ලැබිය.

රනිල්ට බාල්දියක් : තරුණ පොහොට්ටු මන්ත්‍රී ජන්ද ඩලස්ට ?
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරුණ කණ්ඩායමේ බහුතරයක් ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පරුමට සහය ලබාදීමට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
මේ බව අනාවරණය වී ඇත්තේ පොදුජන තරුණ පෙරමුණේ විධායක සභා රැස්වීමේදී එහි සභාපති හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක විසින් ජනාධිපතිවරණයේදී පක්ෂයේ සහය ලබා දිය යුතු වන්නේ කවරෙක් හට දැයි තරුණ සංවිධානයේ සාමාජිකයින්ගෙන් සිදුකර ඇති මත විමසීමක් අවස්ථාවේ ය.
සූම් තාක්‍ෂණය ඔස්සේ පවත්වා ඇති මේ මත විමසීමේදී විධායක සභාවේ සිටින සාමාජිකයින් 75 දෙනා ගෙන් 54 දෙනෙකු ඩලස් අලහප්පෙරුමට සිය ඡන්දය ලබාදීමට එහිදී සිය කැමැත්ත පළ කර තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයී.
තවත් පිරිසක් පිරිසක් තීරණය කර ඇත්තේ පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයෙකුට සිය ඡන්දය භාවිත නොකර සිටීමටය.
මේ අනුව දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති තේරීමේ රහස් ජන්දය විමසන අවස්ථාවේ පොදුජන පෙරමුණේ බෙදීමක් සිදුවනු ඇති බවයි.
කෙසේ වුවත් පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසා ඇත්තේ තම පක්ෂයේ සහය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට තීන්දුවක් ගෙන ඇති බවය.
නමුත් පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය ජී.එල්. පීරිස් එම අදහස ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර ඇත.

ප්‍රතිපත්තියක් නැතුව ණය අරගෙන : ලංකාව ලෝක ආදර්ශයක් වෙලා !
ණය ගැනීම සහ ඒවා ඵලදායි නොවන ආකාරයට යෙදවීම හමුවේ අත්වෙන ඉරණම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව ගෝලීය අත්දැකීමක නිදර්ශනයක් බවට පත්ව ඇත .
ඒ බව අනාවරණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර සිටින්නේ ඉහළ ණය ගැනීම් සහ ප්‍රතිපත්තියක් නැති රටවල් වලට ශ්‍රී ලංකාව අනතුරු ඇඟවීමේ සලකුණක් ලෙස සැලකිය හැකි බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දුනීසියාවේ පැවැති G20 රටවල මුදල් අමාත්‍ය වරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීම අමතමිනි.

ඉන්ධන කෝටාව ගන්න : මේ විස්තර දැනගන්න !
රජය විසින් අලුතින් හඳුන්වා දී ඇති ඉන්ධන කෝටා ක්‍රමය යටතේ වාහනවලට ඉන්න ලබාදෙන දින වෙන් කර තිබේ.
ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සතියේ දින හත වෙන්කර ඇත.
අදාල දිනයේදී පමණක් තමනට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට හැකිය.
අවසන් අංකය අනුව දින වෙන් කර ඇත්තේ මෙසේය.
0, 1, 2 – සදුදා, බ‍්‍රහස්පතින්දා
3, 4, 5 – අගහරුවාදා, සිකුරාදා
6, 7, 8, 9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා

රන්ජන්ගේ නිදහස : විජේදාස බන්ධනාගාර ලිපිගොනු කැඳවයි !
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට නිදහස ලබාදීම පිණිස කරුණු සලකා බැලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හට අදාල වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස නියෝග කොට ඇති බව වාර්තා වෙයි .
මේ බව සඳහන් කරමින් අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් ද තබා ඇත.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවකට වරදකරුවීම නිසා රන්ජන් රාමනායක හට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහිමි විය.

විරෝධතා ප්‍රචණ්ඩ කරන්න එපා - ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය
රටේ ජනතාව ඉතා අසීරුවෙන් සිටින මෙවැනි අවස්ථාවක තම දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය කරා විරෝධතා යොමු කිරීම කිසිසේත් පිළිගත හැකි තත්වයක් නොවන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි .
අර්බුදකාරී වූ අවස්ථාවේ සංසුන්ව විචක්ෂණ බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙස සියලු විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මේ කරුණු සඳහන් කර ඇත්තේ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සහ විරෝධතාකරුවන්ගෙන් විවෘත ඉල්ලීමක් සහිත නිවේදනයක් නිකුත්කරමින් ය.
අදාළ නිවේදනය පහත දැක්වෙයි .
මෑතක් වනතුරු ඉතා සාමකාමීව පැවති ජනතා විරෝධතා මේ වන විට එම තත්ත්වයෙන් ඔබ්බට ගොස් ප්‍රචණ්ඩකාරී වන ස්වරූපයක් ගන්නා ආකාරය අපට නිරීක්ෂණය කිරීමට හැකි විය.
රටේ ජනතාව ඉතා අසීරුවෙන් සිටින මෙවැනි අවස්ථාවක තම දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය කරා විරෝධතා යොමු කිරීම කිසිසේත් පිළිගත හැකි තත්වයක් නොවේ.
මේ මගින් සිදුවිය හැකි තත්ත්වය කිසිසේත් රටට යහපත් ප්‍රතිඵල අත්කර නොදෙනු ඇත. මේ වන විටත් රටේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය වසර කිහිපයකින් පිටුපසට ගොස් ඇත වීශ්වවිද්‍යාල අධ්‍යාපනය ද එසේමය,අරගලයේ හිමිකාරීත්වය පිළිබඳ පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට විවිධ පාර්ශ්ව කරන ක්‍රියාදාමයන් මගින් තවත් විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකිය.
එබැවින් මෙම අර්බුදකාරී වූ අවස්ථාවේ සංසුන්ව විචක්ෂණ බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙස සියලු විරෝධතාකරුවන්ගෙන් අප ඉල්ලා සිටිමු.
එමෙන්ම සියලුම දේශපාලන පක්ෂ නායකයන් ගෙන් අප කරන ඉල්ලීම වනුයේ මෙම අසීරු අවස්ථාවේ තම පරිණතභාවය ප්‍රකාශ කරමින් බෙදීම් වලට ලක් නොවී අන්තර්වාර පාලනයක් පත්කර ගැනීමට කටයුතු කරන ලෙසයි.
ඔබට එම බෙදීම් තවත් මාස 6කට හෝ වසරකට පසුව පැමිණෙන මහමැතිවරණයකදී උරගා බැලිය හැකිය. මෙය එයට සුදුසු අවස්ථාව නොවේ. තවදුරටත් සටකපට දේශපාලන ක්‍රියාවලීන් මගින් බලය තහවුරු කර ගැනීමට උත්සාහ කිරීම පවතින වාතාවරනය තුල කිසිසේත් සාර්ථක නොවනු ඇත.
රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගෙන රටේ ජනතාවට ආදර්ශයක් වන පරිද්දෙන් කටයුතු කිරීම දේශපාලන පක්ෂ නායකයන්ගේ වගකීමයි. සියලුම දේශපාලන පක්ෂ නායකයින් දූරදර්ශීව කටයුතු කොට සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට කටයුතු කරනු ඇති බව අපේ එකම බලාපොරොත්තුවයි
නීතිඥ රසංග හරිශ්චන්ද්‍ර
ජාතික සංවිධායක
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

ජීවන බර අවම කරන කඩිනම් සහන වැඩසටහනක් : වැ.බ. ජනාධිපති තීන්දුවක් !
ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජිවන බර අවම කිරීම සදහා ඉන්ධන ,ගැස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරිමට ගරු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තිරණය කර ඇත .
අද(16) උදැසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තිරණය ගෙන ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් මේ බව පවසයි .
අදාළ නිවේදනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලබන අගොස්තු මාසයේ දි ඉදිරිපත් කරන සහන අයවැයෙන් එ සදහා තවත් අතිරේක මුදල් යෙදවීමට තිරණය කර තිබෙන බවයි .
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .
ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාව දි ගරු වැඩබලන ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදි.
විශේෂයෙන්ම ඉන්ධන සහා පොහොර ක්‍රමවත්ව මෙන්ම කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමු විය .
එමෙන්ම තම ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ව්‍යාපාරිකයන්ට සකස් කර දිම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී යොජනා වි තිබේ .
මේ අතර සාමකාමී අරගල නායකයින් විසින් භාර දි ඇති යොජනාවලියේ සදහන් මහජන කවුන්සිලය හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සාකච්ඡාවේදී සඳහන් කර ඇත .
එමෙන්ම දුෂණය මැඩලීම සඳහා ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට ට දැනුම් දෙන බවත් වැඩබලන ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසා ඇත .

කාටවත් නොදී ඉන්න : ශ්‍රීලනිපය තීන්දුවක් අරගෙන !
ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර සාකච්ඡාව මාර්ගයෙන් කාටත් පිළිගත හැකි අයෙකු පත්කර ගැනීමටත් යෝජනා කළේය.
මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය සාකච්ඡා මට්ටමින් ප්‍රකාශ වී තිබුණේ සමගි ජනබලවේගය පක්ෂයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙතය.
අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම සරත් ෆොන්සේකා යන නම් මේ වන විට යෝජනා වී ඇත.

ඊළඟ ජනාධිපති පාලකයෙක් නොව භාරකරුවෙක් වෙන්න ඕන - පාඨලී
රටේ මීළඟ ජනාධිපතිවරයා පාලකයා නොව භාරකාරයා පමණක් විය යුතු බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් වීම සහ ජනතාව හමුවේ මතුවන නව අභියෝග සම්බන්ධයෙන් අද 43 සේනාංකය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී රණවක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේද පැවසීය
ළදරු වල්ලිපුකාරයන් වගේ හැසිරෙන්න අයිතියක් නෑ !
“ව්‍යවස්ථාවට පිටතින් මේ පාලකයා පලවා හරින්න ජනතාවට සිද්ධ වුණා. ඔහු ව්‍යවස්ථාව නොතකා තනි මතයට මේ රට බංකොලොත් කරලා පවුල් 55 ලක්ෂයක් පාරට ඇද දමපු නිසා. නමුත් තවදුරටත් ව්‍යවස්ථාවට පිටතින් පාර්ලිමේන්තු වට කරමින් රජයේ කාර්යාල වට කරමින් අනාගතයේ ඇතැම් විට අධිකරණයත් වට කරමින් පාලකයන් නම් ජනතාව නම් අපිමය කියලා ළදරු වලිප්පුකාරයෝ වගේ හැසිරෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.”
අරගලය විසින් කළ කැපවීම් සම්බන්ධයෙන් සම්පුර්ණ අවධානයෙන් යුතුව ව්‍යවස්ථාවට සහ අනෙකුත් ක්‍රියාදාමයන්ටත් දැන් අවස්ථාව ලබා දිය යුතුය. 20 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී, තීරණය වෙන පාර්ලිමේන්තුවේ රහසිගත ඡන්දයකින් ජනාධිපතිවරයා පත් කර ගැනීමේ තරඟය එක පක්ෂයක් පරාජය කොට තව පක්ෂයක් දිනන එක පුද්ගලයෙක් පරාජය කරලා තව පුද්ගලයෙක් ජයග්‍රහණය කොට ජනාධිපති ධූරයට පත්වෙන ක්‍රියාවලියකට වඩා මේ රටේ අද පවතින මේ ආර්ථික අර්බුදයේ රටේ බංකොලොත්භාවයේ බැරෑරුම්කම තේරුම් අරගෙන, ඒ වගේම සමස්ත මහජනතාවගේම අරගලයේ ස්වරූපය තේරුම් අරගෙන කටයුතු කරන, කාගෙත් එකඟතාවයෙන් යුතු සම්මුතිවාදී නායකයෙක් මේ ජනාධිපති ධූරයට පත්විය යුතුය.
“පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගමන් කරලා, මේ ඊළඟ අවුරුදු දෙකහමාරේ මේ රටේ රාජ්‍ය නායකයා හැටියට,ප්‍රජාතාන්ත්‍රික, සාමූහික, සර්වපාක්ෂික ආණ්ඩුවක නායකත්වය තමන් සුදුසුයි කියන ආකාරයට කටයුතු කළ යුතුමයි. ඒ සඳහා වෙච්ච මහජන සම්මුතියකට ඔහු පැමිණිය යුතුමයි.
අනතුර දැනගෙන වැඩ කරමු !
එහෙම නැතුව තමන්ගේ පක්ෂය, තමන්ගේ පිල, තමන්ගේ පවුල දිනවන්න කටයුතු කළොත් මේ රට මීටත් වඩා භයානක අනතුරකට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු, පක්ෂ නායකයින් හා අනිත් අය කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම මන්ත්‍රී ධුර ප්‍රමාණයක් ඉන්න කණ්ඩායම හැටියට. දැන් ඒක විවිධ කණ්ඩායම් වලට ලිහිලා, පෙරලිලා ගිහින් තියෙන්නේ. ඔවුන් තම අතීතය අමතක කරලා, මේ රාජපක්ෂ මහත්තුරුන්ගේ යුගය අමතක කරලා, ඉදිරිය ගැන කල්පනා කරලා, පවුල්වාදයෙන්, ඒ වගේම පාදඩ වාදයෙන් තොර දේශපාලන ගමනක් සඳහා පියවර ගන්නවා ඇතැයි කියලා, අපි බලාපොරොත්තු වෙනවා.
විපක්ෂයේ කණ්ඩායමෙනුත් අපි බලාපොරොත්තු වෙනවා, මෙතෙක් කල් හිසේ තබාගත් මතවාද වලින් ඔබ්බට කල්පනා කරලා, මේ මහජන අර තේරුම් අරගෙන මේ අරගලයට අනාගතයේ ඕනම පාලකයෙකුට මුහුණ දෙන්න වෙන බවත් වටහා තබාගෙන කටයුතු කරයි කියලා. අරගල බිමෙනුත් අපි බලාපොරොත්තු වෙනවා ජනතාව නම් අපිමෙයි කියලා කල්පනා කරලා නොයෙක් ආකාරයෙන් මේ ආරක්ෂක අංශවලට, රටේ පාලනය තවත් දුෂ්කර කරන්නේ නැතිව මහ බැංකුව මුල්‍ය පද්ධතිය ඇතුළු රටේ ආර්ථිකය හසුරුවන ආයතන වලට ඒ කටයුතු කර ගැනීමේ පහසුව ඇති කරන ආකාරයට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.”
අරගලය අවිහිංසාවාදීය !
මෙය අවිහිංසාවාදී ජන අරගලයකි. ඒ අරගලයට උචිත ආකාරයට මේ පහුගිය කාලේ ලෝකය පුරා සිදු වුනා වගේ අ සිදුවීමක්. ඒ සඳහා ඉතා වගකීමෙන් යුතු මුහුණ දිය යුතු වේ. සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත අරගල භූමියේ සිටගෙන යම් ප්‍රබුද්ධ අදහස් ඉදිරිපත් කළ වෘත්තීය සංවිධාන හා සමාජ ක්‍රියාකාරිකයන්ගේ අදහස් ද කැටි ගත හැකි මහජන සභාවක්, ප්‍රතිපත්ති සභාවක් ඇතිකර ගත යුතුය.
“සමහර අය අපි මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමයට විරුද්ධයි කියනවා. මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමය නොයා රට ඉදිරියට ගෙනියන ක්‍රියාදාමය පැහැදිලි කරන්නේ නෑ. ඒ නිසා මූල්‍ය අරමුදල එක්ක ඉදිරියට යනවද නැද්ද කියන එක පළමුව තීරණය කරන්න ඕනේඉදිරියට ගෙනියනවා නම්, ඒ ඉදිරියට ගෙනයන මාර්ග සිතියම කුමක්ද කියන එක. පළමුවෙන්ම තියෙනවා, මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් අත්සන් කරගැනීම. ඒකට ආණ්ඩුව අසමත් වුණා. පහුගිය ජූනි තිස් වෙනිදා. ඒක අත්සන් කරන්න තිබුණා. ඉදිරියේ ඒ මාර්ග සිතියම කරගෙන යනවා නම්, බොහොම පැහැදිලිව ආර්ථිකය සම්බන්ධයෙන්, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන්, විශේෂයෙන්ම රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් බරපතල පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා. ඒවා නොවලහා රටට ප්‍රකාශ කරන්න ඕන”
Page 331 of 491