V2025

පුවත්

කොරෝනා මරණ 13000 ආසන්නයට !

තවත් කොරෝනා මරණ 59ක් ඊයේ (29) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ මාධ්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (30) නිකුත්කර ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 12,965ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ සිදුවූ කොවිඩ් මරණ 59න් මරණ 47 ක්ම වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර වයස අවුරුදු 30 ට අඩු එක් මරණයක්ද ඊයේ වාර්තා වී තිබේ.

එක්සත් ජාතීන්ගෙන් ජිනීවාවලට : ලංකාව ගැන බය හිතෙන රටක් !

එක්සත් ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 45 ක සිවිල් සමාජ සාමාජිකයින්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් 240 කට පමණ එරෙහිව පළිගැනීමේ හා බිය ගැන්වීමේ චෝදනා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් ලේඛනගත කර ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කොට ඇත.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සහකාර මහලේකම් ඉල්ස් කෙරිස් විසින් මෙම වාර්තාව ඊයේ (29) ඉදිරිපත් කොට ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය 2021 පෙබරවාරි 9 දා මානව හිමිකම් කවුන්සිලයට සිය වාර්තාවේ මේ බව සඳහන් කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

(මව්රට )

මනූෂ CIDයට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී මනුෂ නානායක්කාර  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

අද (30) පෙරවරුවේ එම දෙපාර්තමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයාගෙන් විමර්ශන නිලධාරීන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව පැවසුවේය.

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා සමඟ සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස  ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියේය.

එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,

"ඇත්ත කතා කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි රජයට. සත්‍ය දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කරන මාධ්‍යවේදීන්ට, පුවත්පත් කතෘන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ ක්‍රියාදාමය සිදුවෙනවා නම් අනික් අයට කෙසේ සැලකිලි ද කියන එක අපට අවබෝධ කරගන්න පුළුවන්. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොකද්ද කියන්නේ. ඖෂධ මාෆියාවක් සමඟ බද්ද වෙලා සිදුවුණු කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් හැටියට. නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් එහෙම කියනවා නම් වෙන මොන කතා ද?"

ප්‍රශ්නය - රජය විසින් කියන්නේ රජයේ පාර්ශවයෙන්ම තමයි මේ මාෆියාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා හෙළි කළේ කියලා.

"මම පැහැදිලිව කියනවා ඡාවාරම් නැතිකරන පැත්තේ තමයි අපි හිට ගන්නේ. ඒ ජාවාරම්කාර මහමොළත් එක්ක එකට අපි හිටගන්න කැමති නෑ."

මේ ඉල්ලං කන්න තියෙන ආසාවටම ලියන පෝස්ට් එකක් !

මේ ඉල්ලං කන්න තියෙන ආසාවටම ලියන පෝස්ට් එකක්. මේ ආසාව ආවෙ යොහානි කොතලාවල ඇකඩමියෙ උපාධිධාරිනයක් කියලා දාපු පෝස්ට් ට ප්‍රතිචාර දක්වපු උද්යෝගය නිසාමයි.

යොහානි කියන්නෙ මේ වෙලාවෙ ජාතිකවාදයට වැදුන මරු පහරක්. එහෙට මෙහෙට දඟර දදා මේක සතුටෙන් බාරගන්න එකපිරිසකුත් අඩුපාඩු කිය කියා වැඩේ පුංචි කරන්න තව පිරිසකුත් උත්සාහ කළාට මේ අන්තර්ජාතික පහර ටිකක් සැර එකක්.

යොහානි කියන්නෙ ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාලයක නිර්මාණයක්. එයා විශ්ව විද්‍යාලෙ සංගීතය ඉගෙන ගත්තද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒ විශ්ව විද්‍යාලය හරහා එයාට ලැබිලා තියෙන ඇටිටියුඩ් එක. ලංකාවෙ දේශීය විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ළමයෙක් තමන් තෝරගන්න සංගීතයට හෝ කැරියර් එකට මේ පොප් ගතිය, සරලබව, වර්සටිලිටි එක ගෙනෙයිද කියන එක ප්‍රශ්නයක්. ඒ අයව දේශීව විශ්ව විද්‍යාල විසින් සම්භාව්‍යකරණය කරනවා.

යොහානි සිංදු කියන්නෙ ජෙන්ඩර් ෆ්ලුයිඩ් හඬකින්. ඒ කියන්නෙ සාම්ප්‍රදායික ලිංගික ඔඩිටරි කලාපයෙන් පිට පිහිටීමක්. එයාගෙ ප්‍රසාංගික රූපය පවා කොල්ලෙක් වගේ කෙල්ලෙක්. එයා ජනප්‍රිය වෙන්නෙ ඉන්දියානු ආභාෂයක් සහ රැප් සංගීතයක් එක්ක. ඊට පස්සෙ අපේ කට්ටිය ඒකෙ සිංහල බෙර සද්ද අහුලන්න යන්නෙ වෙන වහගන්න තැනක් නැති කමට. දේශීය සංගීතයක් වෙනුවට යොහානි බටහිරට බර කලාපීය සංගීතයක් තෝරගන්නවා. එයාගෙ අයිඩෙන්ටිටිය සිංහල හෝ ශ්‍රීලාංකික එකක් නෙමෙයි.

ඔරිජිනල් වෙනුවට යොහානි ජනප්‍රිය වෙන්නෙ කොපියකින්. ඒක කොපියක් නෙමෙයි එකම සංගීත නිර්මාණකරුවාගේ තවත් වර්ෂන් එකක් කිව්වත් ඒක කවර් එකක් විදිහටයි ආවෙ. ඔරිජිනල් කියල දෙයක් නෑ කියන එක යොහානි මැද ඇඟිල්ල උස්සලා පෙන්නනවා. ඒ වගේම ගේයපදමය සහ සාහිත්‍යමය අර්ථවලින් දුර්වල සිංදුවක් තමයි ජාත්‍යන්තරයට යන්නෙ. ගීතයෙන් සාහිත්‍යහරණය කිරීමේ වටිනකම මැණිකෙ කියනවා.

මෑත කාලෙ ලංකාවෙන් ලෝකෙට කරපු එකම සහ හොඳම නිෂ්පාදනය වෙන්නෙ යොහානි. ඒ කියන්නෙ මේ කම්බිනේෂන් එක තමයි රටේ අනාගතය වෙන්නෙ.

චින්තන ධර්මදාසගේ ෆේස්බුක් ගිණුමෙනි

මාධ්‍යවේදීන් ව CIDයට කැඳවූ නිලධාරීන්ට විමර්ශනයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීමයභාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිතව හා නොසැලකිළිමත් ලෙස කටයුතු කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ නියමයෙන් අදාළ විමර්ශනය සිදුකෙරෙන බව පොලිස් මුලස්ථානය දැනුම් දෙයි.

ඒ පසුගිය දිනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මාධ්‍ය ආයතන කිහිපයක කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු එම දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙනි.

එම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්නශන සඳහා යම් මාධ්‍යයක සහය ඉල්ලා සිටි අවස්ථාවලදී එම මාධ්‍ය ආයතන විසින් සහය ලබාදෙන බැවින් පුවත්පත් කතෘන්වරු එම දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සාමාන්‍යයෙන් සිදුනොවන බවද පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

වාර්තා වී ඇති එම සිදුවීමේ දී අපහසුතාවයට පත් වු පුවත්පත් කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් වෙත කණගාටුව පළ කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.=

වරායේ බටහිර පර්‍යන්තය අදානට : ගිවිසුම අත්සන් කළා !

කොළඹ වරායේ බටහිර පර්‍යන්තයේ 51% ක කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට අදාළ ගිවිසුම අද (30) අත්සන් කර ඇත.

වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාද, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් ගිවිසුමට අත්සන් කළ බව වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරියට වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මගින් බටහිර පර්යන්තයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට නියමිත ය.

මේ අනුව සමාගමේ අනෙක් හවුල්කාර පාර්ශ්වය වන ජෝන් කීල්ස් සමාගම ද අද බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට අත්සන් කර තිබේ.

මෙතැන් සිට කොළඹ වරායේ බටහිර පර්‍යන්තයේ 51% ක කොටසක් ඉන්දීය අදානි සමාගමට , 34% ක් ජෝන් කීල්ස් සමාගමට සහ වරාය අධිකාරියට 15% ක් ලෙස පවතී.

තෙල් මිල ගැනත් ඇමතිගෙන්ම ඉඟියක් !

අගෝස්තු මස 31 වනදා වන විට තෙල් සංස්ථාවට බිලියන හැත්තෑවක අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

ඩොලරයේ අගය ඉහල යාම සමගම ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යමින් ඇතැයිද අමාත්‍යවරයා පේනාවා දෙයි.

මෙය තවදුරටත් දරා ගත නොහැකි වූවොත් එය ජනතාවට භාර දීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

සිය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරනු ලැබු අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

යමක් 108 වතාවක් ජප කලොත් ඒක ඇත්තක් වෙනවා කියා පුරාණ ගැමි විශ්වාසයක් තිබෙනවා. දැන් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ තෙල් හිඟයක් ඇති වන බව විපක්ෂයේ මන්ත්‍රිවරු ජප කරන්නේ එහෙම කිව්වාම ඇත්තටම තෙල් හිඟයක් ඇති වේවි කියන අන්ධ විශ්වාසයයෙන් බවයි පේන්නේ. විපක්ෂයට අවංකවම ප්‍රශ්ණයක් තියෙනවා. රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වුණාම මුලින්ම ඇතිවෙන්න ඕනෑ තෙල් හිඟය. ලෝකයේ අනික් රටවල උනෙත් එහෙමයි. මේ මොහොතේ වෙමින් පවතින්නේ ද එහෙමයි. අපේ සමස්ථ ආනයන වියදමින් 20% වඩා වැය වන රටේ ප්‍රධානම ආනයන භාණ්ඩය ඉන්ධන. ඒ වගේම තෙල් කියන එක ආවට ගියාට කඩෙන් ගේන්නත් බැහැ. මාස ගාණක් පුරා ලෑස්ති වෙන්නට ඕනේ. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකදී ලෝකයේ රටවල් මුලින්ම මුහුණ පාන්නේ තෙල් හිගයකට. ඉතින් ඒක උනේ නැති නිසා අනේ වෙයන් අනේ වෙයන් කියමින් විපක්ෂය ජප කරමින් ඉන්න බවයි අපිටනම් පේන්නේ.

ගරු විපක්ෂ නායකතුමා අගෝස්තු 10 දිනත්, ආචාර්ය හර්ෂ සිල්වා මන්ත්‍රිතුමා ජූලි 19, අගෝස්තු 31 සහ සැප්තැම්බර් 25 දිනවලත්, මුජිබර් රහ්මන් මන්ත්‍රිතුමා අගෝස්තු 18 දිනත්, පාඨලි චම්පික මන්ත්‍රිතුමා ජූලි 21 දිනත් සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ජූලි 15 දිනත් නුදරු දිනක ලංකාවේ තෙල් හිඟයක් ඇති වන බවට අනාවැකි පල කලා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් තුන් පාරක්ම කිව්වා. අවසානයට කිව්වේ පසුගිය සඳුදා. තමුන්නාසේලාගේම මාධ්‍ය වල පරන ප්‍රවෘත්ති වලට ගිහින් බැලුවොත් අපිට පේනවා නුදුරු දිනකදී වෙනවා කියන්නේ මාස තුනක ඉදලයි. එහෙම එකක් වුනේ නැහැ. එහෙම නොවෙන තත්වයට වග බලා ගැනීම තමයි අපේ වගකීම වෙන්නේ.

පීබී දැන් ඇති : දිලිත් ප්‍රසිද්ධියේ දැනුම්දෙයි!

දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු, බිලියනපති ව්‍යාපාරික, දිලිත් ජයවීර විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සම්බන්ධයෙන් තබා ඇති සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගෙ අවධානය යොමුව ඇත.

සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති, බිලියනපති ව්‍යාපාරික දිලිත් ජයවීර සඳහන් කර ඇත්තේ ,

"මගේ අදහස වන්නේ ආචාර්ය පී බී දැනට රට වෙනුවෙන් ඉටුකොට ඇති සේවය අතිශයින්ම ප්‍රමාණවත් බවයි" යනුවෙනි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැක්වුන බොහෝ ප්‍රතිචාර වල සඳහන්ව තිබෙන්නේ පී.බී. ජයසුන්දර ට අවාසි වන, ජනාධිපති ලේකම් ධූරය අහිමිවන බව ප්‍රකට කෙරෙන ප්‍රතිචාර ය.

දිලිත් ජයවීර බිලියනපති ව්‍යාපාරිකයකු සේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සමීපතමයකු ලෙසත් ප්‍රසිද්ධය. එහිදී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට පමණක් නොව, රාජපක්ෂ කඳවුර තුළ අපේක්ෂකත්වය ගෙන දීමට පවා තිරය පිටුපස විශාල වැඩ කොටසක් සිදුකරේ දිලිත් ජයවීර බවත් දේශපාලන - ව්‍යාපාරික ක්ශේත්‍රයේ ද ප්‍රසිද්ධ කරුණකි.

වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයකු ලෙසත් දිලිත් ජයවීර ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරනු ලැබුවෙකි.

ඒ අනුව අංක එකේ රාජ්‍ය නිලධාරියාගේ සේවය දැන් ප්‍රමාණවත් බව මේ කියන්නේ රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයකු සිය පෞද්ගලික ෆේස්බුක් පිටුව හරහාය.

පහත දැක්වෙන්නේ දිලිත් ජයවීර ගේ ෆේස්බුක් සටහන සහ ඊට ලැබුණු ප්‍රතිචාර කිහිපයකි.

screen1

scre 2

උදේ ඇවිත් ප්‍රහාරයක් කියනවා : හවස ඇවිත් වැරදීමක් කියනවා - සාන්ත සාගර පියතුමා

ඊයේ (28) දිනයේ වත්තල බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ගැන නාවික හමුදා නිලධාරීන් පැමිණි සිදුකළ දැනුම්දීමක් පිළිබඳව ද මේ වනවිට සංවාදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. අද (29) ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ , දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන් කරමින් සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් බවයි.

මෙම සිද්ධිය පිළිබඳව කලබලවීමට හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරන බව ද එම නිවේදනයේ සඳහන් ය.

වත්තල බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයට නාවික හමුදා සමාජිකයින් පිරිසක් පැමිණ මේ තොරතුර දැනුම්දී තිබුණේ, ඊයේ පෙරවරුවේයි.

”එක්කෙනෙක් දේවස්ථානය ඇතුළට ඇවිල්ලා මට කිව්වා අපේ උසස් නිලධාරී මහත්මයෙක් කතා කරනවා. දෙවස්ථානයේ පියතුමා බැහැරක් ගිහිල්ලා තියනවා. ඒ නිසා පොඩ්ඩක් එන්න කියලා. ඊට පස්සේ මම වාහනට ළඟට ගියාම ඒ උසස් නිලධාරී මහත්තයා වගේ ඉන්න කෙනා කිව්වා සහරාන්ගේ ප්‍රහාරය වගේ නැවත එල්ලවෙන්න පුළුවන් දෙවි මැදුරුවලට. ඒකයි අපි ආවේ දැනුවත් කරන්න ඒ නිසා කතෝලික පියතුමන්ලා වගේ ඇඳගෙන එන්න පුළුවන්. නැත්නම් වෙනත් විදිහට අඳුරන්නේ නැති ජනතාව අතරේ ඉන්න පුළුවන් අවධානයෙන් ඉන්න කිව්වා. ඊට පස්සේ මම පියතුමා තව සුළු මොහොතකින් එයි කියපුවාම ඒ වෙලාවේ නතර වුණේ නැහැ. මම කිව්වා නොම්බරේ දෙන්න කියලා. ඊට පස්සේ නොම්බරයක් දුන්නා දීලා එයාලා යන්න ගියා”

– ක්‍රිස්ටි ඔස්මන් පෙරේරා –

එලෙස පිටව ගිය නිලධාරීන් ඊයේ පස්වරුවේ මෙම දේවස්ථානයට නැවත පැමිණ තිබිණ.

බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයේ මීසම් පාලක ගරු ජයන්ත නිමල් විදානාරච්චි පියතුමා සඳහන් කළේ, පස්වරුවේ මේ පිළිබඳ තමාගෙන් විමසීමට උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරෙන් කණ්ඩායමක් පැමිණි බවයි.

”හවස මේ ගැන මගෙන් විමසන්නට උස්වැටකෙයියාවේ පිහිටි නේවි කඳවුරෙන් නාවික හමුදා කණ්ඩායමක් ආවා. ඇවිල්ලා මේ ගැන විමසලා එයාලා CCTV කැමරා ඔස්සේ ඔක්කොම බලලා එයාලා මට අවසානෙදි කිව්වා . හොයලා කරලා මේවා කරලා අද මේ කණ්ඩායම ඇවිල්ලා තියෙන්නේ වැලිසර කෑම්ප් එකෙන් කියලා. ඇවිල්ලා තියෙන්නේ පොඩි වැරදීමක් වෙලා කියලා තමයි එයාලා ඒ අවස්ථාවේදී ගියේ”

මේ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අප කළ විමසීමකදී පැවසුවේ, මෙය සිදුවූ අකාරය පිළිබඳව විමසා බැලීමක් සිදුවන බවයි.

මෙය වැරදි සන්නිවේදනයක් බව පෙන්වා දුන් නාවික හමුදාපතිවරයා වරද නිවැරදි කිරීමට පියවර ගත් බව ද කියා සිටියේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ, මෙය වැරදි අවබෝධයකින් සිදුවූවක් බවයි.

මේ අතර කතෝලික සභාවවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසන්නේ, නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ගොස් මෙවැනි තොරතුරක් පිළිබඳ පියතුමන්ලාට දැනුම් දුන්නේ නම්, එම තොරතුර බැරෑරුම් තොරතුරක් විය යුතු බවත් පසුව එය වැරදීමකින් සිදු වූ දෙයක් බව පවසන්නේ නම්, එහි ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති බව ත් ය.

”නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ගිහිල්ලා පියතුමන්ලාට දැනුම් දෙන මේ තොරතුර බැරෑරුම් තොරතුරක් නේ, එතකොට මේ තොරතුර මෙහෙම කියලා ඊට පස්සේ කියනවා නම්, මේක වැරදීමකින් සිද්ද වෙච්ච දෙයක් කියලා එතකොට ලොකු ප්‍රශ්නයක් තියනවා. ජාතික ආරක්ෂාව පිළිබඳව. මේකද ආරක්ෂක වැඩපිළිවෙළක එහෙම නැත්නම් ජාතික ආරක්ෂාව වගේ ඉතාම බැරෑරුම් කාර්යබාර්යකදී සිදු විය යුතු දේ. ප්‍රහාරයක් එල්ලවීමේ පොදු අනතුරක් තියනවා නම් එහෙනම් කළ යුතුව තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හරි එහෙම නැත්නම් බුද්ධි අංශය හරි කවුරුහරි නිල වශයෙන් වගකීම දරන්නට පුළුවන් කෙනෙක් අතිඋතුම් කාදිනල් හිමිපාණන්ට නිල වශයෙන් දැනුම් දෙන එක.මේ ආපු නිලධාරීන් ඒගොල්ලන්ගේ උවමනාවෙන් කල්පනා කරලා යන්න නැතුව ඇති නේ. කොහෙන් හරි අණකිරීමක් වෙන්න ඇතිනේ මේ නිලධාරීන්ට මේ මේ පල්ලිවලට ගිහිල්ලා නැත්නම් මේ මේ ප්‍රදේශයට ගිහිල්ලා දේවස්ථානවලට දැනවත් කරන්නට කියලා. එතකොට කොතන ද මේ වරද්දගත්තේ කියන එක සොයා බලන්නට ඕනි. මොකද මේක විහිළුවක් නෙමෙයි”

මේ අතර සංචාරක කලාපයක් වන ප්‍රදේශයක මෙවැනි සිදුවීමක් වාර්තාවීම ගැටලුවක් බව ද අද පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ.

එම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පමුණුගම ජා-ඇල වෙරළබඩ ප්‍රදේශය භාර ප්‍රධාන පියතුමා වන ගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ප්‍රශ්න කර සිටින්නේ, මෙම සිදුවීම්වල වගකීම භාරගන්නේ කවුරුන් ද යන්නයි.

”දැන් මේ ප්‍රදේශය සංචාරක කලාපයක්. බියට පත්වෙලා සංචාරකයින් ලංකාවට එයිද මේ තත්ත්වයක් මත. මේ සියල්ල එකට ඈදෙනවා මේ ප්‍රශ්නය මධ්‍යයේ. කවුද මේ වගකීම භාරගන්නේ රජයේ. අපි කාටද මේ ගැන කියන්නේ. ඊට පස්සේ හැන්දෑ වෙනකොට උස්වැටකෙයියාව මුරපොළෙන් ඇවිත් සමාව ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් එතකොට උදේ ඇවිත් කියනවා හවස පහරදීමක් තියනවා කියලා. දැන් හවස ඇවිත් කියනවා ඒක වැරදීමක් කියලා. නාවික හමුදාපති හවස්වරුවේ කතා කරලා සමාව ඉල්ලලා තියනවා. කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ඉල්ලලා තියනවා මේ සම්බන්ධයෙන්.ඉදිරියට දැන් නත්තල් සමය ඉස්සරහට එන්නේ සංචාක ව්‍යාපාරය මේ භිතියත් එක්ක මේකෙන් බලපෑමක් තියෙනවා”

(News 1st )

ලසන්තගේ නඩුව හේග් නුවර ඇසීමට සූදානම් !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් අදාල රාජ්‍යයන්ට එරෙහිව නඩු පැවරීමට මහජන අධිකරණයක් පිහිටුවා ගත් බව මාධ්‍යවේදීන් ආරක්‍ෂක කමිටුව (CPJ) වාර්තා කරයි.

එම මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ මාධ්‍ය කණ්ඩායම් තුනක් කටයුතු කර තිබේ.

මෙම අධිකරණය, බිම් මට්ටමේ යුක්තිය සදහා වූ යාන්ත්‍රණයක් වන අතර එය රටවල් තුනක නිශ්චිත නඩු සම්බන්ධ විමර්ශන සහ උසස් තත්ත්වයේ නීති විශ්ලේෂණයන් මත රඳා පවතී. මෙහි පළමු වන විවෘත විභාගය නොවැම්බර් 2 දා හේග් නුවර දී පැවැත්වෙන බව වාර්තාව වැඩිදුරටත් පවසයි.

ලොව පුරා මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් පවතී. 1992 සිට මේ දක්වා මාධ්‍යවේදීන් 1400 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති අතර, මාධ්‍යවේදියෙකු ඝාතනය වූ අවස්ථා දහයෙන් අටෙන් අටක් තුළ දී මිනීමරුවන් නිදැල්ලේ පසුවේ.

දිගින් දිගටම මේ සිද්ධි සදහා විනිර්මුක්තියක් පැවතීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් පවත්වා ගෙන යන අතර එය ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක් වේ.

ඒ අනුව යුක්තිය ලබා ගැනීම උදෙසා ප්‍රමුඛ පෙළේ මාධ්‍ය නිදහස සංවිධාන වන ෆ්‍රී ප්‍රෙස් ලිමිටඩ්, දේශසීමා නැති වාර්තාකරුවන් සහ මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කමිටුව මෙම මාධ්‍යවේදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් මහජන විනිශ්චය සභාවක් කැඳවන ලෙස ස්ථිර මහජන විනිශ්චය සභාවෙන් ඉල්ලා සිටියහ.

ලසන්ත වික්‍රමතුංග, මිගෙල් ඇන්ගල් ලෝපෙස් වෙලස්කෝ සහ නබිල් අල්-ෂර්බාජි යන අයගේ ඝාතන සඳහා යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වූ බවට මහජන අධිකරණය විසින් ශ්‍රී ලංකාව, මෙක්සිකෝව සහ සිරියාව යන රජයන්ට චෝදනා කරනු ඇත.

විවෘත නඩු විභාගය සඳහා ප්‍රසිද්ධ මානව හිමිකම් නීතීඥ අල්මුදෙනා බර්නබියු විසින් පැමිණිල්ල මෙහෙයවනු ඇත. මාධ්‍ය නිදහස පිළිබඳ ඉහළ පෙළේ නීති විශාරද මණ්‌ඩලයේ සාමාජිකාවක් වන ශෝස් QC හි බැරොනස් හෙලේනා කෙනඩි විසින් ප්‍රධාන දේශනයක් පවත්වනු ඇත.

පළමු නඩු විභාගය 2021 නොවැම්බර් 2, අඟහරුවාදා, හේග්හිදී, මධ්‍යම යුරෝපීය වේලාවෙන් පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැවැත්වේ. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑලෙන් සම්බන්ද වී මේ සදහා සහභාගී විය හැකිය, නැතහොත් සජීවීව saferworldforthetruth.com හරහා නැරඹිය හැක.

ahimsa w

(theleader. lk )

තවත් කොරෝනා මරණ 61ක් : මුළු මරණ 12847 ක් !

තවත් කොරෝනා මරණ 61ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ දිනට (28) අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (29) නිකුත්කර ඇත.

ඒ අනුව කාන්තාවන් 36 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

මේ සමග මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 12,847ක් දක්වා ඉහළ ගොස් ඇත.

කිතුණු දේවස්ථාන ප්‍රහාර පුවත ගැන කළබල වෙන්න එපා..!

ජාඇල , බෝපිටිය ශා.නිකොලා දේවස්ථානයට ලැබුණු , ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊයේ පෙරවරු 10.05 පමණ , අදාළ දේවස්ථානය වෙත පැමිණි නිළ ඇඳුමෙන් සැදුම්ලත් නාවුක හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් , එම අවස්ථාවේ මීසම් පාලක පියතුමා දේවස්ථානයේ නොසිටි බැවින්, එහි සේවිකාවකට ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ගැන හෙළිකර තිබුණි. එම කරුණු පහත පහත පරිදිය.

I - යලිත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇති බවත්,

II - නාඳුනන කිසිවෙකු දෙවස්ථානයට ඇතුළත් කර නොගන්නා ලෙසත්,

III - පියතුමන්ලා ලෙස "සුදු ලෝගු" ඇඳගෙන , බෝම්බකරුවන් පැමිණිය හැකි බවත්,

IV - අනෙකුත් දේවස්ථානත් දැනුවත් කළ යුතු බැවින්, පියතුමා පැමිණෙන තුරු රැඳී සිටිය නොහැකි බව කියමින් එකී නාවික හමුදා නිලධාරීන් පිටව ගොස් ඇත…

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තොරතුරු විශ්ලේෂණය හෝ තහවුරු කරගත් තොරතුරක් නොවෙයි…!

නමුත් වත්මන් ආරක්ෂක ලේඛම් ජනරාල් කමල් ගුණරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ එකී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ තොරතුර විශ්ලේෂණයකින් හෝ තහවුරු කර ගැනීමකින් තොරව කළ දැනුම් දීමක් බැවින් අනවශ්‍ය කළබලයක් ඇතිකරගත යුතු නොවන බවයි.

ත්‍රස්ත ප්‍රහාර ගැන වගකීම් විරහිතව මෙසේ ප්‍රකාශ කළ හැකිද?

මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනාත්මක කථිකාවතක් මෙන්ම විදෙස්ගත සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකික පිරිස්, පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙලිකොට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වහාම සාධාරණය ඉෂ්ඨ කරන ලෙස උද්ඝෝෂණ කරන අල්ලපනල්ලේ මෙසේ කිතුණු සමාජය තුළ නැවතත් ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ තහවුරු නොකළ පුවත් පැමිණීම ප්‍රශ්න සහගතය. ® වගකිවයුතු ආරක්ෂක අංශ නිලධාරීන් හට විශ්ලේෂණයකින් තහවුරුවකින් තොරව මෙසේ තොරතුරු සමාජගත කළ හැකිද?

® එම තොරතුරු නිසාවෙන් කිතුණු සමාජය තුළ සමාජීය කැළඹීමක් ඇතිවී නම් ඒ පිළිබඳ වගකීම භාරගන්නේ කවුරුන්ද..?

® එසේ වගකීම් විරහිතව, රාජ්‍ය බුද්ධි අංශ විසින් තහවුරු නොකළ තොරතුරු සමාජගත කිරීමේ වගකීම භාරගන්නේ කවුරුන්ද? එකී නිලධාරියාට එකී තොරතුර ලභා දෙන්නේ කවුරුන් විසින්ද?

® පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලොව පුරා විශාල හඬක් නැගෙද්දී, පාස්කු ප්‍රහාරයේ මහමොළකරු "අල්ලා දෙවියන්" බව, ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවට පැමිණ බොදු බලසේනා සංවිධානයේ නිර්මාතෘ ගලබොඩ අත්තේ ඟාණසාර හිමි කරන ප්‍රකාශයත්, ඉදිරියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමට නියමිත බවට සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයත් අතර මෙකී අණතුරු ඇඟවීමට යම් සම්බන්ධයක් තිබේද?

මෙසේ වගකීම් විරහිත ප්‍රකාශයන් හා එකී ප්‍රකාශ තුළින් ඇතිවිය හැකි අනවශ්‍ය ගැටලු වලට මාධ්‍ය නිවේදනයක් මගින් සිදුකරන ප්‍රකාශයක් පමණක්ම සෑහේද යන්න අදාල බලධාරීන්ගේ මෙන්ම සබුද්ධික පුරවැසියන්ගේද විශේෂ අවධානයට යොමුවිය යුතු කරුණකි..

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ ඉතාලිය.

විමලවීරග් අලි ගැසට් එකට අභියාචනාධිකරණය හරස් වෙයි !

මුල් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ හීලෑ අලි ඇතුන් 15 දෙනා, වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ ලියාපදිංචි කිරීම ලබන මස 13 වැනිදා තෙක් වළකාලමින්, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (29) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ

අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත්තේ, නීතියට පටහැනිව අල්ලා ගනු ලබන අලි ඇතුන් අදාළ ගැසට් නිවේදනය යටතේ ලියාපදිංචියට කිරීමට ඉඩ සලසා ඇති බව සදහන් කරමින්, ඒම ක්‍රියාව වළකාලන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බලමිනි.

එසේම අධිකරණය විසින් මුදා හරින ලෙස නියෝග කර තිබෙන “සුජීවා” නැමැති ඇතින්නිය සහ ඇගේ පැටවා වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ තවදුරටත් රඳවා තබන ලෙසද අභියාචනාධිකරණය නියෝග කර ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, පත්‍රගොඩ කංකානම්ගේ දිලේනා, පංචාලි මධුරංගි පනාපිටිය, මහේෂි නලින්කා මුණසිංහ, වාද්දුවගේ විශාඛා පෙරේරා තිලකරත්න, පාහියන්ගල ආනන්ද සාගර හිමි මෙහි පෙත්සම්කරුවන් වන අතර.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ස්ථානාධිපති (අංක 01), පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන්, මාතලේ මහේස්ත්‍රාත් සී. වික්‍රමනායක සහ නීතිපතිවරයා වගඋත්තර කරුවන් ලෙස නම් කර සිටිති.

හීලෑ අලි ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා අයිතිකරුවන් වෙත ආපසු අලි බාර දීමට අදාළව වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංක 2241/41) ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

නීතීඥ නිම්මි සංජීවනී මහත්මිය මගින් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

“ආසියානු අලියා ආසියා කලාපයට විශේෂිත වූ වදවීමේ තර්ජනයට ලක් වූ සත්වයෙකි. ශ්‍රී ලංකාවේ වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත සත්වයෙකු ලෙස ප්‍රකාශයට පත් කර ඇත. නිසි ලෙස ලියාපදිංචි නොකළ අලි ඇතුන් ළග තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.

පසුගිය අගෝස්තු 19 වැනිදා ප්‍රකාශිත පත් 2241/41 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය විධි විධාන මගින් නීතියට පටහැනිව අල්ලා ගනු ලබන අලි ඇතුන්ද ලියාපදිංචියට ඉඩ සලසා ඇත. මෙම ගැසට් පත්‍රයේ විධි විධානයන්ට අනුව අල්ලා ගනු ලබන අලි ඇතුන් වානිජ ක්‍රියා සදහා භාවිතා කිරීමට ඉඩ කඩ සැලසේ. ඊට අමතරව මෙම ගැසට් පත්‍රයේ විධි විධාන යටතේ තබා ගන්නා අලින්ට යම් හිරිහැරයක් සිදුවුවහොත් චූදිතයින්ට නීතියෙන් ගැලවී යාමටද ඉඩ අවස්ථාද ඇත. මෙම ගැසට් නිවේදනයේ විධි විධානයන් වනසත්‍ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ විධි විධානයන්ට පටහැනිව නිකුත් කර තිබේ.

හීලෑ අලි ඇතුන් 14 දෙනෙකු මුදා හැරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා නොබෝදා ලබා දුන් නියෝගය වනසත්‍ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ විධි විධානයන්ට ද පටහැනි වේ. ඊට අමතරව මෙම නඩුවලදී අදාළ අලි මුදා හැරීමට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු දණ්ඩ නීති සංග්‍රහයේ 112, 162, 181, 199 යන විධි විධානයන්ටද පටහැනි වේ.

ඒබැවින් හීලෑ අලි ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා අයිතිකරුවන් වෙත ආපසු අලි බාර දීමට අදාළව වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන ආඥාවක් නිකුත් කරන ලෙසද, ඒ යටතේ

කොළඹ හා මාතලේ මහේස්ත්‍රාත්වරුන් දුන් නියෝග අහෝසි කරන ලෙසද, අදාළ අති විශේෂ ගැසට් පත්‍රය යටතේ ලියාපදිංචි කොට අලි ඇතුන් ලග තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය මගින් කටයුතු කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද, වනසත්‍ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ යටතේ ලියාපදිංචි කළ නොමැති අලි ඇතුන් ලග තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන ලෙස නියෝග කරන ලෙසද, පෙත්සම්ක්රුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.”

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, නීතීඥ රවිනද්‍රනාත් දාබරේ සහ නීතීඥ නිල්මල් වික්‍රමසිංහ පෙනී සිටියහ.

(Lanka truth )

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩිය : පැය 5 ක් දත්ත මකලා !

ජාතිික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා සිය නිවසේ සිට ඒ සදහා පැය 05 ක කාලයක් වැයකර ඇතැයි වාර්තා වෙයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමේදී මේ බව අනාවරණය කර ඇත.

දත්ත මැකීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයේදී හෙළිවූ වූ තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෘදුකාංග ඉංජිනේරු වරයාව අත්අඩංගුවට ගනු ලබන්නේ ඊයේ (28) දිනයේ ය.

සැකකාර එම ඉංජිනේරුවරයා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත්කරනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට සදහන් කරනු ලැබුවේ මෙම සැකකරු සිය නිවසේ සිට පද්ධතියට ඇතුවී පැය 05 ක් ගතකරමින් දත්ත මකා දමා ඇත්තේ පසුගිය ජුලි 09 වෙනිදා බවය.

මෙම දත්ත මැකීමේ සිදුවීම ඩිජිටල් ත්‍රස්තවාදයක් බවද දිලීප පීරිස් අධිකරණය හමුවේ අවධාරණය කළේය.

මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට අධිකරණයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙමින් සැකකරුව ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

සුදුළුෑණු වංචාවේ තැරැව්කරුවෙක් හිරේ : CID ගැනත් විමර්ශනයක් !

ලංකා සතොස ආයතනයට අයත් සුදුළුෑණු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවකු ලබන 01 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් නියෝග කර ඇති බව වාර්තා වෙයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මට්ටක්කුලිය පදිංචි කමල් කුමාර නමැත්තෙකි.

සුදුළුෑණු  වංචාව සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සැකකාර තැරැව්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සාපරාධී විශ්වාසය කඩ කිරීම, දූෂණයට ආධාර අනුබලදීම යන චෝදනා සම්බන්ධයෙන් පෙරේදා (28) ය.

රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදුලුනු කිලෝ 54,860- ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාපරාධී විශ්වාසය කඩ කළැයි ලංකා සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිර පෙරේරා දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබිණී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 26 වැනිදා පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ව්‍යාපාරිකයකු වන වේලායුදම් ශ්‍රීධරන් නැමැත්තා ද ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර ඇත.

CID ගැනත් විමර්ශනයක් !

මේ අතර පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදීත්, එම දැනුම්දීම අනුව කටයුතු නොකළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි.

තවද සුඳුලූණු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදු කරන ලෙසද අමාත්‍යවරයා විසින් පොලිස්පති වරයාට උපදෙස් ලබා දී ඇති බවටත් මාධ්‍ය වාර්තා පළවෙයි.

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව තීරණය කර තිබුනේ වෙළඳ අමාත්‍යංශය යටතේ පවතින සතොස ආයතනයේ සුදු ලූණු වංචාව සම්බන්ධයෙන් වාර්තා පළ කළ පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් පිලිබඳ තොරතුරුද ඇතුළත්ව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ගොනු කළ පැමිණිල්ලක් අනුවය.

පළවෙනිදා රට අරිනවා : මාර්ගෝපදේශ හෙට දෙනවා !

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ එය පාලනය කිරමට සංචරණ සීමා පැනවීමක් ලෙස ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වෙනිදා අලුයම 4.00 සිට ඉවත් කර ඇත.

මේ බව මාධ්‍ය වෙත දැනුම් දෙමින් හමුදාපති ජනරාල් ශවේන්දු සිල්වා සදහන් කළේ ජනපති උපදෙසින් මේ තීන්දුව ක්‍රියාත්මක බවය.

එසේම ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මහජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට (30) දිනයේ නිකුත් කෙරෙනු ඇති බවද ජනරාල් ශවේන්දු සිල්වා පැවසීය.

අනුර ඥානසාර හිමිගේ ප්‍රකාශයේ සැකතැන් පෙන්වයි !

"මේ ආණ්ඩුව ලේ වැකි කුමන්ත්‍රණයක නියැලෙනවාද කියන සාධාරණ ප්‍රශ්නය මතුවී තිබෙනවා. මේ රටේ සියලුම පූජ්‍ය පක්‍ෂවලින් අපි ඉල්ලන්නේ හීටට එරෙහිව ඉදිරියට එන්න කියලා. ඇති තරම් ලේ වැගිරූ, භිතියට පත්වුණු රටක නැවත එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීමට පෙරට එන්න කියලා අපි ඕනෑකමින් ආරාධනා කරනවා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී , අනුර කුමාර දිසානායක පවසයි.

අද (29) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වූ අතර , එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

අසාර්ථක පාලකයන් හැම වෙලාවෙම ජනතාව අතර අනියත බියක්, සැකයක් ඇති කරනවා. පාස්කු ප්‍රහාරය විශාල වශයෙන් උපයෝගී කරගෙන බලයට අවාට පස්සේ ඔවුන්ටම දැන් පාරා වළල්ලක් වී තිබෙනවා. මේ ප්‍රහාරය ඔවුන් බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක්ද කියලා සමාජයේ මතයක් ගොඩනැගෙමින් තිබෙනවා. පාස්කු ප්‍රහාරය වෙලාවේදී කාදිනල්තුමා විශාල කාර්යභාරයක් ඉටු කරමින් කතෝලික ජනතාව සන්සුන් කර තබාගත්තා.

කතෝලික ජනතාවගේ තිබුණු විරෝධය ප්‍රචණ්ඩකාරී තත්වයකට පත් නොකිරීම වෙනුවෙන් කාදිනල්තුමා ඉටුකළ කාර්යභාරය අද මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ විශාල පැසසුමකට ලක්වුණා. නමුත් අද වෙනකොට කාදිනල්තුමා දෙවුර මත පටවා ගත් බර එහෙමම තිබෙනවා. නිරවුල් නොවුණු තැන් පිළිබඳව කාදිනල්තුමන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබුණා. ඊට ප්‍රතිචාර වශයෙන් නීති නිලධාරියෙකුගෙන් ලිපියක් යවා තිබුණා.

ප්‍රහාරය ආවරණයක් කරගත් පාලකයන් කාදිනල්තුමා පවරා ගත් ශුද්ධ වූ අයිතිය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් කරන්නේ නැහැ. කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් කොටස් නිීතිපති දෙපාර්තමේන්තුවට පවා යවා නැති බවට සැකයක් ඇතිවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කාදිනල්තුමා විවිධ ප්‍රකාශ සිදුකරමින් ඉන්නවා. නමුත් මේ තත්වය උපයෝගී කරගෙන ආවේගකාරී ගැටුම් නිර්මාණය කිරීමට විවිධ කණ්ඩායම් ආණ්ඩුව විසින් යොදා ගන්නවා.

පාලකයා අසාර්ථක වන හැම වෙලාවෙම හැංගෙන්නේ ජාතිවාදය සහ ආගම්වාදය තුළයි. සැඟවී සිටි පරණ කසකරුවන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා, කර තියාගෙන ගිය අය වේගයෙන් කරළියට ඇවිත් තිබෙනවා. ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව යොදාගෙන ඒ කසකරුවන් ප්‍රධානම මත දක්වන්නන් බවට පත්කරගෙන තිබෙනවා. බරපතළ ප්‍රහාරයකට සූදානම් වන බවට ප්‍රහාරයක් සැඟවී ඉන්න බවට ප්‍රකාශ සිදුකරනවා.

ඔවුන් ඉන්න තැන දන්නා බව පවා ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගණනාවක් ලැබී තිබුණත් කිසිම පරීක්‍ෂණයක් කරන්නේ නැහැ. ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව ඔවුන්ට යොදා ගැනීමට දුන් ඩලස් අලහප්පෙරුම ගැන ලැජ්ජා වෙනවා. ජාතික සමගිය ගැන වාක්‍ය කණ්ඩවලින් ප්‍රබන්ධ නිර්මාණය කරන ඇමතිවරයෙක් සිටින වෙලාවකදී මේ කසකරුවන් නැවත ප්‍රහාරයක් පටන් ගෙන තිබෙනවා.

චීන කාබනික පොහොර බව කියන දෙවැනි සාම්පලයත් ෆේල් !

රසායනික පොහොර අත්හිටුවීමත් සමඟ මෙරට වගාවන්ට යෙදීම සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර නිදර්ශක නැවත වතාවක් මෙරට පරීක්ෂණවලදී අසමත් වී ඇති බව නිල වශයෙන් තහවුරු වෙයි.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝදායන ඒකකය මගින් සිදුකරන ද පරීක්ෂණයේදී දෙවැනි වරට ඒවා එසේ අසමත් වී ඇත.

ජාතික ශාක නිරෝධායන සේවයේ අධ්‍යක්ෂ එම්. වික්‍රමාරච්චි විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හා කෘෂිකර්ම අමාත්‍යංශයට ඊයේ (28) මේ බව දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

අදාල පොහොර වලට සිදුකරන පරීක්ෂණ අනුව ඒවා ජීවානුහරණය කර නැති බවත් ක්‍ෂද‍්‍ර ජීවින් සිටින බවත් එමගින් දැනුම්දි ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව එම පොහොර මෙරටට ආනයනය කිරීමට සුදුසු තත්ත්වයක නැති බවත් වා ආනයනය නොකරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

CID විමර්ශනයත් තේරුමක් නෑ !

කෙසේ වුවත් චීනයෙන් ආනයනය කිරීමට යෝජිත කාබනික පොහොර බව කියන ද්‍රව්‍ය වල පළමු නිදර්ශක වල ඉතාම අහිතකර ක්ශුද්‍ර ජීවීන් අඩංගු බව අනාවරණය වීම සමග කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවය.

අතර මගදී අදාළ නිදර්ශක වෙත ක්ශුද්‍ර ජීවීන් ඇතුල් කිරීමක් ගැනත් සැකසංකා ප්‍රසිද්ධියේ පළවිය. කෙසේ වුවත් මේ දෙවැනි දර්ශක පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වාදී ඇත්තේ ඒ සියලු කතා කතා මිස වැඩි දෙයක් නොවන බවය.

කතා පැත්තකින් තැබූ පසුව ප්‍රශ්නය එන්නේ ගොවීන්ට ය. ඒ දැන් ගොවීන්ට පොහොර කෝ කියාය.

කොහොම නමුත් මේ චීන අපද්‍රව්‍ය අනාවරණය කර ගැනීමට හැකිවීම මේ වන විට කාබනික පොහොර අදාළ චීන සමාගමෙන් ගෙන්වීමට ගෙන තිබූ තීරණය හකුළාගෙන ඇති බවත් වාර්තා වෙයි.

Page 344 of 386