V2025

පුවත්

enews මාධ්‍යවේදී කීර්තිට ඇප !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඊ නිවුස් මාධ්‍ය වේදී කීර්ති රත්නායක ඊයේ (09) ඇප පිට මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් නියම කර ඇති බව වාර්තා වෙයි.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණ.

නමුත් රැපියල් 50000ක පුද්ගලික ඇපයක් මත ඔහුව මුදාහැරීමට අධිකරණය නියෝග කල බව සඳහන් වෙයි.

මේ වනවිට කීර්ති රත්නායක තමාට එරෙහිව සිදුකල අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම පිළිබඳව කෝටි 10ක් වන්දි ඉල්ලා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න .ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු
තෙන්නකෝන් , පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර ඇතුළු 20 දෙනෙකුට විරැද්ධව නමින්ම නඩු පවරා ඇති බවත් වාර්තා වෙයි.

තවද තව නොබෝ දිනකින් මාධ්‍ය හමුවක් පවත්වා තමාට එරෙහිව සිදුකල අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම සහ වෙනත් ආන්දෝලනාත්මක කරැණු රාශියක් හෙළිදරව් කිරීමට සැලසුම් කොට ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

පොහොර ඇතුව හෝ නැතුව ගොවියාගේ ආදායම 100% න් වැඩි කරනවා - ජනාධිපති

ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පොදුජන රැලිය පැවැත්විණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අභියෝග හමුවේ රජය අත්පත් කරගත් ඉලක්ක පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන රැලි මාලාව සංවිධාන කරයි.

රැස්වීම් භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් විසින් පිළිගනු ලැබිණ.

මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට එදා කටයුතු කළාක් මෙන් දේශීය හා විදේශීය බලවේග එක්ව නැවත රජයේ ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරි පරම්පරාවේ සුබසිද්ධිය ඉලක්කගතව ක්‍රියාවට නැංවෙයි. එබැවින් කුමන බාධක පැමිණිය ද අඛණ්ඩව පෙරට යන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආණ්ඩුවට විරුද්ධව පාරට බැස වර්ජන කරන අය ආණ්ඩුව දෙස නොව ජනතාව දෙස බැලිය යුතුය. රාජ්‍ය සේවකයන් රටත් ජනතාවත් වෙනුවෙන් සේවයට කැපවිය යුතු වේ. පිබිදෙමින් පවතින ආර්ථිකය ආරක්ෂා කරගැනීමට රට නොවසා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ඉඩ තැබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ජී.එල්. පීරිස්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන, කේ.පී.එස්. කුමාරසිරි යන අය උත්සව සභාව ඇමතූහ.

මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු, උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමා, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මැති ඇමතිවරු, නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

පොදුජන පෙරමුණේ තිස්ස කුට්ටිආරච්චි හොර බැංකුවක් !

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි නීත්‍යානුකූල නොවන ලෙස ජනතා මුදල් තැන්පත් කරගනිමින් බැංකුවක් පවත්වා‌ගෙන යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි චෝදනා කරයි.

පාර්ලිමේන්තුවේදී මේ පිළිබද අදහස් දක්වමින් විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ මෙය මුදල් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව පවත්වාගෙන යන එකක් බවයි.

ඊට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කර සිටියේ ඒ පිළිබදව සොයා බැලීමට පියවර ගන්නා බවය.

තිස්ස කුට්ටි ගේ ප්‍රතිචාරය !

කෙසේ වුවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසා සිටියේ , තමන් විසින් ව්‍යාජ බැංකු පද්ධතියක් පවත්වාගෙන යන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

 මෙරට බැංකු නීතිය පිළිබඳව හෝ සමුපකාර නීතිය පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා තමන්ට චෝදනා එල්ල කළ බවත් මේ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව ප්‍රකාශයක් කරන බවද හෙතෙම පවසා ඇත.

තමන් විසින් රැකියා විරහිත උසස් පෙළ සමතුන් සඳහා ප්‍රාග්ධන සමුපකාර සමිතියක් දිස්ත්‍රික් නවයක් ආවරණය වන පරිදි ආරම්භ කරන තිබෙන බව එහිදී පිළිගෙන ඇති තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙම සමුපකාර සමිතිය මහ බැංකුවේ ලියාපදිංචි කර ඇති බවත් තමන් දේශපාලන පැමිණි පසු අදාළ සමිතියෙ කිසිදු තනතුරක කටයුතු නොකළ බවත් පවසයි.

සජබ ගින්නට පිදුරු දයාන්ගෙන් : මහා බෙදීමක් අත ළඟ !

මහින්ද සුළඟ පළමු වේදිකාවේ කථිකයෙකු වූ ආචාර්ය දයාන් ජයතිලක කේන්ද්‍රීයව සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තරයේ දැවැන්ත ගැටුමක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට වසරේ සජබ පළමු කලමනාකරණ රැස්වීමේ දී ප්‍රධානම මාතෘකාව වූවේ දයාන් ජයතිලක බව හර්ෂ ද සිල්වා මීමැස්සෝ සමඟ සාකච්ඡාවේ දී පැවසුවේ මේ නිසාය.

වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව සජබ තුල සිදුවන සියළු සාකච්ඡා පැය කිහිපයකින් වෙබ් අඩවි සහ වට්ස්අප් ගෘෘප්වලට යන තත්ත්වයක් මතුවෙලා.

එකී දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් මේ තුළ සැකසංකා මතුකරන්නේ ආචාර්ය දයාන් ජයතිලක සම්බන්ධයෙන් ය.

දයාන් පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා පුවත්පත්වල ලිවීමට පටන් ගත් පසුව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් දැන් පක්ෂ රැස්වීම්වලට සහභාගි වන්නේ හෝ නිදහසේ අදහස් දක්වන්නේ හෝ නැති බවත් පැවසෙනවා.

ඒ තුළ ජනපති ප්‍රේමදාස සමයේ එජපය තුල ලලිත් ගාමිණී කේන්ද්‍රගතව බෙදීම හා සමාන කැරැල්ලක් සජබ හරහා හමා යමින් ඇත. එහි න්‍යයාචාර්යවරයා සජිත් ප්‍රේමදාස ගේ උපදේශක දයාන් ජයතිලක බව සජබ මන්ත්‍රීවරුන්ගේ වැඩිදුර අදහසයි.

දයාන් ජයතිලකගේ දේශපාලන ආගමනය !

ඊපීආර්එල්එෆ් සංවිධානයෙන් ක්‍රියාකාරී දේශපාලනය ඇරඹි දයාන්, ඊපීආර්එල්එෆ් සංවිධානය ප්‍රමුඛව හැදූ උතුරු නැගෙනහිර පළමු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු බවට පත් විය.

දයාන්ගේ පළමු නායක පද්මනාභ ඝතානය වූ අතර, මහ ඇමති වර්ධරාජා පෙරුමාල් ට ඉන්දියාවේ සරණාගත තත්වය ලබා ගැනීමට සිදු විය.

වර්ධරාජා ඊලම ප්‍රකාශ කරන්නේ දයාන්ගේ උපදේශයක් අනුවයි. දයාන් කලක් විජය කුමාරතුංග ගේද උපදේශකවරයා වෙලා හිටියා. පැරණි වාමාංශික දේශපාලන පක්ෂ සමඟ එකට හිටගන්නට විජයට අවශ්‍ය කතා කියා දුන්නේ දයාන්. එක්සත් සමාජවාදී පෙරමුණ බිහිකරන්නට පෙර විජය කුමාරතුංග ද ඝාතනයට ලක් වෙනවා.

ඊලඟට දයාන් ලංකර ගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති. ප්‍රේමදාස ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ට වැඩි බලයක් පාස්කරලිංගම්, පොලිස් අධිකාරි ලෝරන්ස්, කැසිනෝ ජෝ සිම් හා දයාන් ජයතිකට තිබුණ බව ඉතිහාසයේ සඳහන් තවත් ප්‍රසිද්ධ රහසක්.

රණසිංහ ප්‍රේමදාස ගේ අභාවයෙන් පස්සේ දයාන් ගියේ මහජන පක්ෂ නායක ඔසී අබේගුණසේකර ලඟට. ඔහු තොටලඟ බෝම්බයෙන් ඝාතනය වෙනවා.

පස්සේ, එජාප හිටපු මහ ලේකම්වරයකු වූ සිරිසේන කුරේ ගේ ප්‍රේමදාස කේන්ද්‍රයේ කාමරයකට ගිය දයාන් රනිල් වික්‍රමසිංහ විනාශ කිරීමේ කුමන්ත්‍රණයට එක් වෙනවා.

ටික කලක් නිහඩව සිටි දයාන්, ඊලඟට මහින්ද රාජපක්ෂ ට කිට්ටු වෙනවා. 2014 නොවැම්බර් උදේ වරුවේ මෛත්‍රීපාල සිරිසේන සමඟ සිටි දයාන්, සවස නැවත මහින්ද ලඟට ගිය අතර , යහපාලනය හිමිවීමෙන් පසුව නුගේගොඩ පැවති පළමු මහින්ද සුළඟ රැළියේ ප්‍රමුඛ කතිකයා වූවේ ද දයාන් .

නැවතත්, දයාන් උඩට ගේන්නේ එවකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ගේ උපදේශක වුනු ශිරාල් ලක්තිලක. ඒ =ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක දේශනයක් පැවැත්වීම සඳහා. පසුව දයාන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත සමීපව ශිරාල් සමග සීතල යුද්ධයක් අරඹනවා. මේ තත්ත්වය සමනය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඇඟ බේරගන්නේ දයාන්ව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කිරීමෙන්.

දයාන් ලංකර ගත් පත්මනාභ, වර්ධරාජා, විජය, ප්‍රේමදාස, ඔසී, සිරිසේන කුරේ දේශපාලනික ලෙස විනාශ වූ බව රහසක් නෙවෙයි.

ඒ ඉතිහාසය දන්න නිසා, දේශපාලන ඉවක් තිබූ මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන වැන්නන් දයාන්ව අතේ දුරින් තියා, කරදරයේ නොවැටී බේරුණා.

නායකයින්ගේ දුර්වල දුබලතාවයන් ස්පර්ශ කරන දයාන් ඒ හරහා තම සිතැඟි අනුව නායකයන් මෙහෙයවන බවත් ප්‍රසිද්ධ රහසක්.

ඉතිං සජබ පිපිරීම නියත තත්ත්වය නිර්මාණය වීමත් මේ ඉතිහාසය අනුව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

දයාන් ජයතිලක දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ගේ උපදේශක. පත්මනාභ-විජය-ප්‍රේමදාස-ඔසී-කුරේ ගේ දේශපාලනික අරාජිකත්වයෙන් මාවතට සජිත් රැගෙන යන්නට දයාන් ට කෙටි කලක දී ම හැකිවී තියෙනවා.

චම්පික, සරත් ෆොන්සේකා, හරීන්, හර්ෂ, තලතා, එරාන්, මනූෂ වැනි සජබ ක්‍රියාකාරීන්ට පමණක් නොව කබීර් හෂිම්, රාජිත වැනි දැවැන්තයින් දැන් රැස්වීමකට එන්නේ කලාතුරකින්.

කටක් අරින්නේ කේක් කන්න පමණයි. මේ දුරස්වීම හෙට දවසේ දේශපාලන පිපිරීමක් සජබ තුළ දැනට තහවුරු කර තිබෙනවා.

ප්‍රශ්නය වන්නේ , දැනට සමගි ජනබලවේගය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අති බහුතරයක් දන්න මේ කරුණ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක නොදැන සිටීමයි. ඒ නිසා එය ඔහුගේ දේශපාලන අවාසනාවක් වීම කොහෙත්ම විය නොහැක්කක් නොවන බව සජබ ජ්‍යෙෂ්ඨයන් රැසකගේ අදහස බවත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

පාස්කු ප්‍රහාරය ගැන රතුඉර : තවත් ඩ්‍රාමා එකක් ?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 07 ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ රතු ඉර දේශපාලන විවාදය , පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා ගෙනයන අරගලය මොටකළ රංගනයක්ද යන්න කෙරෙහි , සිවිල් සමාජ සංවිධාන ඇතුළු ක්‍රියාකාරීන්ගෙ අවධානය යොමුවෙලා.

විශේෂයෙන් වතිකානුවේ ශුද්ධ වූ අති උතුම් පාප් වහන්සේ පවා මේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන අරගලය සම්බන්ධයෙන් උනන්දුවෙන් සිටින පසුබිමක, සහ එළැඹෙන අප්‍රේල් 21 ජාත්‍යන්තර අවධානය ගනිමින් මේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට කටයුතු සූදානම් වෙමින් ඇති පසුබිමේ , පසුගිය 07 වෙනිදා විවාදය ඒ සියල්ල දියත්කර හැරීමේ ප්‍රයත්නයක් ද යන සැකය මේ පිරිස් මතුකරනවා.

වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මේ විවාදය සඳහා එක්වෙන්නේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර. විපක්ෂය පාර්ශ්වයෙන් මේ විවාදය සඳහා එක්වෙන්නේ, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යි.

මේ දෙන්නා මීට සූදානම් වෙලා තියෙන්නේ , කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ වෙනම කාමරයක් පවා වෙන්කර ගනිමින්.

ඉතිං මේ විවාදයට සූදානම් වෙන දෙදෙනාට අවශ්‍ය වැඩිදුර ලිපි ලේඛන ඇතුළු තර්ක , සාක්ෂි විශ්ලේෂණ ආදී තොරතුරු දෙන්න විවිධ පුද්ගලයන් ජයික් හිල්ටන් වෙත 7 වෙනිදා ඇවිත් තියෙනවා. විශේෂයෙන් සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර ඇතුළු පිරිසක් ඒ වෙත ගිහින් තියෙනවා.

හැබැයි ප්‍රශ්නය තියෙන්නේ පෙබරවාරි 07 වෙනිදා පස්වරු 12.30 ට විතර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ත් මේ ස්ථානයට ගිහින් තිබීම.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමති ගේ මේ හදිසි ජයික් හිල්ටන් පැමිණීමත්, ස්වර්ණවාහිනී රතුඉර සංවාදය පැවැත්වුණ ස්වරූපයත් විමර්ශනය කරමින් තමයි, පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් මැදිහත්වී සිටින පාර්ශ්ව, මේ 7 වෙනිදා විවාදය ඩ්‍රාමා එකක්ද කියලා ප්‍රශ්නය යොමුකරන්නේ .

ඔවුන් වැඩිදුරටත් කියන්නේ , මේක ප්‍රසිද්ධියේ විවාද කරන්න පුළුවන් කරුණක් නෙවෙයි. ආගමික සංස්ථාව, රාජ්‍ය රහස්, ජාතික ආරක්ෂාව , හමුදාව සහ පොලිසිය , බුද්ධි අංශ, දේශපාලනයේ ඉහළම තන්ත්‍රය , ඇතුළු සංකීර්ණ සාධක රැසක් හරහා යන්න වෙන යුක්තිය සොයන ගමනක්.

එවැනි තත්ත්වයක් යටතේ විපක්ෂය පාර්ලිමේන්තු වරප්‍රසාද පවා නොමැති ප්‍රසිද්ධ නාලිකාවක විවාදයක් සඳහා යනවා කියන්නේ , දැලිපිහියෙන් කිරි කෑමට වඩා අවධානම් වැඩක්.

ඉතිං විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට නිදහසේ තමන් දන්න දේවල් අනාවරණය කරන්න ඉඩක් එතන නැති බව දැන දැන මේ වගේ විවාදයක් සඳහා ගියේ මොකද කියලත් මේ පිරිස් ප්‍රශ්න කරනවා.

ඒ වගේම ඔවුන් කියන්නේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්න ගෙනියන සටන මේ වගේ ජනප්‍රිය විගඩම් නිසා අවුල් වෙනවා කියලා. මේ වෙනකොට මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ලබාගන්න සටන ජාත්‍යන්තර අවධානයක් දිනාගෙන තියෙන්නේ. ඒ පසුබිමේ විපක්ෂය නියෝජනය කරන , යම් දැනුම් තේරුමක් ඇති හරීන්ලා, මනූෂලාත් මේ දන්න කරුණු ටිකවත් ප්‍රසිද්ධියේ කියන්න බැරි , නාඩගම් මඩුවක, නාඩගම්කාරයන් වෙන්න යාමත් ප්‍රශ්නයක් බව ඔවුන් ප්‍රශ්න කරනවා.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනය කරන්න : මෛත්‍රී රටින් යයි !

දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුව ඇමතීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(08) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යන බව වාර්තා වෙයි.

මෙම සමුළුව දකුණු කොරියාවේ දී අනිද්දා (11) ආරම්භ වන අතර, එහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් බවත් වාර්තා වෙයි.

රටවල් 160ක පමණ නියෝජිතයන් සමුළුවට සහභාගි වන අතර , හිටපු ජනාධිපති මෙම සමුළුවට සහභාගි වන්නේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් ගේ ආරාධනයකට අනුවය .

අද, කොවිඩ් මරණ 36ක් : මුළු කොවිඩ් මරණ ගණන 15,692ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 36 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තා වී ඇත්තේ, පිරිමි ආසාදිතයින් 27 දෙනෙක් සහ කාන්තාවන් 09 දෙනෙකු ලෙසයි.

මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් තිදෙනෙකු ද වේ.

අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 08 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 25 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (09) වාර්තා කරන ලද මෙම මරණ 36 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

9 2

බොරැල්ල දෙව් මැදුරේ බෝම්බය : මුනිත් නිදහස් !

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි එම පල්ලියේ සන්ක්‍රිස්තියන්වරයා වූ සෙල්වදොරෙයි පැන්සිස් මුනින්ද්‍ර නොහොත් මුනි යන අය නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අද (09) නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවද මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දි ඇති බවත් වාර්තා වෙයි.

කබ්‍රාල් ජනාධිපතිවත් අන්දනවා - හර්ෂ

රටක මහ බැංකුවක් ස්වාධීන විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රටේ ඩොලර් ප්‍රශ්නයක් නැතැයි කියමින් දේශපාලකයෙකු මෙන් හැසිරෙමින් ජනතාව ඇන්දවීමට ගන්නා පහත් උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී , ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ අපිට ඩොලර් ප්‍රශ්නයක් නැතැයි මහ බැංකු අධිපතිවරයා කර තිබෙන ප්‍රකාශය වාර්තා කර තිබෙන පුවත්පත් වලම ඔහුට උපහාසයට මෙන් “වරායේ හිරවූ කන්ටේනර් මුදාගන්න ඩොලර් නෑ“, “ඩොලර් නැති නිසා සමහර බෙහෙත් ගේන්න විදිහක් නෑ“, “එදාවේල පිරිමහගන්න මහ බැංකුව රන් සංචිත විකුණයි“, වැනි ප්‍රවෘත්තිද වාර්තා කර තිබෙන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බවත් නොමැති නම් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

“නිවාඩ් කබ්රාල් අධිපතිවරයාගෙන් අපි අහනවා, මොනවද මේ කතා කරන්නේ? මේ පත්තරේ එක තැනක තියනවා අපිට ඩොලර් හිඟයක් නෑ කියල. අනිත් තැන තියනවා, බෙහෙත් ගේන්න ඩොලර් නෑ කියල. කාවද මේ අන්දන්න හදන්නේ? මේ ඇන්දිල්ලේ සීමාවක් තියනවා. තමන්ගේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය අන්දල, ප්‍රධාන විධායක නිළධාරියා විදිහට ඒ ආයතනය බංකොලොත් කරාට අපිට ප්‍රශ්නයක් නෑ. නමුත්, මේ අන්දන්න හදන්නේ මහජනතාව. මහජනතාව අන්දල බංකොලොත් කරන්න යන්නේ මේ රට. ඒකට ඉඩ දෙන්න බෑ.“

“අපි නැවතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා, මේ එක එක වන්දි භට්ටයෝ කියන ඒවා අහන්න එපා, ස්වාධීන ආර්ථික විශේෂඥයින්ගෙන් අහලා මේ ප්‍රශ්න විසඳන්න කියලා.“

පෙබරවාරි 09 වනදාට සහ පෙබරවාරි 17 වනදාට ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 250 ක පමණ ණය ගෙවීමට තිබෙන බවත් 2022 ජනවාරි මාසය අවසන් වනවිට මහ බැංකුව සතුව සැබෑ ලෙස තිබෙන්නේ ඩොලර් මිලියන 700 ක පමණ විදේශ සංචිතයක් පමණක් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

– media unit

මන්ත්‍රී රිෂාඩ්ට - බිරිඳට විදෙස්ගත වෙන්න අවසර

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීමට අද (09) අවසර ලබාදුන්නාය.

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සදහා තම සේවාදායකින් දෙදෙනා සූදානම්ව සිටින බැවින් ඒ සදහා ඔවුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබා දුන්නාය.

සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව........

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සෞඛ්‍ය වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බැවින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් , සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වූයේ, දෙවැනි දිනටයි.

ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ වැටුප් විෂමතා සහ උසස් වීම් පටිපාටිය නිවැරිදිව ක්‍රියාත්මක කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.

ඊට වෘත්තිය සමිති 17 ක සාමාජිකයෝ එක්ව සිටිති.

අද, කොවිඩ් මරණ 35ක් : මුළු කොවිඩ් මරණ ගණන 15,656ක් දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 35 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,656 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 28 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු සහ අවුරුදු 30ට අඩු දෙදෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 22 දෙනකු සහ කාන්තාවන් 13 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

බන්ධනාගාර දූෂණ මඩින්න අලුත් අංකයක් !

බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැනුම් දීමට බන්ධනාගාර රැඳවියන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇත.

එවැනි තොරතුරු 011 267 8600 දුකරථන අංකයට අමතා එම තොරතුරු ලබාදිය හැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම අංකය වෙත ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමට පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දූෂණ ක්‍රියා සහ සිරකරුවන්ට වධහිංසා කිරිම් සිදුකරන නිලධාරින් වැඩ තහනමට ලක්වූ පසු ඔවුන්ගේ විනය පරීක්ෂණ හෝ අධිකරණ කටයුතු අවසන් වන තෙක් නැවත සේවයේ පිහිටුවිම පිළිබඳව සලකා නොබැලීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පවසන්නේ එවැනි නිලධාරීන් තවදුරටත් සේවයේ තබා ගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යහපැවැත්මට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිලධාරින් සිදුකරන විශිෂ්ට සේවයට ද හානිකර වන බැවින් මේ තීරණයට එළැඹි බවයි.

එවැනි නිලධාරීන් වරදකරුවන් වන්නේ නම් සේවයෙන් පහ කිරීමට හෝ දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ද එහි සඳහන් ය.

මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සියලු අධිකාරිවරු වෙත දන්වා නිලධාරින් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

සජිත්ගෙන් බැසිල්ට ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයක් !

මුදල් අමාත්‍යවරයාගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ස්ථාවර නියෝග යටතේ අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිහිපයක්ම අසනු ලබීය.

ඒ මොහොතේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි දිගින් දිගටම මුදල් අමාත්‍යවරයා මන්ත‍්‍රීවරුනගේ ප‍්‍රශ්න මග හරිමින් සිටින්නේ යයි විපක්‍ෂයෙන් චෝදනාද එල්ල විය.

කෙසේ වෙතත් විපක්ෂ නායකයා වරයා විසින් සිය ප‍්‍රශ්න සභාව හමුවේ ඉදිරිපත් කලේය.

ඔහුගේ සම්පූර්ණ ප‍්‍රකාශය මෙසේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට බරපතල පසුබෑමකට ලක්ව ඇති බව සැමටම පෙනෙන්නට ඇති කරුණකි. මෙයට ප්‍රධානතම හා එකම හේතුව ලෙස ආණ්ඩුව සෑමවිටම පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයයි. මෙම ආර්ථිකය බිඳවැටීමේ බර හා පීඩාව බරපතල ලෙස දරා ගැනීමට සිදුව ඇත්තේ රටේ සාමාන්‍ය ජනතාවටය.

රටේ මූල්‍ය ස්වභාවයේ අසාමාන්‍ය වෙනස්වීම් හෝ අස්ථාවරත්වයන් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවධියෙන් සිට සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වගකිව යුතු ආයතන පිහිටුවා තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව අන් කිසිදු රටක් මුහුණ නොදුන් ආර්ථික අවපාතයකට අප රට මුහුණ දෙමින් සිටින්නේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු මුදල් අමාත්‍යවරයා, මුදල් මණ්ඩලය හා මහ බැංකුව තම කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීමේ හේතුව නිසාය.

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, මතුපිට උද්ධමනය 2021 ජනවාරි මාසයේ 3% සිට 2022 ජනවාරි මාසයේදී 14.2% දක්වා වර්ධනය විය. ආහාර උද්ධමනය 6.8% සිට 25% දක්වා වර්ධනය විය.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 64 (2) වගන්තිය යටතේ මුදල් සැපයුමේ ප්‍රමාණය පෙර වසරේ අදාළ මාසය අවසානයේ දී පැවති මට්ටමට වඩා සියයට පහළොවක (15%) වෙනසක් හෝ ජීවන වියදම් දර්ශකයේ සියයට දහයක (10%) වෙනසක් ඇත්නම්, මුදල් මණ්ඩලය විසින් මුදල් විෂයභාර අමාත්‍යවරයා වෙත, අවම වශයෙන් පහත සඳහන් කරුණු අන්තර්ගත, විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. මහජන යහපතට අගතියක් නොවන්නේ නම්, එය ප්‍රසිද්ධියට පත් කළ යුතුය. එම වාර්තාවේ;

 අපේක්ෂිත ආර්ථික කැළඹීම් හෝ මුදල් සැපයුමේ හෝ මිල මට්ටමේ අසාමාන්‍ය චලනයන්ට හේතු;
 අසාමාන්‍ය ආර්ථික චලනයන් නිසා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය, රැකියා හා සැබෑ ආදායම් මට්ටමට ඇතිවිය හැකි බලපෑම, හා
 මෙම වෙනස්වීම පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේ දී සිදු කළ යුතු යැයි නිර්දේශ කරන මුදල්, රාජ්‍ය මූල්‍ය හෝ පරිපාලනමය ක්‍රියාමාර්ග
ඇතුළත් විය යුතුයි. එසේනම්,

1) මුදල් මණ්ඩලය විසින් මෙම වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේද? එසේ නොමැති නම් 64(2) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් මෙම වාර්තාව ඉල්ලා තිබේද?

2) මුදල් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කර ඇත්නම්, මෙම මුදල් සැපයුමේ සහ මිල ගණන්වල ඉහළ යාම පාලනය කිරීම සඳහා මුදල් මණ්ඩලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

3) මෙම තත්ත්වය මඟහරවා ගැනීමට ඔවුන් විසින් රජයට සිදු කර ඇති නිර්දේශ මොනවාද?

4) විශේෂයෙන්ම ආහාර උද්ධමන වර්ධනය ද සමගින් උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතු වූ කරුණු මොනවාද?

5) මිළ ඉහළ යාම කෙරෙහි සංචිත මුදල් 37.5%කින් වර්ධනය වීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ රඳවාගෙන ඇති භාණ්ඩාගාර බිල්පත්වල ප්‍රමාණාත්මක වර්ධනය හේතු වී ඇත්තේ කෙසේ ද?

දළ නිල සංචිත 2019 අවසානයේ එ. ජ. ඩො. බිලි. 7.7 සිට 2020 අවසානයේ එ. ජ. ඩො. බිලි. 5.7 දක්වා ද 2021 නොවැම්බර් අවසානයේ එ. ජ. ඩො. බිලි. 1.6 දක්වා ද පහත වැටී ඇත. මෙම පහත වැටීම තුළ වසරක් ඇතුළත ආනයන ආවරණ හැකියාව මාස 4.2 සිට මාසයක් (1) දක්වා අඩු වීමක් පෙන්නුම් කරයි.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 68(1) වගන්තිය යටතේ ජාත්‍යන්තර ගෙවුම් ශේෂයේ බරපතල කඩා වැටීමකට හෝ එවන් තත්ත්වයන් ඇතිවිය හැකි බවට හෝ ඒ සඳහා විභවීය තර්ජනයක් ඇති බවට මුදල් මණ්ඩලය පුරෝකථනය කරයි නම්, එම තත්ත්වයන් පාලනය සඳහා ප්‍රතිපත්ති සකස් කොට ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන විශ්ලේෂණාත්මක වාර්තාවක් මුදල් විෂයභාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. එම වාර්තාවේ;

 ශ්‍රී ලංකා රුපියලේ ජාත්‍යන්තර ස්ථාවරත්වයට සිදුවිය හැකි තර්ජනයේ ස්වභාවය, හේතු හා විශාලත්වය, හා
 මණ්ඩලය විසින් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග හා රජය විසින් ක්‍රියාත්මක කල යුතු බවට නිර්දේශ කරන මූල්‍ය, රාජ්‍ය මූල්‍ය හෝ පරිපාලනමය ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතුයි.

එසේ නම්,

6) මුදල් මණ්ඩලය මෙම වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේද? එසේ නොමැති නම් 68(1) වගන්තිය යටතේ මුදල් ඇමැතිවරයා මෙම වාර්තාව ඉල්ලා තිබේද?

7) මුදල් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කර ඇත්නම්, මෙම විදේශ සංචිත අඩුවීම ආමන්ත්‍රණයට මුදල් මණ්ඩලය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

8) මෙම තත්ත්වය මඟහරවා ගැනීමට ඔවුන් රජයට නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග මොනවාද?

ශ්‍රී ලංකා රුපියලට එ.ජ.ඩො. විනිමය අනුපාතය 2020 සැප්තැම්බර් මාසයේ රු.185 සිට 2021 මැයි වන විට රු.200 දක්වා තියුණු ලෙස අවප්‍රමාණය විය. 2021 මැයි මාසයේ සිට සැප්තැම්බරයේ රු. 210 මට්ටමට එළැඹෙන තාක් සාපේක්ෂ වශයෙන් එය ස්ථාවර අගයක පැවතිණි. 2021 සැප්තැම්බර් මාසයේ සිට මහ බැංකුවේ මැදිහත්වීම මත රුපියල 203 අගයකට “ස්ථාවර” කර ඇත. කෙසේ වෙතත්, අද වනවිට කළුකඩ මිල රුපියල් 240ක් පමණ වේ.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 65 වැනි වගන්තිය යටතේ මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා රුපියලේ මුහුණත අගය පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය. එවැනි මුහුණත අගයක් තීරණය කර නොමැති අවස්ථාවක ජාත්‍යන්තර ගනුදෙනු සඳහා එහි නිදහස් භාවිතය සහතික කෙරෙන පරිදි වෙනත් මුදල් ඒකක සමග හුවමාරු වීමට රුපියලට අවකාශ සැලසිය යුතුය.

මේ වනවිට සංක්‍රමිණකයෝ තවදුරටත් සිය ඉපැයුම් රටේ නිල බැංකු හරහා ප්‍රේෂණය නොකරති. ඒ අනුව, නිල සංක්‍රමණික ප්‍රේෂණ 2021 ජූනි මාසයේ සිට පහත වැටෙන්නට විය. මෙය පසුගිය වසරට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ අගයකින් පහත වැටීමකි.

එසේනම්,

9) මුදල් මණ්ඩලය මගින් මුදල් නීති පනතේ 65 වැනි වගන්තිය උල්ලංඝනය කොට නොමැති බවට මුදල් ඇමැතිවරයා සෑහීමකට පත්ව සිටින්නේද?

10) පසුගිය වසරේ සිට මේ දක්වා සංක්‍රමණික ප්‍රේෂණ අඩුවීම සාධාරණීකරණය කිරීමට මුදල් අමාත්‍යවරයාට හැකිද? 

11) එසේ නොමැති නම්, මුදල් අමාත්‍යවරයා විසින් විනිමය විධිවිධාන සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා තිබේද?

සජිත් ප්‍රේමදාස (පා.ම.)
විපක්ෂ නායක

සෑම නිවසකටම මුදල් අච්චු ගහන යන්ත්‍රයක් ?

මුදල් අච්චු ගැසීම මගින් රටක් දියුණු කළ හැකි නම් සෑම නිවසකටම මුදල් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණය යන්ත‍්‍රයක් දිය යුතු බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් දැක්වීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘මුදල් අච්චු ගහලා රටක් දියුණු කරන්න පුළුවන් නම් හැම ගෙදරකම පි‍්‍රන්ටින් මැෂින් එකක් දුන්නනම් ඉවරයි. මුදල් අච්චු ගහන එක හැර රටේ නිෂ්පාදනය දියුණු කරන්න ආයෝජන වැඩි කරගන්න, භණ්ඩ හා සේවා සංවර්ධනය කරන්න කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක් අද ආණ්ඩුවට නැහැ.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් වූ දවසේ සිට මේ වන විට රුපියල් බිලියන 678 අච්චු ගහලා. ඒ නිසා උද්ධමන වේගය 14%ක් වෙලා’

පොල් මණ්ඩලේ සභාපති දුවද්දී දැවීයයි !

පොල් සංවර්ධන අධිකාරිය සභාපති තිලක් වීරසිංහට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

පොල් කිතුල් රා වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංග අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන විසින් මෙම දැනුම්දීම කර ඇති බවත් වාර්තා වෙයි.

ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පසුගිය පස්වැනිදා දන්වා යැවූ බවත් ඒ අනුව ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත එවනු ඇතැයි බලාපොරොත්තු වන බව ලේකම්වරයා පැවසූ බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවි වාර්තා කර ඇත.

ඊට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද දැනුම්දීමක් අනුව මෙසේ ඉල්ලා අස්වන ලෙස සභාපතිවරයාට දැනුම් දුන් බවත් ලේකම්වරයා පවසා ඇත.

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහර දීමේ සිද්ධියට රැගෙන ගිය වාහනය පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් වීම හේතුවෙන් එහි වගකීම ආයතන ප්‍රධානියා විසින් දැරිය යුතු බව බැවින් මෙම පියවර ගෙන ඇතැයි ද ලේකම්වරයා සඳහන් කර තිබේ.

එම සිදුවීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ පවත්වන බවද ලේකම්වරයා තව දුරටත් පවසා ඇත.

මෙම පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා රාගම වෛද්‍ය සිසුන්ට එල්ලකළ මැර ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට ගොස් මාධ්‍ය හමුවේද අසරණ විය. ඒ මාධ්‍යවේදීන් යොමුකළ තීරණාත්මක ප්‍රශ්න වලට පිළිතුරු නොදන්නා බව පැවසීම නිසාය.

බැසිල්ගෙන් සැර කැපිල්ලක් !

මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය ආයතන වල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත .

ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනටමත් යොමුකොට තිබේ .

අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇති ව්‍යාපෘති හැරුණු විට වෙනත් කිසිදු ව්‍යාපෘතියක් සඳහා මුදල් ඉල්ලීමෙන් වළකින්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම ඇමතිවරුන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත .

රාජ්‍ය වියදම් සීමා කරමින් ඉකුත් දෙසැම්බර් මස 21 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛය සහ ඉකුත් ජනවාරි මස 12 වැනි දා නිකුත් කරන ලද චක්‍රලේඛයේ සදහන් නියෝග දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත .

ඒකාබද්ධ අරමුදලින් ඉන්ධන දීමනා ලබන ඇමතිවරුන්ගේ ,මන්ත්‍රීවරුන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ ඉන්ධන වියදම් සීමා කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත.

ඊට අමතරව රාජ්‍ය ආයතනවල දුරකථන,විදුලිය වියදම් ආදී සියලු වියදම් දැඩිව සීමා කරන්නැයි ද මුදල් අමාත්‍යංශය දන්වා ඇත .

- lankadeepa

පොහොර ගෙනාවා නම් කෝටි 360 යි : දැන් වී වගා වන්දිය විතරක් කෝටි 400 යි !

ආණ්ඩුව ‌පොහොර ආනයනය තහනම් නොකොට පොහොර ගෙන ඒමට කටයුතු කළේ නම් ඒ සදහා වැය වන්නේ කෝටි 360ක් පමණක් බවත්, දැන් ආණ්ඩුවට වී වගාව සදහා පමණක් වන්දි වශයෙන් කෝටි 400කට අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් කෘෂි විද්‍යාඥ, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කෘෂිකර්ම කමිටු සභාපති මහාචාර්ය අරුණ කුමාර පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ අකෙුත් භෝගවලට පවා වන්දි දීමට සිදුවුවහොත් මෙම මුදල තවත් ඉහළ යා හැකි බවකි.

මූලාශ්‍රය - මව්රට

Page 370 of 463