වර්තමාන ලෝකයේ ජීවත් වන බළල් කුලයේ සත්ත්ව විශේෂ අතරින් එක් විශේෂයක් වන කොටියා (Panthera pardus) ආසියාවේ සමහර ප්‍රදේශවල සහ අප්‍රිකානු සහරා උප කලාපයේ පුළුල් පරාසයක දක්නට ලැබෙයි.
බළල් කුලයේ අනෙකුත් සාමාජිකයන් හා සසඳන විට, සාපේක්ෂව කොටින්ට දිගු ශරීරයක් සහ කෙටි කකුල් ඇත. ඔවුන්ගේ ඝන ලප (rosettes) සහිත ලොම් දක්නට ලැබෙයි. අර්ධ කාන්තාර ප්‍රදේශ, සැවානා, සමකාශ්‍රිත වනාන්තර, කඳුකර වනාන්තර, පතනශීලී වනාන්තර ඇතුළු විවිධ දේශගුණික තත්ත්වයන් සහිත විවිධ පරිසර වල මොවුන් ජීවත් වේ.
මොවුන් මෙම විශාල ප්‍රදේශයේ විවිධ සත්ත්ව ගහන ප්‍රමාණ වලින් ව්‍යාප්ත වී ඇත. එලෙස ව්‍යාප්තව ඇති ගහනයන්ගේ ශරීර වර්ණයන් සහ ඝන ලප (rosettes) වල ස්වරූපයන් එම පරිසරයන්ට අනූව අනුවර්තනය වී ඇත. අතීතයේ දී කොටින් උප විශේෂ විශාල සංඛ්‍යාවකට බෙදා ඇති අතර ඒවා වර්තමායේ දී රූපාණුදර්ශීව (phenotypically) හඳුනාගත හැකි සහ ජානමය වශයෙන් වෙනස් වූ උප විශේෂ නවයකට බෙදා ඇත.
1) ශ්‍රී ලංකානු කොටියා
SN: Panthera pardus kotiya
E: Sri Lankan Leopard
• ශ්‍රී ලංකාවට ආවේණික කොටින්ගේ උප විශේෂයකි. මොවුන්ගේ තද පැහැති හෝ දුඹුරු - කහ පැහැති ලොම්වල අඳුරු ලප (rosettes) පිහිටා ඇත. ශ්‍රී ලංකානු කොටියා ශුෂ්ක ලඳු කැලෑ, වැසි වනාන්තර, උස් කඳුකර වනාන්තර සහ වියළි සදාහරිත මෝසම් වනාන්තර ඇතුළු දිවයිනේ පුළුල් පරාසයක වාසස්ථාන වල ව්‍යාප්තව ඇත.

2) ජවානු කොටියා
SN: Panthera pardus melas
E: Javann leopard
• දැඩි තර්ජනයට ලක්ව ඇති ජවානු කොටියා ඉන්දුනීසියානු ජාවා දූපතට ආවේණික වේ. මොවුන්ගේ නිලීන රූපනුදර්ශ්‍යක් (recessive phenotype) හේතුවෙන් සම්පූර්ණයෙන්ම කළු හෝ සමාන්‍ය ලප සහිත ලෝම ඇත.

3) ඉන්දුචීන කොටියා
SN: Panthera pardus delacouri
E: Indochinese leopard
• ඉන්දුචීන කොටියා දකුණු චීනයට සහ අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමියට ආවේණික වේ. මොවුන් ක්‍රා ඉස්ත්මස් (Kra Isthmus) වලට දකුණින් ප්‍රධාන වශයෙන් කළු පැහැ ස්වරූපයක් සහ ඉස්ත්මස් (Isthmus) වලට උතුරින් ප්‍රධාන වශයෙන් පැල්ලම් සහිත ස්වරූපයක් පෙන්නුම් කරයි.
4) අමූර් කොටියා
SN: Panthera pardus orientalis
E: Amur leopard
• අමූර් කොටියා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ගිනිකොනදිග රුසියාව සහ ඊසානදිග චීනයේ ජීවත්වන උප විශේෂයකි. WWF දත්ත වලට අනුව,වර්තමායේ ජීවත් වන්නේ අමූර් කොටියන් 70 ක් පමණි. මෙම කොටින් ජීවත් වන ශීත දේශගුණය තුළ පැවැත්මට සුදුසු ඝන, පැල්ලම් සහිත ලෝම මගින් මෙම උප විශේෂය අනෙකුත් උප විශේෂවලට වඩා වෙනස් වේ.

5) උතුරු - චීන කොටියා
SN: Panthera pardus japonensis
E: North-Chinese leopard
• උතුරු-චීන කොටියා උතුරු චීනයට ආවේණික වේ. මොවුන් අමූර් කොටියාගේ ප්‍රමාණයට ආසන්නව සමාන වේ. ලෝම අඳුරු වන අතර තැඹිලි පැහැයෙන් යුක්ත වේ. ලප (rosettes) ද අඳුරු වන අතර වඩාත් සමීප පරතරයකින් යුක්ත වේ.

6) පර්සියානු කොටියා (කොකේසියානු කොටියා)
SN: Panthera pardus tulliana
E: Persian leopard
• පර්සියානු කොටියා යනු කොටියන්ගේ විශාලතම උප විශේෂය වන අතර එහි නිජබිම වන්නේ ටර්ක්මෙනිස්තානය, අසර්බයිජානය, ඉරානය සහ බටහිර ඇෆ්ගනිස්ථානය ආවරණය වන කොකේසස් කලාපයටයි (Caucasus region).
7) අරාබියානු කොටියා
SN: Panthera pardus nimr
E: Arabian leopard
• අරාබි අර්ධද්වීපය නිජබිම වන අරාබියානු කොටියා යනු දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උප විශේෂයකි. මොවුන්ගේ උප ගහණය සත්ත්වයින් 50කට අඩු ගණනකට සීමා වේ. මොවුන්ට ළා කහ සිට අඳුරු රන්වන් පැහැයක් දක්වා වෙනස් වන ලෝම වර්ණයක් ඇත.

8. ඉන්දියානු කොටියා
SN: Panthera pardus fusca
E: Indian leopard
• ඉන්දියානු කොටියා ඉන්දියානු උපමහාද්වීපයේ දක්නට ලැබෙන අතර අවදානමට ලක්විය හැකි උප විශේෂයක් ලෙස ලැයිස්තුගත කර ඇත. 2014 සමීක්ෂණයකින් ඉන්දියානු කොටියන් 12,000 ත් 14,000 ත් අතර සිටින බව සොයාගෙන ඇත.

9) අප්‍රිකානු කොටියා
SN: Panthera pardus pardus
E: African leopard
• අප්‍රිකානු කොටියා යනු අප්‍රිකානු මහාද්වීපයට ආවේණික උප විශේෂයකි. අප්‍රිකානු සහරා උප කලාපය පුරා බහුලව ව්‍යාප්ත වුවද, අප්‍රිකානු කොටියාගේ ඓතිහාසික පරාසය දැඩි ලෙස ඛණ්ඩනය වී ඇත. අප්‍රිකානු කොටියාගේ සමේ වර්ණය ළා කහ සිට කළු දක්වා අඳුරු රන්වන් හෝ ළා දුඹුරු දක්වා වෙනස් වේ.

Illustrations© by NATIONAL GEOGRAPHIC INFOGRAPHIC FROM THE DECEMBER 2015 MAGAZINE ISSUE

පරිසර සමාගම facebook පිටුවෙන්

