1937 නොවෙම්බර් 25 වැනි දින කෑගල්ලේ ප්‍රදේශයේ රන්දෙණිය ග්‍රාමයේ දී නන්දසේන සමරසිංහ නමින් උපත ලද මොහු කලා ලොව තුළ සේන සමරසිංහ නමින් ප්‍රකට විය.
සේන සමරසිංහ ජනප්‍රිය චිත්‍රපට නළුවකු වන බන්දු සමරසිංහ ගේ ද ඥාතියෙකු වෙයි. සිනමාකරුවකු ලෙස සේන සමරසිංහ, දේශීය සිනමාව ස්වර්ණමය යුගයක් කරා රැගෙන ඒමට කැපවී කටයුතු කළ අයෙකි.
ඔහු බණ්ඩාරවෙල ගුරුතලාව සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද අතර පාසල් සමයේ දී ක්‍රීඩා අංශයෙන් සුවිශේෂී දස්කම් පෙන්වමින් ඒම කටයුතු තුළ පාසලේ නායකත්ව ද දරමින් කීර්තිමත් ආකර්ෂණීය ශිෂ්‍යයෙකු වූයේ ය.
සිනමාවට පෙම් බැන්දේ ඇයි?
හෙතෙම සිනමාවට ප්‍රවිෂ්ට වීම අපූරු කතාවකි. බණ්ඩාරවෙල විසූ එවකට ජනප්‍රිය සිනමා නළුවෙකු වූ ආනන්ද ජයරත්න, පටාචාරා චිත්‍රපටයේ රඟන අයුරු ඔහුට දක්නට ලැබෙන්නේ එම රුපගත කිරීම තම පියාට අයිති වතුයායක පටිගත කළ නිසා ය. රූගතකිරීම් දෙස විමසිලිමත්ව සිටි ඔහුට එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක විමලනාත් දිසානායක චිත්‍රපටය මෙහෙයවන අයුරු දැඩි ආශාවකින් බලා සිටියේ ය. සිනමාව ගැන ඇල්මක් ඔහුගේ සිත තුළ ලියලන්නට පටන්ගත්තේ එම රුපගත කිරීම දැකීමෙන් අනතුැරුව ය. තවද, ව්‍යාපාරික පවුලකින් පැවත ආ ඔහුට සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු සිනමාව කෙරෙහි සිත් යොමුවීමට පිටිවහලක් වුයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ඔහුගේ මිතුරකු වීම හේතුවෙනි.
සදහටම ඔබ මගේ චිත්‍රපටය
සිනමාගමන අරඹයි
ඔහුගේ සිනමා ගමන් මගේ ආරම්භය ලෙස 1973 දී මිල්ටන් ජයවර්ධන සමග සදහටම ඔබ මගේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම දැක්විය හැකි ය. මෙම චිත්‍රපටයෙන් බන්දු සමරසිංහ විකට නළුවකු ලෙස ප්‍රේක්ෂක ජනතාව අතරට පැමිණියේ ය. එම සිනමා නිර්මාණය: ගාමිණී, මාලීනී, ජෝ අබේවික්‍රම, සෝනියා යනාදි සිනමාවේ ජනප්‍රිය නළුනිළියන් යොදා ගනිමින් විශිෂ්ට ලෙස නිර්මාණය කරන්නට සේන සමරසිංහ සමත් විය. එම චිත්‍රපටය තුළින් සිංහල සිනමාවට ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කරන තවත් විශිෂ්ට සංගීතවේදීයෙකු වන සරත් දසනායක හඳුන්වා දුන්නේ ද සේන සමරසිංහ ය. ඔහු සදහටම ඔබ මගේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසුව 1974 දී කස්තුරි සුවඳ චිත්‍රපටය තුළින් සිනමා අධ්‍යක්ෂකවරයෙකු බවට පත් විය. එය ද ජනප්‍රිය සිනමාව තුල වාර්තා පිහිටුවීමට සමත් වූ චිත්‍රපටයක් විය.
කස්තුරි සුවඳ චිත්‍රපටය
සේන සමරසිංහයන්ගේ සිනමා නිර්මාණ
1974 කස්තුරි සුවඳ, 1976 නිල්ල සොයා, 1978 ආශා දැසින්, 1980 මල් කැකුළු, 1981 චංචල රේඛා, 1983 ඇතින් ඇතට, 1986 යළි හමුවෙන්නයි, 1991 බඹර කලාපේ
විශේෂ සිදුවීම්
මිල්ටන් මල්ලවාරච්චි නිල්ල සොයා චිත්‍රපටයෙන් තිර කටහඬකට උචිත ගායකයකු ලෙස ස්ථාවර වීම
*සරත් දසනායක සදහටම ඔබ මගේ චිත්‍රපටය තුළින් සිනමා සංගීතයේ නව පිබිදීමක් ඇති කිරීම
*හරිස් ජයරත්න ඈතින් ඈතට චිත්‍රපටය තුළින් සිනමා නළුවකු ලෙස දොරට වැඩීම
*ශ්‍යාමී ෆොන්සේකා මල් කැකුළු තුලින් සිනමා ගිත ගායිකාවක් වීම
*ග්‍රේෂන් ආනන්ද මල් කැකුළු චිත්‍රපටයෙන් සිනමා ගීත ගායනයට පිවිසීම
*චන්ද්‍රලේඛා පෙරේරා යළි හමුවෙන්නයි චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසීම
තිර රචකයකු, ගීත රචකයකු නිෂ්පාදකවරයකු සහ චිත්‍රාගාර හිමිකරුවකු ලෙස...
සේන සමරසිංහ, සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම තිරනාටක රචකයෙකු ලෙස ද සිනමාවට සම්බන්ධ විය. බඹර කලාපේ ඔහුගේ තිරනාටකයකි, එමෙන් ම ගීත රචකයෙකු ලෙස ගීත කිහිපයක් ම රචනා කර ඇති එතුමා විජය කුමාරතුංග සමග චන්ද්‍රලේඛා ගැයූ 'මංගල නැකත' සහ 'සුදු දුව' හි ද නිෂ්පාදකවරයා ය.
හෙතෙම, සමරසිංහ චිත්‍රපට නමින් සිනමා චිත්‍රාගාරයක් ද පවත්වාගෙන ගිය අතර එයින් වෙනත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගේ චිත්‍රපට නිෂ්පාදන සඳහා කැමරා උපකරන ආදිය සැපයී ය. මෙලෙස සිනමා කර්මාන්තයට සුවිසල් සේවයක් ඉටු කළ සිනමාකරුවන් අතර සේන සමරසිංහ ද ප්‍රමුඛ ස්ථානයක් ලැබී ය. පසු කලෙක ඔහු ශ්‍රී ලංකා පකිස්තාන් හවුල් නිෂ්පාදන කිහිපයක් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් අධ්‍යක්ෂණය කළේ ය.
සදාකල් රැඳේවා – නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය, සිංහ පැටවු – සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය, දෝංකාරය, අයියා නගෝ, සාගර පෙරළිය, ඔක්කොම කපටියෝ එම සිනමා නිර්මාණ පෙළ යි.
නිල්ල සොයා චිත්‍රපටය
සිනමාවට සමු දීම
තම හැකියා විශිෂ්ට ලෙසත්, හරවත් සුන්දර නිර්මාණ ලෙසත් එළිදැක් වූ ඔහු සිනමාව පෝෂණය කරමින්, සිනමාශාලාවලට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරමින් චිත්‍රපට නිර්මාණය කළ ඔහු, බඹර කලාපය චිත්‍රපටයයෙන් පසු සිනමා අධ්‍යක්ෂණයට සමුදුන්නේ ය. ලද ජීවිතයෙන් එකඳු මොහොතක්වත් අපතේ නොහැර ඵලදායී මානවහිතවාදී සුවිශෝෂී ජීවිතයක් ගත කළ මෙතුමන් වර්තමානය වන විට සියලු කලාකටයුතු වලීන් ඇත්ව සිය ජිවිතයේ සැඳැ සමය තම දූ දරුවන් සමග සතුටින් ගත කරයි.
සේන සමරසිංහ සිංහල සිනමාවට කළ සේවය මෙතැකැයි කිව නොහැකි තරම් ය. සේන සමරසිංහ සිනමාකරුවාණෙනි, ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවායි හෘදයාංගමව ඉතා ගෞරවයෙන් යුතුව ප්‍රාර්ථනා කරමු.
සටහන – ව්‍යංගා සේනානායක
උපුටා ගැනීම සිනමා රූ සේයා face book පිටුවෙන්
ජායාරූපය - දයාන් විතාරණ (Dayan Witharana)

