ජනාධිපතිවරණයට පෙර එක් දිනයක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මුණ ගැසුණු මොහොතක ''බලය ගන්න හදිසි වෙන්න එපා. ටිකක් හදාරමු නේද...?'' යැයි තමා ඔහු ගෙන් විමසූ විට ''නෑ නෑ... මේ අර්බුද වෙලාව තමයි බලය ගන්න හොඳ ම අවස්ථාව,'' යැයි ඔහු පැවසූ බවත්, මේ වන විට ඔවුන් බලය ලබා ගෙන ඇති බවත්, එසේ නම් දැන් වැඩ කර පෙන්වන්නැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 1948 වසරේ සිට 1972 දක්වා සිදු කරමින් පැවතියේ සමාජයේ සියලු කොටස් නූතන පශ්චාත් යටත් විජිත රාජ්‍ය ක්‍රමයට අවශෝෂණය කර ගැනීමට උත්සාහ කිරීම බවයි.
1968 පමණ වන විට අධ්‍යාපන ක්‍රමය තුළ බොහෝ පිරිස් ඉදිරියට පැමිණියේ එම වැඩ පිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙස යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
