අප ගේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය පවතින්නේ ජනතාව සතුව වුව ද, එය පවරන්නේ ද ජනතාව වුව ද පසුගිය වසර 15ක පමණ සිට එය ජනතාවගෙන් බැහැරව පවත්නා සුවිහේෂී බලයක් බවට පත්ව ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නිදහසේ සිට සරත් එන්. සිල්වා යුගය දක්වා නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස පැවති බවයි.
ජනරජයක අධිකරණය යනු ජනතාවගේ අයිතියක් වුව ද ඔවුන්ට බලය ලබා දී ඇත්තේ දෙවියන් වහන්සේ බඳු තත්ත්වයක් ආරෝපණය වෙමින් පවතින බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
