Image

මැයි දිනයේ මුල් පිටපත අහිමි වූයේ කෙසේ ද...? - Ideas front වීඩියෝවක්

මැයි දිනයේ මුල් පිටපත අහිමි වූයේ කෙසේ ද...? - Ideas front වීඩියෝවක්

වසර සියයක් ඉක්මවා ගිය ද මෙතෙක් පැවති මැයි දින රැලි එහි අනන්‍යතාව රැකගෙන තිබුණ බවත්, මෙවර පැවතියේ මුල් පිටපත අහිමි වූ මැයි දින රැලි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් "Ideasfront" youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ මැයි දින සැමරුම ආරම්භ කළේ වාමාංශික පක්ෂ වුව ද පසුව එය දක්ෂිණාංශික පක්ෂ ද සැමරීම ඇරඹූ බවයි. එහි ආරම්භකයා ලෙස ජේ. ආර්. ජයවර්ධන සැලකිය හැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න