ජනප්‍රිය සංස්කෘතිය පළමුවෙන් පැමිණියේ කලාව තුළින් බවත්, එය මහජනයා තුළින් පැමිණි ජනප්‍රියතාවක් බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය. නමුත් පසු කලෙක මෙය නිෂ්පාදනය කිරීමට හැකි භාණ්ඩයක් බවට පත් වූවා යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් "Ideas Front" youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ මැතිවරණ ඉතිහාසය පුරා ම දේශපාලනය සදහා පුද්ගලයින් තෝරා ගැනුණේ ඒ ඒ පක්ෂයේ ජනප්‍රියතාව අනුව බවත්, එය වෙනස් වී සෝෂල් මීඩියා වෙත මාරු වූයේ ගෝඨාභය රාජපක්ෂ ආගමනයත් සමග බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
