ඔවුන් පුන පුනා කියන්නේ අනෙකුත් සියලු ආගම් මේ වන විට අසාර්ථක වී ඇති බැවින් නුවණැති සියල්ලෝ ඔවුන් දෙදෙනා අනුගමනය කළ යුතු බව ය.
රාජ්‍යයෙන් ආගම වෙන් කිරීම යනු අතාර්කික ප්‍රකාශයක්
රාජ්‍යයෙන් ආගම ඉවත් කළ විට වෙන දෙය අටමස්ථානාධිපති සිද්ධියෙන් විශේෂයෙන් පෙනේ. භික්ෂුව වැරදිකරු වුණත් නැතත් සමස්ත සිද්ධිය ලක් සමාජයේ පරිහානීය යථාර්ථය යි.
ආගම යනු ඕනෑම සමාජයක පැවැත්ම පිණිස පනවා ගන්නා පොදු එකඟතාවයකි. ගිවිසුමකි. ව්‍යවස්ථාවකි. ඒ සඳහා සනාතන ධර්මය හෝ බුද්ධ ධර්මය හෝ ක්‍රිස්තු ධර්මය හෝ ඉස්ලාම් ධර්මය හෝ රෝම ලන්දේසි නීති ධර්මය හෝ ඕනෑම ධර්මයක් තෝරා ගත හැකි ය. නාමකරණය සහ ප්‍රවර්ගය කුමක් වුවත් ව්‍යවස්ථාව යනු එක ම අදහසකි. රාජ්‍යය යනු ම ආගමික හෙවත් ව්‍යවස්ථායික නිර්මිතයකි. ආගමක් නොමැතිව රාජ්‍යයක් නොමැත. එහෙයින් රාජ්‍යයෙන් ආගම වෙන් කිරීම යනු අතාර්කික ප්‍රකාශයකි.
අරගලය සැමරීම මැයි 09 තෝරා ගැනීමේ අවිඥානකත්වය
“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” යන අදහස පරස්පර වන්නේ එබැවිනි. ජනතාව යනු ව්‍යවස්ථාපිත නිර්මිතයක් පමණී. ව්‍යවස්ථාව නොමැතිව ජනතාවක් නොමැත. මිනීමරු අරගලකරුවන් ඊයේ මැයි 9 වැනිදා සතුට සැමරුවේ ඇයිද යන්න මෙයින් පැහැදිලි කළ හැකි ය. අරගලයේ ප්‍රකාශිත අරමුණ වූයේ ගෝඨාභය ගෙදර යැවීම ය. එය සිදු වූයේ මැයි 9 වැනි දා නොවේ. ඊනියා අරගලයේ සැමරීම හරි නම් විය යුතු වන්නේ ජූලි 9 වැනි දා ය. නමුත් ඔවුන්ගේ සැමරීම සඳහා මැයි 9 තෝරා ගැනීම අවිඥාණක ය. එය හරියට 83 කළු ජූලිය දවසේ මොරටුවේ පෙට්ටි කඩයක් කළ දෙමළ මුදලාලිට පහර දී මංකොල්ල කෑ නිර්මාල් දේවසිරි විසින් වසරක් පාසා එම සාහසිකත්වය සැමරීම වැනි ක්‍රියාවකි. 2022 ජූලි 9වැනි දායින් පසුව ලංකාවේ බුද්ධාගම විසින් එතෙක් පවත්වා ගනු ලැබූ රාජ්‍යය අවසන් විය. ඕමල්පේ සෝභිතයාගේ පණු කටින් වුවත් කියවුණේ එම සත්‍යය යි. එයින් පසුව රජය විසින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම හෝ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම හෝ වන්නේ නැත. එබැවින් අටමස්ථානාධිපති තබා මහානායකලා වුවත් මොනවා කළත් නොකළත්, ඔවුන් අත්අඩංගුවට ගෙන මොනවා කළත් නොකළත් අපට දැන් පයිසෙක වෙනසක් නැත.
දීප්ති සහ විපුල කර ගැසූ කරුමය
භික්ෂුව යනු තවදුරටත් සමාජයේ යහපැවැත්මට වගකිව යුතු පිරිසක් නොවේ. සියලු භික්ෂූන් මේ යථාර්ථය පිළිගත යුතු ය. ඔබලා ට තවදුරටත් රැකීමට රාජ්‍යයක් නැත. ඉතිහාසය විසින් ඔබලා මත පනවා තිබූ වගකීම අවසන් වී දැන් සිව් වසරක් ගෙවී ගොස් තිබේ. එම භාරය අවසන් වීම පිළිබඳව අප සතුටු විය යුතු ය. දැන් ඒ කරුමයට කර ගැසීම සඳහා ඉදිරිපත් වී සිටින්නේ දීප්ති සහ විපුල ය. කොකිස් බැදීම වෙනුවට ඔවුන් අලුත් ආගමක් යෝජනා කරමින් සිටී. ඔවුන් හදන්නේ ලංකාවේ ඉන්න නූගත් මෝඩ අඩු කුලේ විකෘති කාම පරපීඩක අශීලාචාර මිනීමරු යක්ෂයන්ට ඔවුන් ගේ ආගම උගන්වා ඒ මත රාජ්‍යයක් හදන්නට ය. පිස්සු කොල්ලො දෙන්නෙක්.
ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
