ලංකාවේ දේශපාලනය ඇරඹි දා සිට පැවතියේ තට්ටුමාරු ක්‍රමයක් බවත්, එය හිස නැති කවන්ධයක් ලෙස කටයුතු කළ ද යම් ආකාරයකට හෝ වෙසකට බඳුන් වූයේ 2022 වසරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසුව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ මෙතෙක් රට පාලනය කළ හෝ කරන කිසිවකු ශුද්ධවන්තයින් නොවන අතර ඒ සියලු දෙනා ගේ ම අල්මාරිවල ඇටකටු ඇති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
