මහජන ඡන්දයෙන් සමාජය වෙනස් කළ නොහැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් "Ideas Front" Youtube
නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඔහු මේ පිළිබඳව වැඩි දුරටත් පැහැදිලි කරමින් පැවසුවේ ලංකාවේ ආර්ථිකය මෙහෙයවනු ලබන්නේ ධන කුවේරයින් දස දෙනකු විසින් බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇමරිකාව දීර්ඝ කාලයක් තිස්සේ සිය පාලන ක්‍රමය පවත්වාගෙන යන්නේ රටෙහි අවම ආදායම් ලබන 50%ක් වූ ජනතාවට අනික් රවලට වඩා හොඳ ජීවන තත්ත්වයක් උදා කර දීම හේතුවෙන් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
