Image

වර්ගවාදය, ජාතිවාදය හෝ ආගම්වාදය පෙරටු කර ගතහොත් සිදුවන්නේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

වර්ගවාදය, ජාතිවාදය හෝ ආගම්වාදය පෙරටු කර ගතහොත් සිදුවන්නේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

කිසියම් රටක දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම්: වර්ගවාදය, ජාතිවාදය හෝ ආගම්වාදය පෙරටු කරගෙන දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන්නේ නම්, එම රටවල ඉරණම අවසානයේ නතරවන්නේ: සිරියාව, ඇෆ්ලනිස්තානය, ලිබියාව, සුඩානය යනාදි රටවල් නතර වී ඇති ස්ථානයේ ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් "Ideas Front" Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වූ පසු තනි රටක් ලෙස මෙතරම් දියුණු වූයේ එරට වෙසෙන ප්‍රධාන ජනවර්ග තුන වන: මැලේ, චීන සහ දෙමළ එක මිටට, එකා වන්ව කටයුතු කළ බැවින් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න