තමන් ඇතුළු කණ්ඩායම නිරන්තරයෙන් ම ජනතාවට එකඟ නොවී ජනතාව ගේ අදහස්වලට අභියෝග කරන්නේ ඇයි දැයි ජනතාව වටහාගත යුතුව ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් "Ideas Front" youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
තමන් ප්‍රමුඛ කණ්ඩායම ජනතාව ගේ අගති විවේචනය කළ ද ලංකාවේ බහුතරයක් බූ ප්‍රධාන දේශපාලන පක්ෂ ජනතාවගේ අගතී විවේචනය නොකර ඔවුන් සමග අනන්‍ය වන්නේ ඇයි ද යන්නත් ජනතාව කල්පනා කළ යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මහා බැංකු අධිපති යනු ද ජනතාව ගේ සේවකයකු බවත්, ඔහු නියෝජනය කරන්නේ ජනතාව ගේ විධායක බලය බවත්, ඒබැවින් ඔහු ජනතාව ගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට බැඳී සිටින්නේ යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
