ආසියානු ඔරු පැදීමේ කාන්තා කනිෂ්ඨ අංශයේ රන්පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු ඔරු පැදීමේ කාන්තා කනිෂ්ඨ අංශයේ රන්පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු ඔරු පැදීමේ සංගමය මගින් සංවිධානය කළ 2025 ආසියානු ඔරු පැදීමේ තරගාවලිය චීනයේ ෂැන්ගාරෝ නගරයේ ඔක්තෝම්බර් 30 සිට නොවැම්බර් 01 දක්වා පැවති අතර එහි දී ශ්‍රී ලංකාවේ කාන්තා කනිෂ්ඨ අංශයේ Quadruple Sculls ඉසව්වේ රන්පදක්කම දිනා ගැනීමට හවිෂාක් පෙරේරා (British School කොළඹ) , වෙත්මි වීරරත්න (විශාකා විද්‍යාලය - කොළඹ ), ඉමන්දි මාවත්තේ (විශාකා විද්‍යාලය - කොළඹ), මිනෝලි යටිගම්මන (විශාකා විද්‍යාලය - කොළඹ) ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මීට අමතරව Double Sculls ඉසව්වේ රන්පදක්කම සහ රිදී පදක්කම දිනාගැනීමට සමත් වීම විෂේශත්වයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිර්මාල් ගුණරත්න සහභාගී විය.

(සටහන - සමීර මදුසංක හේවා ගමගේ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න