නොවැම්බර් මස 05 වැනිදා සිට 09 වැනිදා දක්වා ඉන්දියාවේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගනයේ පැවති 23 වැනි ආසියානු ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 35-40 ඛාණ්ඩයෙන් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හිටපු ධාවන ශූරී ශර්මිලා ශිවන්ති ජතිලක සමත් වූවාය.
මෙම තරගාවලියේ දී ඇය මීටර 100 × 4 සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවක ලෙස රන් පදක්කමක්, මීටර 200 තරගයේ රිදී පදක්කම සහ මීටර 100 තරගයේ ලෝකඩ පදක්කම හිමි කරගත්තාය.
ශිවන්ති 15 වසරක් යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය මළල ක්‍රීඩා ජාතික ශූරියකි. යුද හමුදාව නියෝජනය කරමින් මීටර් 100 සහ 200 ඉසවුවලට තරග වැද පුරා වසර 06ක් ශ්‍රී ලංකා ජාතික ශූරිය ලෙස කිරුළු පැළඳ සිටි ක්‍රිඩිකාවකි.
එමෙන්ම යුද හමුදාවේ පුරා වසර 09ක් අඛණ්ඩව මීටර් 100 සහ 200 ඉසව්වල ශූරතාවය දිනා ගත්තී ඇය ය.
ඇය ගැන විශේෂ අවධානය යොමු වන්නේ වර්ෂ 2014 දී සුසන්තිකා ජයසිංහ විසින් මීටර 100 ඉසව්ව සඳහා තබා තිබූ යුද හමුදා වාර්තාව බිඳ දැමීමත් සමගය. ඇය සාෆ් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභිනියක ලෙස ද ඉතිහාසගත වී ඇත.
ආසියානු ප්‍රවීනයින්ගේ ක්‍රීඩා උළෙලට පෙර දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ ක්‍රීඩා උළෙලට සහභාගීවන ශිවන්ති මීටර් සියය, දෙසීය, හාරසීය සහ මීටර් සියය සහාය දිවීම, මීටර දෙසීය සහාය දිවීම ඉසවුවල රන් පදක්කම් දිනා ගත්තාය.
මේ වනවිට ඇය ජාත්‍යාන්තර පදක්කම් 12ක් දිනාගෙන සිටින්නීය.
(lankasara)

