ශ්‍රී ලංකාවේ ධනුෂ්ක මත්තේඕ පැය 25 ක විශිෂ්ඨ ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB World Series Race එක අවසන් කිරීමට සමත්විය.
යුරෝපයේ ඇති දිගම සානුව වන ඉතාලියේ Puglia ප්‍රදේශයේ ඇති Puglia by (UTMB world Series race) තරගයේ සමස්ථ දුර කිලෝමීටර් 146KM 3,749m+ elevation gain තරග ඉසව්වට වයස අවුරුදු 20-34 කාණ්ඩයෙන් මෙවර ධනුෂ්ක මත්තේඕ සහබාගී විය.
මෙම තරගය සදහා තරගකරුවන් 260 සහබාගී වු අතර එම තරග ඉසව්ව ධනුෂ්ක පැය 25.විනාඩ් 29 තත්ත්පර 39 කාලයක් ගතකරමින් 122 වැනි ස්තානයට තරගය අවසන් කිරීමට සමත් විය. මෙම තරගයේ සමස්ථ තරග කරුවන් අතරින් 46% තරගය අවසන් කිරීමට නොහැකි වීම විශේෂයත්වයකි. මෙම තරගය අවසන් කල සියළු දෙනා සදහා Finisher medal ලබා දීමක් ද සිදුවිය.
(සමීර මදුසංක හේවා ගමගේ)
සබැඳි පුවත් :
ශ්‍රී ලංකාවේ ධනුෂ්ක මත්තේඕ Trail ultra Marathon තරගයක විශිෂ්ඨ දක්ශතා අතරට


