පසුගිය නොවැම්බර් මස 02 සිට 15 දක්වා යුරෝපයේ පැවති ජාත්‍යන්තර ටේබල් ටෙනිස් සංගමය (ITTF) මගින් සංවිධානය කරන ලද කනිෂ්ඨ අංශයේ ශ්‍රේණිගත කිරීම් තරග තුනකට සහබාගී වීමට ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබන තාවී සමරවීරට අවස්ථාව හිමි විය.
එම තරගයේ පළමු තරගය ස්ලෝවැකියාවල දී ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. එහි දෙවන තරගය ඉතාලිවල දී රන්පදක්කම දිනා ගැනීමට සමත් විය .
පෝලන්ඩ්වලට පැවති තෙවැනි තරගයේ දී අවසන් පූර්ව තරගයේ 3-1 ලෙස ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවැනියා පරාජය කිරීමට හැකිවීම විශේෂත්වයකි.
පුංචි තාවි සමරවීරගේ මීළඟ බලාපොරොත්තුව ලබන වසරේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබාගැනීම ය.
තාවී සමරවීරගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මොහුගේ පියා වන හසිත සමරවීර වීම සුවිශේෂීම කාරණයකි.
(සටහන - සමීර මදුසංක හේවා ගමගේ)

