පාපන්දු නායකයාගෙන් කප්පම් ගත් දකුණු කොරියානු චිංචිමානවිකාවක් සිව් වසරකට ඇතුළේ

පාපන්දු නායකයාගෙන් කප්පම් ගත් දකුණු කොරියානු චිංචිමානවිකාවක් සිව් වසරකට ඇතුළේ

දකුණු කොරියාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සහ ප්‍රධාන පෙළ ලීග් ක්‍රීඩක සොන් හියුන්ග්-මින්ගෙන් ගැබ් ගත් බව පවසා කප්පම් ගත් දකුණු කොරියානු කාන්තාවකට, එම චෝදනා මත අද (08) සිව් වසරක සිර දඬුවම් නියම වූ බව, යොන්හැප් (Yonhap) ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

යැඞ් යන වාසගමින් යුත් 20 හැවිරිදි එම කාන්තාව, සිය ගර්භනී භාවය ප්‍රසිද්ධියෙන් වසන් කිරීම පිණිස ජාතික කණ්ඩායමේ නායකයා වෙතින් වොන් මිලියන 300ක (ඇමෙරිකානු ඩොලර් 205,000) කප්පමක් ලබා යළි, තවත් වොන් මිලියන 70ක් ඉල්ලා තර්ජනය කර තිබිණි.

ඇය හා කුමන්ත්‍රණයේ යෙදුණු 40 හැවිරිදි පුද්ගලයකුට ද ඒ සම්බන්ධයෙන් දෙවසරක සිර දඬුවම් නියම විය.

සියොල් නුවර මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය මගින් එම දඬුවම් පැනවිණි.

ජාතික කණ්ඩායමේ නායකයාගේ කීර්ති නාමය පළුදු කිරීමේ අරමුණින් එම වංචනික අපරාධය සිදු කිරීම පිණිස කටයුතු කිරීම හා එමගින් ඔහුගේ මානසික ඒකාග්‍රතාව බිඳ දැමීමට උතසාහ කිරීම සම්බන්ධයෙන් ඇය වරදකාරිය වූවාය. සිය දරුවාගේ පිතෘත්වය සම්බන්ධයෙන් කිසිදු තහවුරු කිරීමක් ඇය විසින් සිදු කර නැතැයි ද, අධිකරණයේදී කරුණු හෙළි විය.

ජාතික කණ්ඩායමේ නායකයා මීට පෙර විත්තිකාර කාන්තාව දැන හඳුනන බවත්, ව්‍යාජව ගෙතූ කරුණු මත ඇය විසින් එම කප්පම ඉල්ලා ඇති බවත්, ඔහුගේ නීතිඥ සමාගම මීට පෙර ප්‍රකාශ කළ බව, දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න