ඉන්දික ගමගේ ඩුබායි මැරතන් මිශ්‍ර තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගනී

ඉන්දික ගමගේ ඩුබායි මැරතන් මිශ්‍ර තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී ADNOC මැරතන් තරගය පසුගිය දා පැවැත්වුණි. එහිදී මිශ්‍ර ඉසව් අංශය සඳහා කණ්ඩායම් 98 ක් තරග වැදුණු අතර එම තරගයේ දී ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේ රිදී පදක්කම දිනා ගැනීමට සහ එහි සමස්ත තරගාවලියේ ම කණ්ඩායම් 271 අතරින් දහවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වීම විෂේශත්වයකි.

මෙහි සමස්ත දුර කිලෝමීටර් 42KM සමන්විත විය. ඒ සඳහා පැය 03: වි 09: තත්ත්පර 29 කාලයක් ගත විය. මෙම තරගාවලිය පිරිමි අංශය, කාන්තා අංශය සහ මිශ්‍ර තරග අංශය යන කාණ්ඩ තුනකින් සමන්විත වූ අතර මෙම තරගාවලිය සදහා 42KM , 10KM , 5KM, 2KM යන ඉසව් පැවතුනි.

වාර්ශිකව පැවැත්වෙන මෙම තරගාවලි මෙවර සංවිධානය කරන ලද්දේ අබුඩාබි ක්‍රීඩා සංගමය සහ ADNOC ආයතනය මගිනි. මේ සඳහා රටවල් 80ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37000කට අධික සංඛ්‍යාවක් සහබාගී වූහ.

(සටහන -සමීර මදුසංක හේවා ගමගේ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න